විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාව අනුප්‍රාප්තික ජනාධිපති ධූරය සඳහා යෝජනා කිරීමට සමගි ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායම ඒකමතිකව යෝජනා ස්ථිර කර ගත්තේය.
මේ පිළිබඳව යෝජනාව පක්ෂයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා විසින් ගෙන ආ අතර ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා එය ස්ථිර කළේය.
අද සවස පැවැති සමගි ජන බලවේගයේ සහ සමගි ජන සන්ධානයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී මෙම තීන්දුව ගෙන ඇත.
ඊට රවුෆ් හකීම්, රිෂාඩ් බදුර්දීන්, පී. දිගම්බරම්, මනෝ ගනේෂන් ඇතුලු සියලුම පක්ෂ නායකයන් සහභාගී වී ඇති බව වාර්තා වේ.













