• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අපේක්ෂාවේ අපේක්ෂාව…! Sri Lanka Latest News

October 11, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
තුනක් ඉවරයි! මහරගම දැන් දුවන්නෙ දෙකෙන්! ඇමැතිතුමනි ඉක්මනට බලන්න! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අපේක්ෂා රෝහල. ඇස් අස්සේ අපේක්ෂා තැවරිච්ච ලක්ෂ ගණනක් මිනිස්සු ජීවිතය වෙනුවෙන් බලාගෙන ඉන්න තැනක්. අපේක්ෂා රෝහල හිස් වෙනවා නම්, අපේක්ෂා රෝහල වහලා දාන්න වෙනවා නම්, අපේක්ෂා රෝහල තවදුරටත් මේ රටට අවශ්‍ය නැති වෙනවා නම්, ඒක තමයි අපේ හීනය වෙන්න ඕනේ. අපේක්ෂා රෝහලට පහසුකම් අවශ්‍ය නැති වෙනවා නම්, දැන් අපේක්ෂා රෝහලට අවශ්‍ය යන්ත්‍ර පාවිච්චි කරන්න වෙන්නේ නෑ කියන්න පුළුවන් නම්, ඒක තමයි අපේ හීනය. අපේක්ෂා රෝහල වටේ තියෙන පහසුකම් සලසන ආයතන හැම එකක්ම වහලා දාන්න පුළුවන් නම්, ඒක තමයි අපේ බලාපොරොත්තුව.Sri Lanka Latest News

පන්සලක, පල්ලියක, වෙනත් ස්ථානයක නතර වෙලා ප්‍රතිකාර සඳහා යන රෝගීන් දහස් ගණනක් ඉන්නවා. ඒගොල්ලෝ නැතිවෙලා, එහෙම අයට එන්න වෙන්නේ නැතිව, දැන් අපේ පන්සලේ නතර වෙන්න ලෙඩ්ඩු එන්නේ නැහැ, අපේ පල්ලියේ නතර වෙන ලෙඩ්ඩු එන්නේ නැහැ, අපේ ආයතනයට දැන් තවදුරටත් ලෙඩ්ඩු නැහැ, ඒ නිසා අපිට දැන් තවදුරටත් පහසුකම් අවශ්‍ය නැහැ කියලා කවුරු හරි කෙනෙක් අපිට කියනවා නම්, ඒක තමයි අපි බලාපොරොත්තු වෙන හොඳම ප්‍රවෘත්තිය. ඒත් අවාසනාවකට එහෙම ප්‍රවෘත්තියක් අහන්න අපිට තව සෑහෙන කාලෙකට බැරි වේවි. සමහර විට මේක ටිකක් ප්‍රවෘත්තියක් විදිහට වෙනස් වෙන, එහෙම නැත්නම් මේ තත්ත්වය වැඩිවෙන ලක්ෂණයක් තමයි අපිට දකින්න ලැබෙන්නේ.

ඇත්තටම අපි කන කෑම බීම එක්ක, අපේ ඇවතුම් පැවතුම් එක්ක, අපේ ජීවිතවල තියෙන රටාවත් එක්ක පිළිකා රෝගීන් බහුල වෙලා. රුසියාව පිළිකා සඳහා එන්නතක් හෝ බෙහෙතක් නිර්මාණය කළ බව අපිට අහන්න ලැබුණා. ඒ බෙහෙත තාම ලංකාවේ නැහැ. ඒ වගේම කොළඹ විශ්වවිද්‍යාලය පිළිකා සෛල විනාශ කළ හැකි යම්කිසි දෙයක් නිෂ්පාදනය කළ බව අපි දැක්කා. මේවායේ සත්‍ය අසත්‍යතාව හෝ ඒවායේ තියෙන ප්‍රයෝජනවත්භාවය පිළිබඳ අපි ප්‍රශ්න කරන්න හදනවා නෙමෙයි. නමුත් මේ වෙනකොටත් ලංකාවේ පිළිකා රෝගීන් විශාල ප්‍රමාණයක් වාර්තා වෙමින් තියෙනවා. මේ විදිහට පිළිකා රෝගීන් වාර්තා වෙන අතරතුරේ, ඒ රෝගීන් සඳහා අවශ්‍ය කරන ප්‍රතිකාර ලබාදෙන්නට පිළිකා රෝහල නිරන්තර වශයෙන්ම සැදීපැහැදී ඉන්නවා. අපි ඒකට කියන්නේ අපේක්ෂා රෝහල කියලා.

අපේක්ෂා රෝහල තුළ, අපේක්ෂා රෝහල් විහාරස්ථානය කියලා එකක් තියෙනවා ඔබ දැකලා ඇති. අපේක්ෂා රෝහල් විහාරස්ථානය මීට වසර ගණනකට පෙර පිහිටුවන ලද ආයතනයක්. මේ ආයතනයේ වැඩවාසය කරන භික්ෂුන් වහන්සේලා, අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබන රෝගීන්ට සහ රෝගී සත්කාර කරන අයට උදව් උපකාර කරනවා. මේ රෝහල පිහිටුවලා තියෙන්නේ 1982දී කියලා තමයි අපිට දැනගන්න ලැබුණේ. අපේක්ෂා රෝහල් විහාරස්ථානය මේ ස්ථානයේ ස්ථාපනය කරලා මේ වෙනකොට වැඩකටයුතු කරමින් යන්නේ පූජ්‍ය හේනේගම ධම්මාධාර නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ යටතේ. පූජ්‍ය ඇල්පිටියේ අතුලධම්ම හිමිත් එහි වැඩවාසය කරන භික්ෂුන් වහන්සේ නමක්.
මේ වෙනකොට ලංකාවේ සියලු දෙසින් පැමිණෙන රෝගීන් සඳහා කිසිම මුදලක් අය නොකර, නවාතැන් පහසුකම් ලබාදෙන්නට මේ විහාරස්ථානය කටයුතු කරනවා. ආහාර පාන, ඖෂධ, සනීපාරක්ෂක පහසුකම් විතරක් නෙමෙයි, යම් හෙයකින් හෝ කාට හරි කෙනෙකුට අවශ්‍ය වුණොත්, ඔහුගේ අවසන් ගමන යන්න මිනීපෙට්ටිය ලබාදෙන්නත් මේ විහාරස්ථානය කටයුතු කරනවා. ඒ විතරක් නෙමෙයි, රෝගීන් දුරබැහැර සිට පැමිණ ප්‍රතිකාර ලබලා, සමහර විට මියගියොත්, ඒ අයගේ මෘත ශරීරය නිවසට අරගෙන යන්න වැයවන විශාල මුදල දරාගන්න බැරි අය නම්, ඒ අයගේ අවසන් කටයුතු කරලා පාංශුකූලය දීලා ඒ දේවල් ටිකත් මේ විහාරස්ථානය මගින්ම සිද්ධ කරලා දෙනවා.
මේ විදිහට කියන්න ගියොත් නම් විශාල පහසුකම් ප්‍රමාණයක් විහාරස්ථානයෙන් ලැබෙනවා. නමුත් දැන් රෝගීන් ඉහළ යාමත් එක්ක, භාරකරුවන්ගේ නවාතැන් පහසුකම් ප්‍රශ්නයත් එක්ක, විහාරස්ථානයේ ඉඩකඩ මදිවෙමින් යනවා. ඒකට ප්‍රතිකර්මයක් විදිහට සුවමංසලට මායිම්ව පිහිටලා තියෙන පර්චස් 12ක් සහිත කඩ කාමර දෙකක් දැන් විකුණන්න සූදානමින් ඉන්නවලු. මේ ඉඩම මිලදී ගෙන, අත්‍යාවශ්‍යතාව පවතින අලුත් ගොඩනැගිල්ලක් නිර්මාණය කරන්න අවශ්‍ය නම්, පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ සඳහා අපේ හාමුදුරුවන්ට මුදල් නැහැ. උන්වහන්සේලා කරන්නේ රෝගී සත්කාරයක්, ප්‍රජා සත්කාරයක්, දන්න දවසේ ඉඳලා. ඉතින් ලෝකවාසී සියලු දෙනාගෙන්ම උන්වහන්සේලා ඉල්ලනවා වර්ග අඩි 3,270ක් තියෙන මේ බිම පුළුවන් නම් ලබාගන්න උදව් වෙන්න කියලා. වර්ග අඩියක් සඳහාවත් මුදලක් කෙනකුට වියදම් කරන්න පුළුවන් නම්. උන්වහන්සේලා කියන විදිහට වර්ග අඩියක මිල වෙන්නේ රුපියල් 15,750යි.

ඉතින් මේ තත්ත්වය අපි දන්නවා කිසිම කෙනකුට අවශ්‍ය නොවන, මේ රෝහලට යන්න සිදු නොවන තත්ත්වයක් නිර්මාණය වුණොත් හොඳයි. ඒ නිසා ඔබ උදව් උපකාර කළ යුත්තේ ඔබට යන්න වෙයි, ඔබේ පවුලේ කෙනකුට යන්න වෙයි, ඔබේ හිතවතෙකුට යන්න වෙයි කියලා නෙමෙයි. කවුරු හරි කෙනෙක් සුවපත් වෙයි, කවුරු හරි කෙනෙක්ගේ හිත නිවෙයි, කවුරු හරි කෙනෙක්ගේ ප්‍රශ්න, ගැටලු නිරාකරණය වෙයි. රෝහලේ ප්‍රතිකාර ලබන ගමන් ඒ අයට සමහර වෙලාවට, සමහර ප්‍රතිකාර අතරතුරේ ඉක්මනින් එන්න වෙනවා, පැයෙන් දෙකෙන් තුනෙන්. හදිසි අමාරු වුණොත් රෝහලට අරන් එන්න කියලා දැනුම් දෙන අවස්ථාවල් තියෙනවා. ඒ වගේම සමහර රෝගීන්ට දීර්ඝකාලීනව ප්‍රතිකාර ගන්න සිද්ධ වෙනවා. එතකොට ඒ අයත් එක්ක ඉන්න වැඩිහිටියන්ට, නෑදෑයින්ට, අවශ්‍ය පහසුකම් සපයන අයට, නවාතැන් ගන්න තැනක් නැහැ. ඒ සියල්ල විහාරස්ථානය විසින්ම වෙන් කරලා දීලා තියෙන්නේ. ඒ නිසා හැකි නම්, මේ හාමුදුරුවන්ට උදව් කරන්න, මේ රෝගී සත්කාර කටයුත්ත සාර්ථක කරගන්න, මේ හාමුදුරුවන්ට උදව් කරන්න. 0712 851 967 මේ විහාරස්ථානයේ අංකය. ඒ අංකයට කතා කරලා ඔබට තොරතුරු දැනගන්න පුළුවන්. එහෙම නැත්නම් 078 312 5028 අංකය ඇල්පිටියේ හාමුදුරුවෝ, උන්වහන්සේව ආමන්ත්‍රණය කරලා ලෝකේ කොහේ හිටියත් ඔබට පුළුවන් උදව් කරන්න පුළුවන් නම් උදව් කරන්න. අපි පුළුවන් විදිහට උදව් කරමු. අපිට පුළුවන් විදිහට ශක්තියක් දෙමු. අපිට පුළුවන් විදිහට අපේ මිනිස්සු වෙනුවෙන් අපි නැගිටිමු.

Sri Lanka Latest News

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

බලාගෙන… ඒඩ්ස් හැම තැනම…! Sri Lanka Latest News

Next Post

UNP එක බිහිකරපු.. UNP එක ආරක්ෂා කරපු මහාමාන්‍ය ඩී.එස්. සේනානායක සජිත් සජබ මූලස්ථානයට අරන් එයි! දැනඋගත් දේශපාලන පරම්පරාවක් බිහිකිරීමේ යුගයේ අවශ්‍යතාව අදින් ඇරඹේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!
Exclusive

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

Load More
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Uncategorized

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

වසරින් වසර ප්‍රධාන උද්ධමනය ජන සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවට අනුව මැයි මාසයේ 5.5% සිට ජුනි මාසයේ 6.8% දක්වා වැඩිව ඇති බවත්...

Read more
වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.