අත්අඩංගුවට ගෙන පසුව රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතාව අද (09) කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදාහැර තිබේ.Sri Lanka Latest News
ඒ රිය අනතුරක් සිදුකර අගතියට පත් පාර්ශවයට තර්ජනය කිරීමේ චෝදනාව සම්බන්ධයෙනි.
බීමතින් රිය ධාවනය, අනතුරක් සිදුකිරීම සහ අගතියට පත් පාර්ශ්වයට තර්ජනය කිරීම යන චෝදනා සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා කොල්ලුපිටිය පොලීසිය විසින් පසුගිය 6 වැනිදා අත්අඩංගුවට ගනු ලැබීය.
ලොහාන් රත්වත්තේ මහතා සිය ඥාති නිවසකට ගොස් නැවත යමින් සිටියදී ඔහු පැදවූ ජීප් රථය කොල්ලුපිටිය මංසන්ධිය අසලදී තවත් මෝටර් රථයක ගැටී එම අනතුර සිදුව තිබුණි.











