නීතිවිරෝධී අයුරින් විදේශයකින් මෙරටට ගෙන්වා එකලස් කරන ලද සුඛෝපභෝගි මෝටර් රථයක් භාවිතකිරීමේ චෝදනාවට අදාළව අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා නොවැම්බර් මස 7 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.Sri Lanka Latest News
මිරිහාන පොලිසිය මගින් අත්අඩංගුවට ගනු ලැබූ ලොහාන් රත්වත්තේ ඊයේ (31) සවස මිරිහාන පොලිස් ස්ථානයේ සිට නුගේගොඩ වැඩබලන මහේස්ත්‍රාත්වරයා හමුවට රැගෙන ආවේය.
හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා අද දහවල් මිරිහාන පොලීසිය විසින් මහනුවර, කටුගස්තොට ප්‍රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබීය.









