ලිට්‍රෝ ගෑස් සිලින්ඩර් භාවිතා කිරීමේ ප්‍රතිඵලයක් ලෙස හෝ සිලින්ඩර් පිපිරුම් සහ උපාංග හේතුවෙන් හෝ ද්‍රව පෙට්‍රෝලියම් වායුවේ නිෂ්පාදන දෝෂයක් හේතුවෙන් මරණය, ශාරීරික තුවාල හෝ හානියක් සිදුවූ බව ඔප්පු වුවහොත් ප්‍රතිලාභීන්ට වන්දි ලබා දිය හැකි රක්ෂණ ක්‍රමයක් හදුන්වා දීමට ලිට්‍රෝ ගෑස් සමාගම කටයුතු කොට ඇත.
ඒ අනුව රුපියල් මිලියනය දක්වා වූ වන්දි ලබා දීමට මෙම රක්ෂණ ක්‍රමය හරහා පියවර ගෙන ඇති බව දැනගන්නට තිබේ.
පසුගිය මාස එකහමාරක කාලය තුළ, දිවයින පුරා කර්මාන්ත වාණිජ ආයතනවල මෙන්ම ගෘහස්ථ ගෘහ මට්ටමින් ගෑස් සිලින්ඩර පදනම් කරගත් පිපිරීම් මාලාවක් වාර්තා විය.










