ආන්දෝලනාත්මක යුගදනවි ගිවිසුම සම්බන්ධයෙන් ඊයේ පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී කිසිදු සාකච්ජාවක් සිදුව නැති බව දැනගන්නට තිබේ.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විදෙස්ගතව සිටින බැවින් ජනාධිපතිවරයා යළි ලංකාවට පැමිණි පසු අදාළ ගිවිසුම සම්බන්ධයෙන් සාකච්ජා කිරීමට අමාත්‍යවරුන් තීරණය කොට ඇති බව දැනගන්නට ඇත.
ඒ අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දිවයිනෙන් බැහැරව සිටින බැවින්, කැබිනට් රැස්වීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී පැවති අතර ,රට තුළ ඇතිව තිබෙන ඩොලර් හිඟය සම්බන්ධයෙන්ද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වී ඇතැයි වාර්තා වේ .
ඩොලර් හිඟයට විසඳුමක් ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ලබා ගන්නැයි ඇමැතිවරුන් කිහිප දෙනකුම ප්‍රකාශ කර ඇති අතර, තවත් ඇමතිවරුන් පිරිසක් ප්‍රකාශ කර ඇත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගියහොත් කොන්දේසිවලට එකඟ වීමට සිදුවනු ඇති බවය.
එබැවින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට නොගොස් මිත්‍ර රටවල සහාය ලබාගැනීම වඩාත් වැදගත් තවද එම ඇමතිවරුන් පෙන්වා දී ඇත .
කෙසේ වුවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යන්නෙද නැද්ද යන්න සම්බන්ධයෙන් එහිදී අවසන් තීන්දුවක් ගෙන නැති බව ද දැනගන්නට ඇත .
මීට අමතරව මේ වනවිට රට තුළ මතුව ඇති උග්‍ර පොහොර හිගය පිළිබදවද මෙහිදී දීර්ඝව සාකච්ජා වී ඇති බව වාර්තා වේ.










