මේවනවිට යොහානි ඩි සිල්වාගේ මැණිකේ මගේ හිතේ ගීතයට වඩා වෙනත් ගීතයක් රට ඇතුළේ ජනප්‍රිය වී ඇති බව මුජිබර් රහුමාන් මහතා කීය.
පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ එම ගීතය ‘වැඩ කරන අපේ විරුවා’ ගීතය බවයි.
කෙසේවෙතත් මෙම ගීතය මේ වනවිට ප්‍රසිද්ධියේ ගායනා කළහොත් මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පස්සේ පන්නන බවද ඒ මහතා කියා සිටියේය.









