තලවකැලේ ලිඳුල නගර සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නාගරික මන්ත්‍රීවරයෙකු වශයෙන් කටයුතු කළ ඔරුකද ලියනගේ අසංක සම්පත් පීරිස් ඉකුත් ජූනි 17 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි මන්ත්‍රී ධූරයෙන් ඉවත් කර තිබෙනවා.Sri Lanka Latest News
ඒ, ඉකුත් ජූනි 17 වන දින නිකුත් කරන ලද අතිවිශේෂ ගැසට් පත්‍රය මඟින්.
මෙම මන්ත්‍රීවරයා නගර සභාවට තේරී පත්ව ඇත්තේ ප්‍රසාද ආසන මන්ත්‍රීවරයෙකු වශයෙන්.
ඉන් අනතුරුව එම නගර සභාවේ සභාපතිවරයා සහ උප සභාපතිවරයා තේරීමේ දී පක්ෂය විසින් ලබා දී තිබූ උපදෙස්වලට පටහැනිව කටයුතු කිරීම හේතුවෙන් ඔහුට එරෙහිව විනය පරීක්ෂණයක් පවත්වා තිබුණා.
එම විනය පරීක්ෂණයේ දී මන්ත්‍රීවරයා වැරදිකරු වී ඇති අතර, ඒ අනුව ඔහුව පක්ෂ සාමාජිකත්වයෙන් ඉවත් කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පියවර ගෙන තිබෙනවා.
පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීම පිළිබඳව මැතිවරණ කොමසාරිස්වරයා වෙත නිල වශයෙන් දැනුම් දීමෙන් අනතුරුව, අදාළ නීත්‍යානුකූල පියවර අනුගමනය කරමින් මෙම මන්ත්‍රී ධූරයෙන් ඉවත් කිරීම සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.










