• About us
  • Contact us
Thursday, June 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

එල්-නිනෝ… ලා-නිනාවට මුහුණ දීමට ආණ්ඩුවේ සූදානම මදි! වහාම ජනාධිපති කාර්ය සාධන බළකායක් ස්ථාපිත කරන්න! ඔන්න විපක්ෂනායක සජිත් දිට්වා සුළි කුණාටුවේදී වගේම කල්තියාම කිව්වා..! පස්සේ පසුතැවිලි වෙන්න ඉඩ තියන්න එපා! VIDEO I Sri Lanka Latest News

June 25, 2026
in Exclusive
Reading Time: 5 mins read
A A
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

එල්නීනෝ ලානීනා තත්ත්වය තුළ බරපතල වියළි කාලගුණය හා පසුව වැසි තත්ත්වය නිසා බරපතල ආපදා සිදුවිය හැකි බවත් මේ ගැන සොයා බලන්න වෙනමම කමිටුවක් පත් කර ඇති බවට රජය පැවසුවත් එය ප්‍රමාණවත් නොමැති බැවින් මේ ඛේදවාචක වළක්වා ගැනීමට පෙර සූදානමක් ලෙස ජනාධිපති කාර්ය සාධන බලකායක් කඩිනමින් ස්ථාපිත කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.Sri Lanka Latest News

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ පාර්ලිමේන්තුවේදී එල්නීනෝ ලානීනා දේශගුණික විපර්යාසය නිසා සිදුවිය හැකි හානි ඇතුළු පරිසර ක්ෂේත්‍රයට බලපාන කරුණු රැසක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව දැනුවත් කරමිනි.

මේ ආපදාවට මුහුණ දීමට ආපදා කළමනාකරණ ක්‍රියාවලිය පවතින තත්ත්වයට වඩා ශක්තිමත් විය යුතු බැවින් මේ සඳහා කඩිනම් ජාතික වැඩපිළිවෙළක් සඳහා විපක්ෂය ද දායකත්වය ලබා දෙන බවත් මෙය පක්ෂ ජාති ආගම් කුලමල පන්තිවලට අදාළ නොවන ජාතික ගැටලුවක් නිසා මේ අවදානමට නිසි සැලසුම් නිර්මාණය කළ යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසීය.

මේ රජය ගොවියා අසරණ කර අවසන්.

බාල බීජ සේම පොහොර සහනාධාරය නියමිත පරිදි නොලැබීමත් උපකරණ මිල වැඩි වී අලි මිනිස් ගැටුම ආදී ගැටලු නිසා ගොවි ජනතාව අසීමිත පිඩනයකට අසහනයකට මුහුණ දෙන බවත් මැතිවරණ සමයේ කුඹුරට බැස වී කිලෝවට රු. 150ක් පොරොන්දු වුවත් වත්මන් රජය සහ එහි ඇමතිවරු අද ගොවියා අසරණ කරමින් යන බවත් ඡන්ද කාලයේ ගොවියා දෙවියා කියා බලය ගෙන ගොවියා කසිප්පුකාරයන් බවට හංවඩු ගසමින් යන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

පරිසර පනතේ නිෂ්පාදකයාගේ විස්තීරණ වගකීමට පාරිභෝගිකයා ඇතුළත් කරන්න එපා

නිෂ්පාදකයාගේ විස්තීරණ වගකීම ගෙන ඒම ඉතාම වැදගත් වුවත් මේ සඳහා පාරිභෝගිකයා ඇතුළත් කිරීම ගැටලුවක් බවත් පාරිභෝගිකයාගේ වගකීම් රටා සම්බන්ධයෙන් වෙනමම කොටසක් තිබිය යුතු බවත් නිෂ්පාදකයාගේ විස්තීරණ වගකීමට ඇතුළත් කිරිම තුළ ආයතන සමාගම් වගකීම් පැහැර හැර ප්‍රතිචක්‍රණ පිරිවැය රහසිගත බදු මඟින් පාරිභෝගිකයා මත පැටවිය හැකි නිසා එය වෙනමම සඳහන් කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

සුපර්මාකට් පොලිතින් බෑග්වලින් පමණක් රු. මි. 50ක් ලාභ ලබනවා

මේ දිනවල සුපිරි වෙළෙදසැල් පාරිභෝගිකයන්ගෙන් ප්ලාස්ටික් බෑග් සදහා මුදල් අය කිරීම නිසා රු. මි. 50ක් පමණ උපයන බවට උසාවි පෙත්සමකින් හෙළිවී ඇති නිසා පරිසර ගාස්තු සුපිරි වෙළෙදසැල්වල ආයතනික ලාභ ලෙස එකතුවීම වැළැක්වීමට පනත සංශෝධනය විය යුතු බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

13 වැනි සංශෝධනය ආරක්ෂා විය යුතුයි

එසේම 13 වැනි සංශෝධනය ආරක්ෂා කර පළාත් සභා බලය ආරක්ෂා කළ යුතු බවත් 13- හෝ 13+ නොව 13 වැනි සංශෝධනය ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක විය යුතු බවත් පාරිසරික බලපෑම් තක්සේරු ක්‍රියාවලියේ සීමාව ගැන නිතිමය තත්ත්වයක් නිර්මාණය වී ඇති බවත් රු. මි. 10ක දඩ හා වසර 3ක සිරදඩුවම් මේ පනතේ ඇති නමුත් මහා පරිමාණ සංවර්ධකයන්ට මේ තක්සේරු ක්‍රියාවලිය මගහැර යා හැකි නිසා මේ හිඩැස් නැති කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

වසර 30කින් උසස්වීම් දී නැති වනජීවී සහකාර අධ්‍යයක්ෂ තනතුරු කඩිනමින් පුරවන්න

වනජීවී සහකාර අධ්‍යයක්ෂ තනතුරු සඳහා වන අභ්‍යන්තර උසස්වීම් වසර 30කින් සිදුව නැති බවත් ක්ෂේත්‍ර කලාප 13කට ඇත්තේ සහකාර අධ්‍යක්ෂවරුන් 6 දෙනකු පමණක් නිසා කඩිනමින් සහකාර අධ්‍යක්ෂ තනතුර කරා යාමට අවශ්‍ය කටයුතු කර දෙන ලෙස ඉල්ලා සිටින බවත් 3500ක් බහුකාර්ය නිලධාරීන් හා සිවිල් ආරක්ෂක ක්ෂේත්‍රයේ 5000ක් වනජීවී සංරක්ෂණය ශක්තිමත් කරන්න යොදාගෙන ඇති නමුත් දශක ගණනාවක් පුරා වනජීවී ක්ෂේත්‍රයේ සේවය කළ 800-1200ක් නිලධාරින් සිටින නිසා මොවුන්ට අගතියක් නොවිය යුතු බවත් ඊට අමතරව වනජීවී ක්ෂේත්‍රයේ නියාමකවරුන්ගේ වැටුප් තලය MN1 සිට PL2 දක්වා අඩුකර ඇති කිරීම සේම ස්වේච්ඡා මාර්ගෝපදේශකයන් 250ක් ස්ථිර කිරීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමු කරන ලෙසත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

උසස්පෙළ සිසුන්ගේ ඉල්ලීමට කන් දෙන්න

සාමාන්‍ය පෙළ විභාගයෙන් පසු උසස් පෙළ විභාගයට සූදානම් වීමට මාස 24ක් ඇති නමුත් මෙවර පළමු වර විභාගයට මුහුණ දෙන සිසුන්ට ඇත්තේ මාස 21ක් සේම දෙවැනි වර විභාගයට යෙදී ඇති ළමුන්ට 2024 දින 198ක් සහ 2025 දින 178ක් ලැබුණත් දැන් ලැබි ඇත්තේ දින 131ක් පමණක් බවත් මේවා සැලකිල්ලට ගෙන යම් සාධාරණ කාලයක් මොවුන්ට ලබා දෙන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

SendShareShare
Previous Post

150ක වී මිල ගැන ලාල්කාන්ත විපක්ෂේ ඉද්දී එදා කිව්ව කතාවයි ඇමැතිකමේ ඉද්දී අද කියන කතාවයි! I Sri Lanka Latest News

Next Post

පක්ෂ තීන්දුවට පිටින් ගිය ලිඳුල නගර සභාවේ මන්ත්‍රී පොහොට්ටුවෙන් පන්නයි! I Sri Lanka Latest News

MORE NEWS

හෝටල් කාමරයක සිදුවූ භෞතචිකිත්සකවරියගේ මරණයේ සැකකරු යාපනයෙන් අල්ලපු ගේම ගැහුවේ CIDයේ තාක්ෂණික අංශයෙන්! සැකකරු පොලිසියට අල්ලන්න බැරි විදිහේ ෆෝන් එකක් පාවිච්චි කරලා! ! Sri Lanka Latest News
Exclusive

හෝටල් කාමරයක සිදුවූ භෞතචිකිත්සකවරියගේ මරණයේ සැකකරු යාපනයෙන් අල්ලපු ගේම ගැහුවේ CIDයේ තාක්ෂණික අංශයෙන්! සැකකරු පොලිසියට අල්ලන්න බැරි විදිහේ ෆෝන් එකක් පාවිච්චි කරලා! ! Sri Lanka Latest News

පෙළපොත්වලට අසැබි වෙබ් අඩවි දැම්මා! කන්ටේනර් පැන්නුවා! භාණ්ඩාගාරෙන් ඩොලර් ලක්ෂ 25ක් අතුරුදන් කළා! ගල් අඟුරු හොරකම් කළා! තාම කවුරුත් වගකීම භාරඅරන් නෑ! මේක වැඩ බැරි ආණ්ඩුවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

පොලිතින් බෑග්වලට මුදල් අය කිරීමෙන් මේ දවස්වල සුපර් මාකට් මිලියන 50ක අතිරේක ආදායමක් උපයගෙන! වහාම පනත සංශෝධනය කරලා මේ තත්ත්වය වෙනස් කරන්න! VIDEO I Sri Lanka Latest News

විජේදාසගේ පුත් රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ අල්ලස් කොමිසමේ අත්අඩංගුවට! හරක් කටාගෙන් සල්ලි අරන්? ! Sri Lanka Latest News
Exclusive

විජේදාසගේ පුත් රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ අල්ලස් කොමිසමේ අත්අඩංගුවට! හරක් කටාගෙන් සල්ලි අරන්? ! Sri Lanka Latest News

කසිප්පුකාරයොද? ආටිෆිෂල් ගොවියොද? ඔරිජිනල් ගොවියොද? මෙන්න උත්තරේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

කසිප්පුකාරයොද? ආටිෆිෂල් ගොවියොද? ඔරිජිනල් ගොවියොද? මෙන්න උත්තරේ..! VIDEO I Sri Lanka Latest News

මෝල්වලට කඩන් පැන්නා! ගැසට් ගැහුවා! පාලන මිලක් දැම්මා! අන්තිමේ අකුලගත්තා! ඩඩ්ලි මිල තීරණය කළා! හාල් වැඩෙත් ආණ්ඩුව ෆේල්ද?
Exclusive

ආණ්ඩුවේ කරට අත දාගෙන හිටපු ඩඩ්ලි මෙන්න හිටි හැටියෙම ගොවීන්ගේ පැත්ත අරන්! තවත් රෝල්ස් රොයිස් එකක් ගේන්න ගහන ගේමක්ද මන්දා! Sri Lanka Latest News

වී මිල ගැන ගොවියෝ දිස්ත්‍රික් ලේකම් එක්ක මුහුණට මුහුණ හැප්පෙයි! සාකච්ඡාවේ අලි වළියක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

වී මිල ගැන ගොවියෝ දිස්ත්‍රික් ලේකම් එක්ක මුහුණට මුහුණ හැප්පෙයි! සාකච්ඡාවේ අලි වළියක්! VIDEO I Sri Lanka Latest News

Load More
හෝටල් කාමරයක සිදුවූ භෞතචිකිත්සකවරියගේ මරණයේ සැකකරු යාපනයෙන් අල්ලපු ගේම ගැහුවේ CIDයේ තාක්ෂණික අංශයෙන්! සැකකරු පොලිසියට අල්ලන්න බැරි විදිහේ ෆෝන් එකක් පාවිච්චි කරලා! ! Sri Lanka Latest News
Exclusive

හෝටල් කාමරයක සිදුවූ භෞතචිකිත්සකවරියගේ මරණයේ සැකකරු යාපනයෙන් අල්ලපු ගේම ගැහුවේ CIDයේ තාක්ෂණික අංශයෙන්! සැකකරු පොලිසියට අල්ලන්න බැරි විදිහේ ෆෝන් එකක් පාවිච්චි කරලා! ! Sri Lanka Latest News

නුවරඑළිය නවාතැන් පොලකදී අභිරහස් ලෙස මිය ගිය අම්පාර රෝහලේ සේවයේ නිරතව සිටි භෞත චිකිත්සකවරියගේ සිරුර තෙල්දෙණියට රැගෙනවිත් තෙල්‍දෙණිය රෝහල් රථ...

Read more
පෙළපොත්වලට අසැබි වෙබ් අඩවි දැම්මා! කන්ටේනර් පැන්නුවා! භාණ්ඩාගාරෙන් ඩොලර් ලක්ෂ 25ක් අතුරුදන් කළා! ගල් අඟුරු හොරකම් කළා! තාම කවුරුත් වගකීම භාරඅරන් නෑ! මේක වැඩ බැරි ආණ්ඩුවක්! VIDEO I Sri Lanka Latest News

පොලිතින් බෑග්වලට මුදල් අය කිරීමෙන් මේ දවස්වල සුපර් මාකට් මිලියන 50ක අතිරේක ආදායමක් උපයගෙන! වහාම පනත සංශෝධනය කරලා මේ තත්ත්වය වෙනස් කරන්න! VIDEO I Sri Lanka Latest News

විජේදාසගේ පුත් රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ අල්ලස් කොමිසමේ අත්අඩංගුවට! හරක් කටාගෙන් සල්ලි අරන්? ! Sri Lanka Latest News

විජේදාසගේ පුත් රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ අල්ලස් කොමිසමේ අත්අඩංගුවට! හරක් කටාගෙන් සල්ලි අරන්? ! Sri Lanka Latest News

කසිප්පුකාරයොද? ආටිෆිෂල් ගොවියොද? ඔරිජිනල් ගොවියොද? මෙන්න උත්තරේ..! VIDEO I Sri Lanka Latest News

කසිප්පුකාරයොද? ආටිෆිෂල් ගොවියොද? ඔරිජිනල් ගොවියොද? මෙන්න උත්තරේ..! VIDEO I Sri Lanka Latest News

මෝල්වලට කඩන් පැන්නා! ගැසට් ගැහුවා! පාලන මිලක් දැම්මා! අන්තිමේ අකුලගත්තා! ඩඩ්ලි මිල තීරණය කළා! හාල් වැඩෙත් ආණ්ඩුව ෆේල්ද?

ආණ්ඩුවේ කරට අත දාගෙන හිටපු ඩඩ්ලි මෙන්න හිටි හැටියෙම ගොවීන්ගේ පැත්ත අරන්! තවත් රෝල්ස් රොයිස් එකක් ගේන්න ගහන ගේමක්ද මන්දා! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.