සුලු හා මධ්‍ය පරිමාන ව්‍යාපාරිකයන්ට ලබා දී ඇති ණය සහනය තවදුරටත් දීර්ඝ කරන ලෙස ඉල්ලමින් මුදල් අමාත්‍යංශය මහබැංකු අධිපතිවරයා වෙත ලිපියක් යොමු කොට තිබේ.
මුදල් අමාත්‍යංශ ලේකම් එස්.ආර්. ආටිගල මහතා විසින් යොමු කොට ඇති මෙම ලිපිය මගින් අදාළ ණය සහන කාල සීමාව 2022 සැප්තැම්බර් 30 දක්වා දීර්ඝ කර ලෙස ඉල්ලීමක් කොට ඇත.
එමෙන්ම දැනට ලබා දී ඇති ණය සහන ඇතැම් බැංකු මගින් නිසි අයුරින් ලබා නොදෙන බවද එම ලිපියේ සදහන්ව තිබේ.










