• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

‘පළාත් සභා කල් දමන බියගුළු අනුරගේ වියරුව පරදවමු!’ සජබය සටන තවත් තද කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

June 7, 2026
in Exclusive
Reading Time: 16 mins read
A A
‘පළාත් සභා කල් දමන බියගුළු අනුරගේ වියරුව පරදවමු!’ සජබය සටන තවත් තද කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අද වන විට අප රටේ ඇත්තේ ජනතාව අතරට යන්නට බය වෙලා සිටින ජනාධිපතිවරයෙක් හා බියගුලු, නිවට ආණ්ඩුවක් බවත් මේ බියගුලුභාවය සහ නිවටභාවය ඉස්මතු වන්නේ මේ පළාත් සභා ඡන්දය පැවැත්වීමට මැළිකම් දැක්වීම නිසා බවත් ජනතාව පළාත් සභා මැතිවරණය පවත්වන්න යැයි කිව්වත් මහමැතිවරණයෙන් පසු පළාත් පාලන මැතිවරණය පවත්වන කෙටි කාලය තුළ දළ වශයෙන් වත්මන් රජයට ඡන්ද ලක්ෂ 23ක් පමණ අහිමි වූ බවත් එම නිසා තවත් ඡන්ද දශලක්ෂ ගණනින් අහිමි වේ යැයි වත්මන් රජය බියෙන් පසුවන බවත් බියගුලු, නිවට, අදක්ෂ, අකාර්යක්ෂම රටේ ජනතාවට බොරු කියා රැවටූ මේ රජයට ජනතාව ඉදිරියට පැමිණ මැතිවරණයට මුහුණ දෙන්න නොහැකි වී ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.Sri Lanka Latest News

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ‘පළාත් සභා කල් දමන බියගුළු අනුරගේ වියරුව පරදවමු’ යන තේමා පෙරටු කර ගනිමින් හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන් සමඟ විපක්ෂ නායක කාර්යාලයේ දී පැවැති හමුවක් අමතමිනි.

රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන්න ජනතාවගේ සර්වජන ඡන්ද බලය සුරක්ෂිත කළ යුතු අද වැනි මොහොතක රටේ ජනතාව තමන්ගේ හඩ තුළින් රට අවධි කරන්න සූදානම් බවත් මේ අවස්ථාවේ ඒ සඳහා ඇති හොඳම ක්‍රමය වන්නේ පළාත් සභා ඡන්දය බවත් ජනතාවගේ ජනදුක, පීඩනයට, අසහනයට දුකට වේදනාවට කණගාටුවට පිළිතුරු දෙන්න ජනතාව සූදානමින් සිටින බවත් වත්මන් ජනාධිපතිවරයාට සහ රජයට ජනතාවට කුමක් වුවත් ඔවුන්ගේ හිතුමතේට දේවල් කරන නිසා ජනතාව මොවුන්ට පාඩමක් උගන්වන්න සූදානම් බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

අසීමිත බලයක් කාටවත් දෙන්න එපා

එබැවින් රටේ ජනතාව දැන්වත් පාඩමක් ඉගෙන ගෙන ඉදිරියට එන ආණ්ඩුවලට රැල්ලට ගොස් ඡන්දය ලබා දෙනවා වෙනුවට යම්කිසි පාර්ශ්වයක් ජයග්‍රහණය කරන්න අවශ්‍ය නම් සාධාරණ බහුතරයක් ඇති අයට වරමක් ලබා දිය යුතු බවත් එසේ නොමැති වූ විට සිදුවන්නේ අසීමිත බලයක් තුළ බල උන්මාදයෙන් පිස්සු වැටී රට අවුල් කරන තමන් ගැන පමණක් සිතා තීන්දු ගන්නා වැරදි රටාවක් නිර්මාණය වීම නිසා ඊළග මැතිවරණයේ දී හෝ මේ වැරදි ක්‍රමවේදයට තිත තැබිය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

අපිටවත් අසීමිත බලයක් එපා

රටේ ජනතාවට ඇති එකම විකල්පය ලෙස සමගි ජන බලවේගයට පවා සාධාරණ බහුතරය ප්‍රමාණවත් බවත් අසීමිත බලයක් අවශ්‍ය නොවන බවත් යම් පාර්ශ්වයකට අසීමිත බලයක් ලැබුණහොත් ජනතාවත් රටත් අනාථ කරන බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

ජන දුක විකුණා බලයට පැමිණි වත්මන් රජය අද වන විට ජන දුක අමතක කර සුර සැප විඳිනවා

අද අසීමිත බලයක් ඇති මේ රජය 33%කින් විදුලි බිල අඩු කිරීමට මෙන්ම වරායේ ගොඩබාන මිලට පවා ඉන්ධන ලබා දීමට කටයුතු කර නොමැති බවත් ලෝකය පුරා අර්බුධයක් ඇති අවස්ථාවේ ඉන්ධන මත පනවා ඇති බදු ඉවත් කරන්න ලෝකයේ සෙසු රටවල ජනතාවාදී නායකයන් කටයුතු කළත් අප රටේ එවැනි දෙයක් තවමත් සිදුව නොමැති බවත් ජන දුක විකුණා බලයට පැමිණි වත්මන් රජය අද වන විට ජන දුක අමතක කර ඔවුන්ගේ පෞද්ගලික සුබසාධනය වෙනුවෙන් පමණක් කැපවී ඇති බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

පළාත් සභා වෙනුවෙන් සජබෙන් ජාතික මෙහෙයුම් කමිටුවක්

පළාත් සභා මැතිවරණ පැවැත්වීමට රජයට බලකිරීම සඳහා පළාත් සභා ජාතික මෙහෙයුම් කමිටුවක් ස්ථාපිත කරන බවත් ඒ සඳහා තනතුරු තාන්න මාන්න මත පදනම්ව නොව සියලු දෙනාම මේ මෙහෙයුම් කමිටුව නියෝජනය කරන බවත් මෙහි දී ජනදුක නිවාලීම සඳහා ජනතාවගේ දුක කියාපාන්න සහාය වීමට විසදුම් ලබා දීමේ ක්‍රියාවලියේ මූලාරම්භයක් වන පළාත් සභා මැතිවරණය පැවැත්වීමට බල කිරීමක් සිදුවන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

සුදු අලි කතා කියන්නේ දේශපාලන සාක්ෂරතාවක් නැති අයයි

පළාත් සභා සුදු අලි යැයි වැඩක් නැති බව පවසන්නේ දේශපාලන සාක්ෂරතාව අඩු අය බවත් පළාත් සභා ක්ෂේත්‍රය හරියට ක්‍රියාත්මක වුවහොත් සුවිශාල මෙහෙවරක් ක්‍රියාත්මක කළ හැකි බවත් ඉතිහාසය පුරා විශිෂ්ට සේවා ඉටු කළ මහඇමතිවරු සිටි බවත් සමහර මහඇමතිවරු කෙතරම් දක්ෂද කියනවා නම් තමන්ගේ පළාත් සභා බලප්‍රදේශවලට ජාත්‍යන්තර බහුජාතික සමාගම් පවා ආකර්ෂණය කරන දැවැන්ත ආයෝජන ගෙන ආ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

අපේ මතය 13+ හෝ 13- නෙවෙයි.

රටේ සෛරීත්වය, භෞමික අඛණ්ඩතාව, ඒකීයභාවය, දේශපාලන නිදහස ආරක්ෂා කර ගෙන රට තුළ ජීවත් වන විවිධ ජන කොට්ඨාසවලට වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය ශක්තිමත් කරන බලය බෙදාහරින වැඩපිළිවෙළකට මේ පළාත් සභා තුළින ඉඩ ලැබුණු බවත් එය රටේ උත්තරීතර නීතිය බැවින් ‘13 ප්ලස්’ හෝ ’13 මයිනස්’ යන්න නොකියන බවත් මෙරට දේශපාලනයේ විවිධ පාර්ශ්ව ජාත්‍යන්තර‌ය හමුවූ අවස්ථාවේ ‘13 ප්ලස්’ ලෙස කියමින් අප රටේ යම් යම් බල ප්‍රදේශවල රැස්වීම් පවත්වමින් ‘13 මයිනස් ‘යැයි දෙබිඩි කතා කියන නමුත් සමගි ජන බලවේගය එවැනි දෙබිඩි කතා නොකියා 13 වැනි සංශෝධනය ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කරන්න පක්ෂයක් ලෙසත් දේශපාලන බලවේගයක් ලෙසත් සූදානම් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

SendShareShare
Previous Post

රනිල් පාර්ලිමේන්තු එන්නේ නෑ! Sri Lanka Latest News

Next Post

දාහත් දාහෙන් මාසයක් ඉන්න එකද අලුත් ආණ්ඩුවකින් ඉල්ලුව වෙනස…? Sri Lanka Latest News

MORE NEWS

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News

ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

දකුණේ බලයත් සජබය ප්‍රමුඛ විපක්ෂය අල්ලන්න පටන් ගනී! අක්මීමනින් 50ක් දිනයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ අසනීප වෙයි! ජාතික රෝහලට ඇතුළත් කරයි! I Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News
Exclusive

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

චන්ද්‍රිකාගේ කාලේ ‘ඔපරේෂන් ක්ලීනප්’! මහින්දගේ කාලේ ‘මතට තිත’! රනිල්ගේ කාලේ ‘යුක්තිය’! අනුරගේ කාලේ ‘රටම එකට’! කුඩු කුඩුද? නඩු විතරද? පොලිස්පති ලකී කොඩිතුවක්කුගේ සිට ප්‍රියන්ත වීරසූරිය දක්වා…! Sri Lanka Latest News

Load More
ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News

ඉහළ යන ජීවන වියදමට විරෝධය පළ කරමින් ගම්පහ සජබ සංවිධානය විසින් පන්දම් දල්වමින් උත්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්වීමට කටයුතු කර තිබිණ.Sri Lanka...

Read more
ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

දකුණේ බලයත් සජබය ප්‍රමුඛ විපක්ෂය අල්ලන්න පටන් ගනී! අක්මීමනින් 50ක් දිනයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේ අසනීප වෙයි! ජාතික රෝහලට ඇතුළත් කරයි! I Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.