රට තුළ කිසිම ආකාරයේ ගෑස් හිගයක් නැතැයි ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති තෙෂාර ජයරත්න නිවේදනය කර සිටී.
නිවේදනයක් නිකුත් කරමින් ඒ මහතා සඳහන් කර සිටියේ ලාෆ් ගෑස් සමාගම ගෑස් ආනයනය නවතා දැමීමට තීරණය කළ ද එම ධාරිතාවය ද ආවරණය කිරීමට තම සමාගමට හැකියාව පවතින බවයි.
ඒ අනුව ඕනෑම වර්ණයක සිලින්ඩරයක් සදහා ගෑස් සැපයීමට ලිත්‍රො සමාගම සූදානම් බවත් ඔහු සිය නිවේදනය මගින් දැනුම් දී ඇත.










