• About us
  • Contact us
Sunday, June 7, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඉස්සර හමුදාවෙන් උස්සපු ඔලිම්පික් පදක්කම් සහ මෙවර උස්සන්න යන පදක්කම්!

July 21, 2021
in Exclusive, Uncategorized
Reading Time: 4 mins read
A A
ඉස්සර හමුදාවෙන් උස්සපු ඔලිම්පික් පදක්කම් සහ මෙවර උස්සන්න යන පදක්කම්!
Share on WhatsAppShare on Facebook

ආරම්භයේදී ග්‍රීසියට පමණක් සීමා වූ ඔලිම්පික් ක්‍රීඩා උළෙල වර්තමානය වන විට මුළු ලෝකය පුරාම ව්‍යාප්තව පවතී. එය විදහා දක්වමින් ඔලිම්පික් ධජය නිර්මාණය වී ඇත. 1913 දී නිර්මාණය කෙරුණු ඔලිම්පික් ධජය ප්‍රථම වරට ප්‍රදර්ශනය කෙරුණේ 1914 වර්ෂයේ පැරීසියේ පැවැත්වූ ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ 20 වැනි සංවත්සර‍ උළෙලේදීය. නමුත් එය ඔලිම්පික් ක්‍රීඩා තරග සඳහා යොදා ගැනුණේ 1920 දීය. සුදු පසුබිමක පිහිටි කහ, කළු, රතු, කොළ, නිල් යන වර්ණ පහක වළලු‍ පහක් ඔලිම්පික් ධජයේ ඇත. එම වළලු‍ පහ පිළිවෙළින් ආසියා, අප්‍රිකා, ඇමෙරිකා, ඕස්ටේ්‍රලියා හා යුරෝපා යන මහද්වීප පහ නිරූපණය කරයි.

එලෙස ඇරඹි ඔලිම්පික් ක්‍රීඩා උළෙලට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩකයකු පළමු වරට සහභාගි වන්නේ 1948 වර්ෂයේදීය. එවර ලන්ඩනයේදී පැවැත්වූ ඔලිම්පික් උළෙලටය. එම කණ්ඩායමේ නායකත්වය හෙබවූයේ ඩන්කන් වයිට්ය. මෙම කණ්ඩායමට මලල ක්‍රීඩකයන් තුන්දෙනකු සහ බොක්සිං ක්‍රීඩකයන් සිවු දෙනෙකු ඇතුළත් විය. එහිදී ඩන්කන් වයිට් මීටර් 400 ඉසව්වෙන් රිදී පදක්කමක් හිමිකර දුන් අතර එය ලංකාවේ ප්‍රථම ඔලිම්පික් පදක්කමයි. මෙහි වැදගත්ම ප්‍රවෘත්තිය වන්නේ ඩන්කන් වයිට් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවෙන් බිහිවූ මලල ක්‍රීඩකයකු වීමයි.

ඉන් අනතුරුව 2000 වර්ෂයේ සිඩ්නිහි දී පැවති ඔලිම්පික් උළෙලේදී සුසන්තිකා ජයසිංහ මීටර් 200 කාන්තා තරග ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් ලබාගත්තාය. ඉන් ප්‍රථම ස්ථානය දිනාගත් මේරියන් ජෝන්ස් ක්‍රීඩිකාව තහනම් උත්තේජක භාවිත කළ බවට පසුකාලීනව තහවුරු වූ පසු ඇගේ රන් පදක්කම තරගයේ දෙවැනි ස්ථානය දිනූ ක්‍රීඩිකාවට ලැබුණු අතර සුසන්තිකා ජයසිංහට රිදී පදක්කම හිමි විය. සුසන්තිකා ජයසිංහද ශ්‍රී ලංකා යුද්ධ හමුදා නියෝජනයකි.
ඒ අනුව ශ්‍රී ලකාව දිනාගෙන ඇති ඔලිම්පික් පදක්කම් යුගලයටම හිමිකම් කීවේ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ය. මෙරට ක්‍රීඩාව වෙනුවෙන් යුද්ධ හමුදාව දක්වන දායකත්වය ගැන මීට වඩා උපහැරණ අවැසි වන්නේ නැත.

එසේම වර්ෂ 1964 දී ටෝකියෝ නුවර පැවති ගිම්හාන ඔලිම්පික් තරඟාවලියේදී මීටර් 5000 සහ මීටර් 10,000 ඉසව් නියෝජනය කරමින් ලෝකයේම අවධානයක් දිනාගත් දිගුදුර ධාවන ශූර රණතුංග කරුණානන්ද ශ්‍රී ලංකා යුද්ධ හමුදාවෙන් බිහිවූ අතිදක්ෂ මලල ක්‍රීඩකයෙකි. කෝප්‍රල් රණතුංග කරුණානන්ද සහභාගි වූ ඔලිම්පික් ධාවන ඉසව්ව පිළිබඳ ලෝක ප්‍රකට කතා වස්තුව ජපානයේ දරුවන්ව දිරිගැන්වීම පිණිස වීර කතාවක් වශයෙන් ජපානයේ පාසල් පෙළ පොත්වලටද ඇතුළත් කර ඇත. පරාජිතයන් අතර වීරයා යන අනුවර්තිත නාමයෙන් හඳුන්වන මෙම කතා පුවත විරුදාවලි නොලත් විරුවකුගේ පුරාවෘත්තයක් ලෙසද කියැවේ.

1964 වර්ෂයේ ඔක්තෝබර් මස 14 වැනි දින රටවල් 17ක් නියෝජනය කරමින් මලල ක්‍රීඩකයන් 29ක් සහභාගිවූ මීටර් 10,000 ධාවන ඉසව්ව කරුණානන්ද අවසන් කළේ ප්‍රේක්ෂකයන්ගේ අත්පොළසන් හඬ සහ ඔල්වරසන් හඬ මධ්‍යයේය. එමෙන්ම, අනෙක් සියලු‍ ක්‍රීඩකයන් ධාවන ඉසව්ව අවසන් කර සිටියදීත් තම සම්පූර්ණ දුර ප්‍රමාණය අවසන් වනතුරු තරගය අත් නොහැර තරගකළ කරුණානන්ද ජපන් ජනතාව අතර වීරයෙක් වෙමින් ඉතිහාසයට එක්විය. මීටර් 10,000 ධාවන ඉසව්වෙන් රන් පදක්කම දිනාගත් ක්‍රීඩකයා ලද ප්‍රේක්‍ෂක ප්‍රතිචාරයන්ටද වඩා ඉහළ ප්‍රේක්‍ෂක ප්‍රතිචාරයක් දිනාගත් කරුණානන්ද ධෛර්යය හා අධිෂ්ඨානය තුළින් ජයග්‍රහණය ලබාගත හැකි බව ලොවට විදහාපෑවේය.

1964 වර්ෂයේ ජපානයේ ටෝකියෝ නුවර පැවැති ඔලිම්පික් තරගාවලියේදී කෝප්‍රල් කරුණානන්ද සහභාගි වූ මීටර් 10,000 ධාවන ඉසව්වේ අවසන් ස්ථානය සනිටුහන් කරමින් ”‍හොඳම පරාජිතයා”‍ ලෙස පිදුම් ලැබූ කෝප්‍රල් රණතුංග කරුණානන්ද ජපන් ජනතාව අතර වීරයෙක් ලෙස ජනප්‍රිය විය.
ජපානයේ ජනතාව අතර විරුවකු ලෙසින් විරුදාවලි ලත් කෝප්‍රල් රණතුංග කරුණානන්දගේ පවුලේ සාමාජිකයන්ගේ සුවදුක් වීමසීමට ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා පසුගියදා කටයුතු කළේය. ඒ ඔහු ඔලිම්පික් තරගාවලියට සහභාගි වී රටට සහ යුද්ධ හමුදාවට අත්කර දුන් කීර්තිනාමය කිසිදා අමතක කළ නොහැකි නිසාවෙනි.

එසේම මෙවර ඔලිම්පික් තරගාවලිය වෙනුවෙන් සහභාගිවන ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතරින් සුවිශේෂ ක්‍රීඩකයකු වන කෙටි දුර ධාවන ශූර, ආසියාවේ වේගවත්ම මිනිසා ලෙසින් විරුදාවලි ලත් යුපුන් අබේකෝන් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සාඩම්බර නියෝජනයකි. යුපුන් මේ දිනවල ඉතාලියේ රැඳී සිටිමින් සිය පුහුණුවීම් කටයුතු සිදුකරයි.

යුපුන් අබේකෝන්ට අමතරව මෙවර තරගාවලියට මැටිල්ඩා කාල්සන් (අශ්වාරෝහක ඉසව්ව), මිල්කා ගිහානි ද සිල්වා (රිද්මයානුකූල ජිම්නාස්ටික් ඉසව්ව), ටෙහානි එගොඩවෙල (වෙඩි තැබීම කාන්තා ඉසව්ව), මැතිව් අබේසිංහ (පිහිනුම් ඉසව්ව), නිලූක කරුණාරත්න (බැඩ්මින්ටන් ඉසව්ව), චාමර ධර්මවර්ධන (ජූඩෝ ඉසව්ව), නිමාලි ලියනාරාච්චි (මීටර් 800 ඉසව්ව) සහභාගි වෙති.

මෙවර ඔලිම්පික් උළෙල ශ්‍රී ලංකාවට සුවිශේෂ ක්‍රීඩා උළෙලකි. ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බළකායේ ලු‍තිනන් කර්නල් ඩී.එම්.ටී.සී. දිසානායක, ඔලිම්පික් තරගාවලියක වෙඩි තැබීමේ ඉසව්වේ අන්තර්ජාතික තරග විනිසුරුවරයකු ලෙස වෙඩිතැබීමේ ඉසව්වකට තෝරාගත් පළමු විනිසුරුවරයා ලෙසින් ඉතිහාසයට එක්වීම ඒ සුවිශේෂී කරුණයි. මෙය යුද්ධ හමුදාවට මෙන්ම පොදුවේ මුළු රටටම ඉමහත් ගෞරවයකි.

1995 වර්ෂයේ සිට මේ දක්වා රයිෆල් සහ පිස්තෝල වෙඩික්කරුවෙකු ලෙස කටයුතු කළ ලු‍තිනන් කර්නල් ඩී.එම්.ටී.සී. දිසානායක 2003 වර්ෂයේ සිට ජාතික හා ජාත්‍යන්තර වෙඩිතැබීමේ තරගාවලිවල තීරකයෙකු, ජූරි සභාපතිවරයකු මෙන්ම අභියාචනා ජූරි සභිකයෙකු ලෙසද කටයුතු කර ඇත. එමෙන්ම, යුද්ධ හමුදා සුළු අවි සංගමයේ ලේකම් ලෙස ද ලු‍තිනන් කර්නල් ඩී.එම්.ටී.සී. දිසානායක කටයුතු කර ඇත.

ලු‍තිනන් කර්නල් ඩී.එම්.ටී.සී. දිසානායක ජාතික හා ජාත්‍යන්තර තලයේ වෙඩි තැබීමේ තරගාවලි රැසකට තරග තීරකයකු ලෙස වෙඩිපිටි භාර නිලධාරීයකු ලෙස හා තරග විනිසුරුවරයකු ලෙස සහභාගි වී ඇත. ඒ අතර, 2006 වර්ෂයේ කොළඹ පැවැති දකුණු ආසියානු ක්‍රීඩා තරගාවලියේදී වෙඩිපිටි භාර නිලධාරී ලෙස, 2013 සහ 2014 වසරවල පිළිවෙළින් මෙක්සිකෝවේ පැවති ජාත්‍යන්තර වෙඩි තැබීමේ ක්‍රීඩා සම්මේලන ලෝක ශුරතාවලියේ සහ කුවෙට් පැවැති ආසියානු වායු රයිෆල් තරගාවලියේ ජූරි සභිකයෙකු ලෙස, 2015, 2016 සහ 2017 යන වර්ෂවලදී පැවැති ජාත්‍යන්තර වෙඩි තැබීමේ ක්‍රීඩා සම්මේලන ලෝක ෂොට්ගන් ශූරතාවලියේ ෂොට්ගන් තීරකවරයකු වශයෙන්, 2014 සහ 2018 වසරවල පිළිවෙළින් කොරියාවේ සහ ඉන්දුනීසියාවේ පැවැති ආසියානු වායු තරගාවලියේ විනිසුරුවරයකු වශයෙන්, 2015 වසරේ එක්සත් ආරාබි එමීර් රාජ්‍යයේ පැවැති සිව්වැනි ෂොට්ගන් ශුරතාවලියේ ජූරි සභාපති වශයෙන් ද කටයුතු කිරීම ප්‍රධාන තැනක් ගනී.

එමෙන්ම, ජාත්‍යන්තර වෙඩි තැබීමේ ක්‍රීඩා සම්මේලන ලෝක ශූරතාවලියේ සහ ජාත්‍යන්තර වෙඩි තැබීමේ ක්‍රීඩා සම්මේලන කනිෂ්ඨ ලෝක ශූරතාවලියේ විනිසුරුවරයෙකු ලෙස ද ඔහු කටයුතු කර ඇත. තවද ලු‍තිනන් කර්නල් ඩී.එම්.ටී.සී. දිසානායක විසින් වෙඩිතැබීමේ ක්‍රීඩාව සම්බන්ධව පුහුණු පාඨමාලා රැසක් හදාරා ඇති අතර 2003 වර්ෂයේ සිට ජාතික වෙඩි තැබීමේ ක්‍රීඩා සම්මේලනයේ තනතුරු රැසක් ද හොබවා ඇත.

දකුණු කොරියාවේ චියොන්ජු :ක්‍යැදබටවම* හි පැවති ආසියානු පැරා ඔරු පැදීමේ ශූරතාවලිය – 2019 සඳහා සහභාගි වී සිය දස්කම් විදහාපාමින් රිදී පදක්කමකට හිමිකම් කියූ විශේෂ බළකායේ සැරයන් ජේ.එම්.පී. ජයකොඩි මෙවර පැරාලිම්පික් තරගාවලියට සුදුසුකම් ලැබීය.

ජාතික ක්‍රීඩා තේරීම් කමිටුවේ සභාපති, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මෙවර ඔලිම්පික් තරගාවලිය සඳහා සහභාගිවන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සිය සුබපැතුම් එක් කළේය. ඒ අවස්ථාවට ඔලිම්පික් කමිටුවේ සභාපති සුරේෂ් සුබ්‍රමනියම් මහතා, වෙඩිතැබීමේ කණ්ඩායමේ සභාපති ප්‍රදීප් එදිරිසිංහ මහතා, ඔලිම්පික් තරගාවලිය නියෝජනය කරනු ලබන ටෙහානි එගොඩවෙල සහ නිලූක කරුණාරත්න එක්වූහ.

ඔලිම්පික් ක්‍රීඩා උළෙලකට සහභාගිවීමම රටට ගෞරවයකි. ඒ ගෞරවය උදාකරමින් රටට පදක්කම් බලාපොරොත්තුවක් ගෙන එන සියලු‍ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අපේ සුබ පැතුම්.

දිලංක ගුණතිලක

SendShareShare
Previous Post

ගෙවල් ඇතුළෙ මැරුණු කෙල්ලො හා කොල්ලො ගැන මුජිබර්-විමල් ගැටුම…! (VIDEO)

Next Post

ලාෆ්ස් නැවැත්තුවත් ලිට්රෝ වැඩ! ඕනෑම සිලින්ඩරයකටත් ගෑස් පුරවන්න සූදානම්!

MORE NEWS

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News

ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

දකුණේ බලයත් සජබය ප්‍රමුඛ විපක්ෂය අල්ලන්න පටන් ගනී! අක්මීමනින් 50ක් දිනයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ අසනීප වෙයි! ජාතික රෝහලට ඇතුළත් කරයි! I Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News
Exclusive

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

චන්ද්‍රිකාගේ කාලේ ‘ඔපරේෂන් ක්ලීනප්’! මහින්දගේ කාලේ ‘මතට තිත’! රනිල්ගේ කාලේ ‘යුක්තිය’! අනුරගේ කාලේ ‘රටම එකට’! කුඩු කුඩුද? නඩු විතරද? පොලිස්පති ලකී කොඩිතුවක්කුගේ සිට ප්‍රියන්ත වීරසූරිය දක්වා…! Sri Lanka Latest News

Load More
ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News

ඉහළ යන ජීවන වියදමට විරෝධය පළ කරමින් ගම්පහ සජබ සංවිධානය විසින් පන්දම් දල්වමින් උත්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්වීමට කටයුතු කර තිබිණ.Sri Lanka...

Read more
ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

දකුණේ බලයත් සජබය ප්‍රමුඛ විපක්ෂය අල්ලන්න පටන් ගනී! අක්මීමනින් 50ක් දිනයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේ අසනීප වෙයි! ජාතික රෝහලට ඇතුළත් කරයි! I Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.