මේ දිනවල ආණ්ඩුව ඇතුළේ ආන්දෝලනාත්මක චරිතයක් බවට පත්ව සිටින රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා මහතා අද පැවැති ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමට සහභාගි වී ඇති බව වාර්තා වේ.
පසුගිය දිනෙක ලන්සා මහතා සිය කාර්ය මණ්ඩලයට පවා අමාත්‍යංශයෙන් ඉවත් වීමට උපදෙස් ලබා දී තිබූ අතර ජනාධිපතිවරයා පවා මුණගැසීමට සූදානමින් සිටින බව දැනගන්නට ඇත.










