කටුනායක අධිවේගී මාර්ගය සහ පිටත වටරවුම් මාර්ගය ඉදිකිරීමේදී චීන MCC සමාගම විසින් සිදු කරන ලද ගනුදෙනු සම්බන්ධයෙන් මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා විශේ්ෂ හෙළිදරව්වක් කළේය.
එහිදී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා කියා සිටියේ ඉකුත් ආණ්ඩු සමයේදී ලක්ෂ 25,000ක මිලට ඉදිකිරීමට තිබූ කිලෝමීටරයක් ලක්ෂ 43,000ක මිලක් මෙම සමාගමට ගෙවීම හරහා දැවැන්ත මුදල් වංචාවක් සිදුව ඇති බවකි.
එමෙන්ම ඉදිරි දින කිහිපය ඇතුළත මෙම සමාගම සහ එහි දේශීය නියෝජිතයා සම්බන්ධයෙන් තවත් හෙළිදරව් රැසක්ම සිදුකිරීමට නියමිතව ඇති බව දැනගන්නට ඇත.










