• About us
  • Contact us
Monday, June 15, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

‘ලලිත් කොතලාවල මැරෙන්න හැරියා! දේපොළ බෙදාගන්න පිටින් ආ කණ්ඩායම් දෙකක් අතර ගැටුමක් තිබුණා! අපිට ලලිත්ව බලන්න කතා කරන්නවත් දුන්නෙ නෑ!’ නම්ගම් හෙළිකරමින් නෑනා අධිකරණයේදී රහස් ‌ගොඩක් හෙළිකරයි! Sri Lanka Latest News

November 7, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
ප්‍රකට ව්‍යාපාරික ලලිත් කොතලාවලයන් මියයයි! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

සිය සොහොයුරියගේ සැමියා වන ලලිත් කොතලාවල මහතාගේ මරණය ස්වභාවිකව සිදු වූ මරණයක් නොව ඔහුගේ දේපළ හිමිකර ගැනීමේ අරමුණින් ඔහු වටා රොක් වූ කණ්ඩායම් දෙකකට අයත් සාමාජිකයන්ගේ ක්‍රියාකාරකම් නිසා සිදු වූ මරණයක් බවට තමා විශ්වාස කරන්නේ යැයි සෙරින් පේෂන් ඉග්මඩැන් ප්‍රනාන්දු විජේරත්න මහත්මිය ඊයේ (06දා) කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් පසන් අමරසේන මහතා ඉදිරියේ සාක්‍ෂි දෙමින් පැවසුවාය. Sri Lanka Latest News

වසර 30 – 40 ක් තිස්සේ ඔහුට හිතවත්ව සේවය කර ඔහුගේ විශ්වාසය දිනාගෙන සිටි සේවකයන් සේවයෙන් පහකර ලලිත් කොතලාවල මහතාව ප්‍රාණ ඇපයට ගෙන රඳවාගෙන සිටි කණ්ඩායම් දෙකක සාමාජිකයන් ඔහුගේ දේපළ අත්පත්කර ගැනීමෙන් පසුව ලලිත් කොතලාවල මහතා තවදුරටත් ජීවත්වීම අනවශ්‍ය යැයි සිතා ඔහුව ස්වභාවික මරණයක් කරා ගෙන යන්නට ඇති බවත් මහෙස්ත්‍රාත් මරණ පරික්‍ෂණයේදී සාක්‍ෂි දෙමින් 84 හැවිරිදි සෙරින් විජේරත්න මහත්මිය ප්‍රකාශ කළාය.

පදිංචිව සිටි නිවසින් ඉවත් කර කාර්යාල භූමියේ රඳවාගෙන සිටි සිය මස්සිනා වන ලලිත් කොතලාවල මහතා සමග නිදහසේ කතාබහ කිරීමට හෝ තමන් ඇතුළු කිසිදු ඥාතියෙකුට ඉඩ නොදුන් බවත් සිය ඥාතියාව බැලීමට පිටස්තර කාන්තාවක වන නිරෝෂා ප්‍රියදර්ශනී නමැත්තියගෙන් අවසර ගැනීමට පවුලේ සමීප ඥාතීන්ට පවා සිදුවූයේ යැයි ඉංග්‍රීසි – සිංහල භාෂණ පරිවර්තකවරයකුගේ සහාය ඇතිව සාක්‍ෂි දෙමින් ඇය පැවසුවාය.

එලෙස එම කාන්තාවගෙන් අවසර ලබාගෙන හෝ ඔහු සමග කතා කිරීමට අවසර ලැබුණේ විනාඩි කිහිපයක් පමණක් බවත් එවැනි අවස්ථාවලදී පවා නිරෝෂා ප්‍රියදර්ශනී නමැත්තිය හෝ ආරක්‍ෂක නිලධාරීන් ඔහු සමග ඥාතීන් සිදුකරන කතාබහ ජංගම දුරකථන මගින් පටිගත කරන බව දක්නට ලැබුණු බවත් සාක්‍ෂිකාරිය පැවසුවාය.

ගෝල්ඩන් කී සමාගමේ මුදල් තැන්පත් කිරීමට අදාළ නඩු කටයුතු ආරම්භ වීමෙන් පසු ලලිත් කොතලාවල මහතා රක්‍ෂිත බන්ධනාගාර භාරයට පත් වූ බවත් ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න මහතාගේ කාර්යාලයේදී ඉදිරි නඩු කටයුතු ගැන සාකච්ඡා කරමින් සිටියදී යතුරු පැදියකින් පැමිණි අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ හා පොලිස් දෙපාර්තමේන්තුවේ සේවය කළ ලලිත් අමරසිංහ සහ ප්‍රියදර්ශන වන්නිආරච්චි නමැති දෙදෙනා නඩු කටයුතුවලට අවශ්‍ය පහසුකම් සපයාදීම සඳහා රුපියල් 10,000 බැගින් ඉල්ලා සිටි බවත් සාක්‍ෂිකාරිය පැවසුවාය. ලලිත් කොතලාවල මහතා ඇප ලබා පැමිණි පසු නිරතුරුවම ඔහුගේ නිවසට පැමිණ විටෙක අධිකරණය හමුවේදී ඇපකරුවන් ලෙසට ද ඉදිරිපත් වූ එම පුද්ගලයන් දෙදෙනා ලලිත් කොතලාවල මහතාගේ හිත දිනාගෙන ඔහුගේ නිල කාර්යාලයේ කටයුතුවලට සම්බන්ධ වූ බවත් පැවසූ සාක්‍ෂිකාරිය ඔවුන් දෙදෙනා සිය මස්සිනාගේ මනස විකෘති කිරීමට පටන් ගෙන තිබූ බව ද පැවසුවාය. ලලිත් කොතලාවල මහතා අධ්‍යක්‍ෂ මණ්ඩල රැස්වීම් පවත්වන අවස්ථාවලදී අධ්‍යක්‍ෂ මණ්ඩල රැස්වීම් ශාලාව තුළ පවා රැඳී සිටි එම පුද්ගලයන් දෙදෙනා පසු කාලීනව ලලිත් කොතලාවල මහතාට අයත් සමාගම් කිහිපයක අධ්‍යක්‍ෂවරුන් ලෙස කටයුතු කළේ යැයි ද පැවසුවාය.

ඉන් වසර දෙකකට පමණ පසු නවක නීතිඥවරුන් වන සමන් ලියනගේ, රිෂ්මි ගොඩැල්ලවත්ත හා දිනේෂ් ජයවීර යන තිදෙනා ලලිත් කොතලාවල මහතාගේ කාර්යාලයට පැමිණ ඔහුගේ කටයුතුවලට සම්බන්ධ වූ බවත්, සමන් ලියනගේ නමැත්තාගේ සහෝදරියක වන නිරෝෂා ප්‍රියදර්ශනී නමැත්තිය ද පසුව එම කණ්ඩායමට එක් වූ බවත් සාක්‍ෂිකාරිය පැවසුවාය. ලලිත් කොතලාවල පවුලේ අයට අයත් සමාගම්වල සමාගම් ලේකම්වරියක ලෙස රිෂ්මි ගොඩැල්ලවත්ත පසුකාලීනව එක් වූ බවත් මෙකී කණ්ඩායම් දෙකම ලලිත් කොතලාවලට අයත් දේපළ අත්පත් කර ගැනීමේ පෙර සැලසුමක් ඇතිව ඔහුට සමීප වූ අය වන්නේ යැයි ද පැවසූ සාක්‍ෂිකාරිය ලලිත් කොතලාවල මහතා රඳවා සිටි කාමරය සහ අධ්‍යක්‍ෂ මණ්ඩලය රැස්වීම් පැවැත්වූ ශාලාව සූර්යාලෝකය පවා නොලැබෙන පරිදි කළුපාට ආලේපවලින් ආවරණය කර තිබූ ස්ථාන බව ද පැවසුවාය. මෙකී පරිසරයම සිය මස්සිනාගේ මනසට පීඩාකාරී වන අයුරින් සකසා තිබූ බවත් පැවසූ සාක්‍ෂිකාරිය පෙර සමීපව සිටි අය නොව තමන් ඔහුට හිතවත් අය බව ලලිත් කොතලාවල මහතාට පෙන්වීමට ඔවුන් උත්සාහ දැරූ බවත් පසුකාලීනව දේපළ බෙදාගැනීම සම්බන්ධයෙන් එම කණ්ඩායම් දෙක අතර ද ගැටුම් ඇති වූ බවත් පැවසුවාය.

අසනීප වූයේ යැයි කියන ලලිත් කොතලාවල මහතාව එම කාර්යාලය අසල පිහිටි ඩර්ඩන්ස් රෝහලට ඇතුළත් නොකොට නාරාහේන්පිට ප්‍රදේශයේ පිහිටි රෝහලකට දුර බැහැර ගෙවා රැගෙන ඒම මෙන්ම ඒ පිළිබඳ ලැබුණු තොරතුරු අනුව තමා සහ සිය දියණිය රෝහලට යන විට එහි සිටි නිරෝෂා ප්‍රියදර්ශනී නමැත්තිය තමන්ට මුහුණ නොදී සැඟවුණු බව ද සාක්‍ෂිකාරිය පැවසුවාය. ඇය ලලිත් කොතලාවල මහතාගේ ඇසුරට පැමිණි සමයේ ලලිත් කොතලාවල මහතා ඇයට මහරගම ප්‍රදේශයේ පිහිටි නිවසක් පවා මිලදී ලබාගෙන තිබූ බව ද කොතලාවල මහතාගේ ඥාති දියණියන් දෙදෙනකු ඔහු රෝහල්ගත කිරීමට දින දෙකකට පෙර ඔහුව දැකීමට යන විටත් ඔහු යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසු වූ බව දැන ගන්නට ලැබුණු බව ද පැවසුවාය. මෙම මරණය නිව්මෝනියා රෝග තත්ත්වය උත්සන්නවීමෙන් සිදු වී ඇති බවට බම්බලපිටිය පොලිසිය මාධ්‍යයට ප්‍රකාශ කර ඇති බව පැවසූ සාක්‍ෂිකාරිය අධිකරණ වෛi නිලධාරීන් විසින් මරණයට හේතුව ප්‍රකාශයට පත් කර නොතිබියදීත් පොලිසිය එලෙස මාධ්‍යයට පැවසීම සහ අනෙකුත් කරුණු අනුව එම මරණය සිය වාසියට හරවා ගැනීමට නිරතුරුවම උත්සාහ දරන පෙර කී කණ්ඩායම් දෙක හා පොලිසිය එකී මරණය සිදු වූ ආකාරය යටපත් කිරීමට උත්සාහ දරන බවක් තමන්ට හැඟී ගියේ යැයි ද පැවසුවාය. වැඩිදුර මහෙස්ත්‍රාත් පරීක්‍ෂණය අද (07දා) දක්වා කල් තැබිණි.

ලලිත් කොතලාවල මහතාගේ මරණය සම්බන්ධයෙන් සාක්‍ෂි ලබාදීමට ඔහු යටතේ කලක් සේවය කළ එම්. ඒ. සමරකෝන්, රම්‍යා උක්වත්ත, මහින්ද වඩුගේ සහ ආර්. ඩී. සුනේත්‍රා කුමාරි යන සිව්දෙනා ද අධිකරණයට පැමිණ සිටියහ. ජ්‍යෙෂ්ඨ නීතිඥ හපීල් පාරිස් මහතා සාක්‍ෂිකාරියගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටියේය.

දිවයින

SendShareShare
Previous Post

රසායනාගාර පරීක්ෂණ දෙකකින්ම ෆේල් වෙලා! සිංගප්පූරුවේ සිට අරන් ආ බාල ‌ඩීසල් මෙට්‍රික් ටොන් 40,000ක් බෙදන්න ලෑස්තියි! Sri Lanka Latest News

Next Post

ජනප්‍රිය චිත්‍රපට-ටෙලිනාට්‍ය නළුවෙක් අමුතු චරිතයක් රඟපාලා! බලාගෙන යද්දි තදින්ම සූදු කෙළින එකෙක්ලු! දවසට කෝටියක් කැසිනෝ ගහලා පරදිනවලු! Sri Lanka Latest News

MORE NEWS

ආණමඩුවේ සමගි වනිතා බල මණ්ඩල පළමු රැස්වීමට කාන්තා සහභාගීත්වය ඉහළින්ම! PHOTOS I Sri Lanka Latest News
Exclusive

ආණමඩුවේ සමගි වනිතා බල මණ්ඩල පළමු රැස්වීමට කාන්තා සහභාගීත්වය ඉහළින්ම! PHOTOS I Sri Lanka Latest News

කෝච්චි හෝන් එකෙන් අරගලයට සපෝට් එක දෙන හැටි! (VIDEO)
Exclusive

අද කෝච්චියේ කාල සටහන දිහා බලන්න එපා! I Sri Lanka Latest News

ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News
Exclusive

යුද්ධය ඉවරයි! ඓතිහාසික ඉරාන-අමෙරිකා සාම ගිවිසුම ලබන සිකුරාදා ජිනීවාවලදී අත්සන් කරනවා! I Sri Lanka Latest News

අවුරුදු 14කට පසු රත්තොටට ආ පක්ෂ කාර්යාලය! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 14කට පසු රත්තොටට ආ පක්ෂ කාර්යාලය! PHOTOS I Sri Lanka Latest News

ඩෙංගු වසංගතය එන්න එන්නම දරුණු වෙයි! මාස 6ට මරණ 26ක්! රෝගීන් 45,269ක්! Sri Lanka Latest News
Exclusive

අවුරුදු 76කටම තිබ්බෙ නැති ඩෙංගුවක් තමයි මේ පාර තියෙන්නේ..! ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

Exclusive

ඔත්තෝබර්-නොවැම්බර් ලංකාවට ආයෙත් ගංවතුරක්! දෙසැම්බර්-ජනවාරි-පෙබරවාරියේ එල්-නිනෝ තත්ත්වය අතිප්‍රබලයි! I Sri Lanka Latest News

Load More
ජාත්‍යන්තර තේ දිනය නිමිත්තෙන් බැසිලර් තේ (Basilur Tea) සමාගම ‘රූට්ස් ඔෆ් සිලෝන්’(Roots of Ceylon) වැඩසටහන දියත් කරයි! Sri Lanka Latest News
Business

ජාත්‍යන්තර තේ දිනය නිමිත්තෙන් බැසිලර් තේ (Basilur Tea) සමාගම ‘රූට්ස් ඔෆ් සිලෝන්’(Roots of Ceylon) වැඩසටහන දියත් කරයි! Sri Lanka Latest News

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම තේ සන්නාමයක් වන 'බැසිලර් ටී’ (Basilur Tea), ජාත්‍යන්තර තේ දිනය සමරමින් ‘රූට්ස් ඔෆ් සිලෝන්’ (Roots of Ceylon)...

Read more
ආණමඩුවේ සමගි වනිතා බල මණ්ඩල පළමු රැස්වීමට කාන්තා සහභාගීත්වය ඉහළින්ම! PHOTOS I Sri Lanka Latest News

ආණමඩුවේ සමගි වනිතා බල මණ්ඩල පළමු රැස්වීමට කාන්තා සහභාගීත්වය ඉහළින්ම! PHOTOS I Sri Lanka Latest News

කෝච්චි හෝන් එකෙන් අරගලයට සපෝට් එක දෙන හැටි! (VIDEO)

අද කෝච්චියේ කාල සටහන දිහා බලන්න එපා! I Sri Lanka Latest News

ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News

යුද්ධය ඉවරයි! ඓතිහාසික ඉරාන-අමෙරිකා සාම ගිවිසුම ලබන සිකුරාදා ජිනීවාවලදී අත්සන් කරනවා! I Sri Lanka Latest News

අවුරුදු 14කට පසු රත්තොටට ආ පක්ෂ කාර්යාලය! PHOTOS I Sri Lanka Latest News

අවුරුදු 14කට පසු රත්තොටට ආ පක්ෂ කාර්යාලය! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.