කුණ්ඩසාලේ විවිධ සේවා සමුකාර සමිතියේ නව අධ්‍යක්ෂ මණ්ඩලය සඳහා සාමාජිකයින් 07 දෙනෙකු තෝරා පත්කර ගැනීම සඳහා වූ නිලවරණයේදී සියලුම සාමාජිකයින් ඒකාබද්ධ විපක්ෂයෙන් තේරී පත් වුණා.Sri Lanka Latest News
ජාතික ජනබලවේගයෙන් කිසිදු සාමාජිකයෙකු අධ්‍යක්ෂ මණ්ඩලයට මෙහිදී තේරී පත් නොවීම විශේෂත්වයක්.
නිලවරණය මැණික්හින්නේ පිහිටි කුණ්ඩසාලේ සමුපකාර සමිති ශ්‍රවණාගාරයේදී පෙරේදා (28) පැවැත්වුණේ මහනුවර දිස්ත්‍රික් සමුපකාර සහකාර කොමසාරිස්වරයාගේ ප්‍රධානත්වයෙන්.
මෙහිදී සභාපතිධුරයට තිස්ස උඩගම පත් වුණා.
නිලවරණය සඳහා ඒකාබද්ධ විපක්ෂය ලෙස සමගි ජනබලවේගය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා සර්ව ජන බලය නියෝජනය කරමින් සමාජිකයින් ඉදිරිපත් වී තිබුණා.










