පුද්ගලයෙකු විසින් තවත් අයෙකුට පොල්ලකින් පහරදීමේ සිද්ධියක් දැක්වෙන වීඩියෝ පටයක් මේ වන විට සමාජ මාධ්‍ය තුළ සංසරණය වෙමින් තිබෙනවා.Sri Lanka Latest News
පොලිසිය මේ සම්බන්ධයෙන් නිරීක්ෂණය කර තිබෙන අතර මෙම පහරදීම සිදු කරන පුද්ගලයා කුලියාපිටිය පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ ස්ථානධිපතිවරයා බවට අනාවරණය කරගෙන තිබෙනවා.
ඒ අනුව, වයඹ පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ සෘජු අධීක්ෂණය යටතේ සහකාර පොලිස් අධිකාරිවරයෙකු විසින් පරීක්ෂණයක් ආරම්භ කළ බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසුවේ.
මේ අතර පහරදීම කළ නිලධාරියා වහාම ක්‍රියාත්මක වන පරිදි කුලියාපිටිය පොලිස් ස්ථානයේ සිට මාවතගම පොලිස් ස්ථානය වෙත මාරු කර යවා ඇති බවද පැවසුවා.
සැකකාර නිලධාරීයාට එරෙහිව ඉදිරියේදී විනය ක්‍රියාමාර්ග ගැනීමට නියමිතව තිබෙනවා.










