“දිට්වා” සුළු කුණාටුවේ බලපෑමක් සමග ඇති වූ අයහපත් කාලගුණය නිසා දේශීය මෙන්ම විදේශීය සංචාරකයින්ගේ ආකර්ෂණය දිනාගත් දෙමෝදර ආරුක්කු 9 දුම්රිය පාලම අවට නාය යැමේ තර්ජනයට ලක්ව ඇතැයි මධ්‍යම සංස්කෘතික අරමුදල සඳහන් කරනවා.Sri Lanka Latest News
එම ප්‍රදේශය තුළ නව සංචාරක කලාපයක් ගොඩ නගමින් පැවතුණු අතර පසුගිය දා ඇතිවූ ආපදා තත්ත්වයෙන් එහි ගොඩනැගිලි කිහිපයකට ද හානි සිදුවී ඇති බව එම අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය නිලාන් කුරේ සඳහන් කළා.
රුපියල් මිලියන 300ක පමණ ආයෝජනය කර ආරුක්කු 9 දුම්රිය පාලම විදුලි ආලෝක කිරීමේ සහ නව සංචාරක කලාපයක් ස්ථාපිත කිරීමේ ව්‍යාපෘතිය මේ වසර තුළදී අවසන් කිරීමට නියමිතව තිබුණා.
එහෙත් මෙම ආපදා තත්ත්වය හේතුවෙන් සිදුවූ නායයෑම මෙන්ම ගොඩනැගිලි විනාශ වීමක් නිසා මෙහි ඉදිකිරීම් අවසන් කිරීම ප්‍රමාද වනු ඇතැයි පැවසෙනවා.
අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේ කිසිසේත්ම මෙම ව්‍යාපෘතිය අත්හිටුවීමට රජයේ කිසිදු සූදානමක් නොමැති බවයි.
එම නිසා මෙම ව්‍යාපෘතිය කඩිනමින් අවසන් කර ලබන වසරේදී දේශීය හා විදේශීය සංචාරකයින් සඳහා විවෘත කිරීමට බලාපොරොත්තු වෙන බව ද හෙතෙම අවධාරණය කළා.










