නවදිල්ලියේ ශ්‍රී ලංකා නව මහ කොමසාරිස්වරිය ලෙස ක්ෂෙනුකා සෙනෙවිරත්න මහත්මිය පත්කිරීමට නියමිතව ඇති බව වාර්තා වේ.Sri Lanka Latest News
වත්මන් ඉන්දීය මහකොමසාරිස්වරයා වන මිලින්ද මොරගොඩ මහතා ලබන මාසයේදී සිය ධූරය අවසන් කිරීමට නියමිතය.
සෙනෙවිරත්න මහත්මිය මේ වන විට ජනාධිපති ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් (විදේශ මාධ්‍ය) ලෙස කටයුතු කරයි.
විදේශ ලේකම්වරිය ලෙස කටයුතු කිරීමට අමතරව, සෙනෙවිරත්න මහත්මිය නිව්යෝර්ක්හි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිතවරිය ලෙසත්, එක්සත් රාජධානියේ මහ කොමසාරිස්වරිය ලෙසත් පසුව තායිලන්තයේ ශ්‍රී ලංකා තානාපතිවරිය ලෙසත් කටයුතු කොට ඇත.