අනුරාධපුර සහ වැලිකඩ බන්ධනාගාරවලට,බීමතින් සිය මිතුරන් පිරිසක් සමඟ අයුතු ආකාරයෙන් ඇතුළු වු බවට චෝදනා එල්ල වී ඇති, මැණික් හා ස්වර්ණාභරණ ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය ඇමති ලොහාන් රත්වත්තේ මහතා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මධ්‍යම විධායක කමිටුව රැස්වී, සාකච්ඡා කර සුදුසු පියවරක් ගන්නා බව එම පක්ෂයේ ප්‍රධාන ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා පැවැසීය .
ඉතාලියේ සංචාරයක් සඳහා පිටත්ව ගිය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මේ සති අන්තයේ දිවයිනට පැමිණීමට නියමිත බැවින්, අගමැතිවරයා පැමිණි පසු පක්ෂයේ මධ්‍යම විධායක කමිටුව රැස්වීමට බලාපොරොත්තු වන බවද ඔහු සඳහන් කළේය .










