මැදිරිගිරිය කවුඩුල්ල ප්‍රදේශයේ කන්න රැස්වීමේ පොහොර සම්බන්ධයෙන් උණුසුම් තත්ත්වයක් මතුවීමත් සමග ගොවීන් රැස්වීම අතරමැදදී නිලධාරීන්ට විරෝධය පළ කොට පිටව ගිය ආකාරයක් දැකගන්නට ලැබිණ.
පොලොන්නරුව දිසා ලේකම්වරයාගේ ප්‍රධානත්වයේන මෙම කන්න රැස්වීම පැවැත්විණ.
මෙහිදී ගොවීන් කියා සිටියේ ගොවිතැන් කරන ලෙස අණ කිරීමට නිලධාරීන්ට නොහැකි බවත්, ඉදිරියේදී මීට එරෙහිව දැවැන්ත විරෝධතාවක් පවත්වන බවත්ය.










