කතරගම ප්‍රාදේශීය සභාව තුළ වංචා දූෂණ රැසක් සිදුව ඇති බවට මේ වනවිට පැමිණිලි රැසක් ඉදිරිපත්ව ඇති බව වාර්තා වේ.
එහි සභාපතිවරයාට එරෙහිවද පැමිණිලි ගණනාවක් ලැබී ඇති බවත්, මෙතෙක් ඒ සම්බන්ධයෙන් කිසිදු පියවරක් නොගැනීම සම්බන්ධයෙන් සිය අප්‍රසාදය පළකරන බවත් සභාවේ මන්ත්‍රීවරු පෙන්වා දෙති.
ඔවුන් සදහන් කරන්නේ දැනටමත් මේ පිළිබදව අවස්ථා ගණනාවකදීම ඌව ආණ්ඩුකාරවරයා වෙත පැමිණිලි කොට ඇති බවකි.
එමෙන්ම කතරගම ප්‍රාදේශීය සභාවේ අයවැයද මේ වනවිට දෙවතාවක්ම පරාජයට පත්ව ඇති නමුදු තවමත් සභාපතිවරයා එහි රාජකාරී සිදුකරගෙන යාම ගැටලුවක් බවද ඔවුහු සදහන් කර සිටිති.
ඔවුන් වැඩිදුරටත් සදහන් කර සිටින්නේ වහාම සභාවේ පාලනය වත්මන් සභාපතිවරයාගෙන් ඉවත් කොට කොමසාරිස්වරයකු යටතට පත් කළ යුතු බවට තමන් යෝජනා කරන බවකි.










