උඩදුම්බර එක්සත් ජාතික පක්ෂ සංවිධායක ලෙස කටයුතු කළ දිනේෂ් කපුකොටුව මහතා අද සමගි ජන බලවේගය සමග එක්ව තිබේ.
ඒ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හසලක නගරයේදී සහභාගී වූ ජන රැළියක් අතරතුරය.
කලක් ලන්ඩනයේ එක්සත් ජාතික පක්ෂ මහා බ්‍රිතාන්‍ය ශාඛා සභාපති ලෙස ද කටයුතු කළේ දිනේෂ් කපුකොටුව මහතාය.
ඔහු කලක් එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම්වරයා ලෙස කටයුතු කළ සෙනරත් කපුකොටුව මහතාගේ සහෝදරයෙකි.










