ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීම සදහා ජනතා අත්සන් එකතු කිරී මේ ව්‍යාපාරයක්, ද්‍රවිඩ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතාගේ ප‍්‍රධානත්වයෙන් හෙට දිනයේ දී ආරම්භ කිරීමට නියමිතය.
අත්සන් ව්‍යාපාරය හෙට පෙරවරු 11.00 සිට පස්වරු 1.00 දක්වා කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිටින් ආරම්භ වේ.
ත‍්‍රස්තවාදය වැලැක්වීමේ පනතට පසුගිය දා රජය සංශෝධන ඉදිරිපත් කර තිබුණු අතර, එම සංශෝධනවලින් පනතේ බිහිසුණු බව කිසිදු ලෙසකින් හෝ අඩු නොවන බව මන්ත‍්‍රී සුමන්තිරන් මහතා පවසයි.
එබැවින්, පනත සම්පූර්ණයෙන්ම ඉරා දමා, ජාත්‍යන්තර මානව හිමිකම් නීතීන්ට හා ප‍්‍රමිතීන්ට අනුකූල නීතියක් සම්පාදනය කරන ලෙසද ඔහු ඉල්ලා සිටියි.










