හිරු රූපවාහිනියේ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාගේ පිළියන්දල පිහිටි නිවසට අද අළුයම නාදුනන සන්නද්ද කණ්ඩායමක් විසින් ප්‍රහාරයක් එල්ල කර තිබේ.
ඔහු සඳහන් කළේ තම නිවස පිහිටි නිවාස සංකීර්ණයට අද අලුයම පැමිණි සිව් දෙනකුගෙන් පමණ පිරිසක් මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවයි.
සුදු වෑන් රථයකින් පැමිණ එම පිරිස පළමුව නිවාස සංකීර්ණයේ ගේට්ටුව බලයෙන් විවෘත කර එහි සිටි ආරක්ෂක නිළධාරියාගේ හිසට පිස්තෝලයක් එල්ල කර බිය වද්දා තම නිවසට පැමිණ ඇති බව ද ඔහු පැවසීය.
එසේ පැමිණි පුද්ගලයන් තමන් නිවසට ගල්මුල් ප්‍රහාරයක් සහ අසූචි ප්‍රහාරයක්ද එල්ල කළ යුතු බව පැවසූ ඒ මහතා වෙඩි ශබ්ද කිහිපයක්ද ඇසුණු බව ද පැවසීය.
තමන් තම නිවසේ නිදා සිටියදී කිසියම් කණ්ඩායමක් පැමිණ එක දිගට පහරදුන් බවත්, ඒ සමග විශාල ශබ්දයක් ඇසී තමන් නින්දෙන් අවදි වුණු බවත් මාධ්‍යවේදී චමුදිත සමරවික්රම මහතා සඳහන් කරයි.
පිළියන්දල පිහිටි ඔහුගේ නිවසට එල්ල වූ ප්‍රහාරය පිළිබඳව මාධ්‍ය වෙත අදහස් පළ කරමින් හෙතෙම මේ බව කියා සිටියේය.
නිවසේ වීදුරු රැුසකට හානි සිදුවී ඇති බවත් නිවස පුරාම අසූචි ප්‍රහාරයක් එල්ල වී ඇති බවත් පැවසූ ඔහු මේ සම්බන්ධයෙන් තමන්ට සැක කළ හැකි අයෙකු නම් කළ නොහැකි බවද කියා සිටියේය.
තමන් සිටින නිවාස සංකීර්ණයේ ආරක්ෂක නිලධාරියාට පිස්තෝලයක් එල්ල කර බිම දිගාකර මෙම ප්‍රහාරකයන් පැමිණ ඇති බවද ඔහු තවදුරටත් පැවසීය.
මේ වන විට තම නිවසේ නිවසට පැමිණි පොලිස් කණ්ඩායම් කිහිපයක් පරීක්ෂණ අරඹා ඇති බවත් හෙතෙම තවදුරටත් කියා සිටියේය.
පසුගිය දින කිහිපය පුරාම චමුදිත සමරවික්රම මහතා ආන්දෝලනාත්මක රූපවාහිනී වැඩසටහන් කිහිපයක්ම සිදු කිරීමට පියවර ගෙන තිබිණ.










