කඩුවෙල නගරාධිපති රංජන් ජයලාල් සහ සත්ත්ව සුබසාධන සංවිධානයක නියෝජිතයින් පිරිසක් අතර සිදුවූ බව කියන බහින්බස් වීම සම්බන්ධයෙන් අපක්ෂපාතී විමර්ශනයක් සිදුකරන බව පොලිසිය පවසනවා.Sri Lanka Latest News
විමර්ශන සිදුකරන උසස් පොලිස් නිලධාරියෙකු සඳහන් කළේ ඒ සඳහා සී.සී.ටී.වී දර්ශන උපයෝගි කර ගන්නා බවයි.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ද ගොනු කරන බවයි අදාළ සත්ත්ව සුබසාධන සංවිධානයේ නියෝජිතයින් කියා සිටියේ.
කඩුවෙල මහ නගර සභාව විසින් කැඳවා තිබූ සාකච්ඡාවකට සහභාගී වූ තමන්ට නගරාධිපති රන්ජන් ජයලාල් තර්ජනය කළ බව සත්ත්ව සුබසාධන සංවිධානයක නියෝජිතයින් ප්‍රකාශ කළා.
මාලබේ ප්‍රදේශයේ වීථි සුනඛ ගැටලුවක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට මෙම පිරිස මහ නගර සභාව වෙත කැඳවා තිබුණේ පෙරේදා දිනයේදීයි.
සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා සත්ත්ව සුබසාධන සංවිධානය නියෝජනය කරමින් ඊට එක්වූ නීතිඥවරිය මේ සම්බන්ධයෙන් කඩුවෙල පොලිසියට මෙන්ම නීතිඥ සංගමයට පැමිණිලි කර තිබුණා.
එල්ල වන චෝදනාව පිළිබඳව අප කඩුවෙල නගරාධිපති රන්ජන් ජයලාල්ගෙන් ද විමසීමක් කළ අතර ඔහු ඊට ප්‍රතිචාර දක්වමින් කියා සිටියේ තමන්, කාරුණික ලෙස සිය නිල කාමරයෙන් ඉවත් වන ලෙස ඇගෙන් ඉල්ලා සිටි බවයි.
කෙසේ වෙතත්, තර්ජනය කළ බව කියන අවස්ථාවේ හඩපටයක් ද මේ වනවිට සමාජ මාධ්‍යයේ සංසරණය වනවා.










