අප්‍රේල් මස 27 දින පැවැත්වෙන සමගි තරුණ බලවේගය කෑගල්ල දිස්ත්‍රික් තරුණ සමුළුව පිළිබඳ මාවනැල්ලේ ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 20 වැනිදා පැවැත්වුණා.
මෙහිදී සමුළුව පිළිබඳ දැනුවත් කිරීමේ අත්පත්‍රිකා බෙදාදීමක් සිදුකරමින් මාවනැල්ල නගරයේ වෙළෙඳ ප්‍රජාව හා නගරයට පැමිණෙන තරුණ, තරුණයින් මෙන්ම නගරයට පැමිණ සිටි ජනතාව දැනුවත් කිරීම ද සිදුකරනු ලැබුවා.