කොත්තුවක් කන්න ඇවිල්ලා ඒකේ ගාන අහලා ඒක පැහැදිලි කරගන්න හදපු විදේශිකයාව පලයං යන්න කියලා එළවන ගොං කබ්බට මේක කියන්නේ. යකෝ උඹ දන්නවද අපි හෙන දුප්පත් රටක්. අපි හරි අමාරුවෙන් ගේමක් ගහගෙන ජීවත් වෙන රටක්. අපිට හැම දෙයක්ම නෑ. අපි අමාරුවෙන් තමයි දේවල් හොයාගන්නේ. මතකද දන්නෑ ඉස්සර අපි තෙල් පෝලිම්වල හිටියා. මතකද දන්නෑ ඉස්සර අපි බේත් නැතුව මාර ප්‍රශ්න ගොඩකට මුහුණ දුන්නා. ගෑස් තිබුණේ නෑ. මේ හැම මඟුලකටම හේතුව අපි ගාව විදේශ විනිමය, ඩොලර් නැති එක. ඩොලර් කියලා කියන්නේ අපිට අච්චු ගහලා මහ බැංකුවේ කාටහරි කියලා බෙදාගන්න පුළුවන් එකක් නෙවෙයි. ඩොලර් කියන්නේ පිටරටින් එව්ව පලියටම අපිට එකතු කරගන්න පුළුවන් දේකුත් නෙවෙයි. මොකද අපේ රටෙන් පිටරට ගිය උන්ගෙන් බාගෙට බාගයක් සල්ලි එවන්නේ වෙන වෙන උපක්‍රමිකව. සමහර මිනිස්සු රට ගිහින් තියෙන්නේ පවුල් පිටින්. ඒ නිසා ඒ අයට ලංකාවට සල්ලි එවන්න අවශ්‍ය නෑ. ඒ මිනිස්සු සල්ලි හොයලා එහේ ජීවත් වෙලා, එහෙ වියදම් කරනවා. (Sri Lanka Latest News)
ඇත්තටම ලෝකෙ ගොඩක් රටවල් ප්ලෑන් කරන්නෙත් ඒ විදියට. ඒගොල්ලෝ ට්‍රයි කරන්නේ ඒ රටේ උපයන මුදල් ඒ රටේම වියදම් කරවගන්න. ඒ අස්සේ අපට යන්තම් ඔළුව ගහගෙන ගොඩ එන්න තියෙන එකම එක මාර්ගය තමයි මේ ටුවරිසම් කියලා කියන්නේ. යාන්තම් ටුවරිසම්වලින් කීයක් හරි හොයාගෙන පොඩි ගේමක් ගහගෙන කාලා ඇඳලා ජීවත් වෙන්න පටන් අරගත්තා විතරයි එක එක ගොං කබ්බෝ ඇවිල්ලා මෝඩ ආතල් ගන්න පටන් අරගෙන. මේ මඟුලෙන් වෙන්නේ ලංකාවට එන සුද්දත් එන්නේ නැතුව යන එක. ඒ අස්සේ අපි දන්නවා ලංකාවේ බොහෝ වෙලාවට තියෙන විශාල ප්‍රශ්නයක් තමයි විදේශකියෝ ලංකාවට ආවට ඒගොල්ලෝ දැන් ලංකාවෙන් කෑම බීම ගන්නේ නෑ, මිල මුදල් දීලා දේවල් ගන්නේ නෑ. ඒ වගේම ඒගොල්ලෝ පුරුදු වෙලා තියෙනවා චූන් පාන් කන්න, පාරේ කොත්තු කඩේකින් කොත්තුවක් කාලා ගේමක් ගහගන්න. ඒකට හේතුව ලංකාවේ ව්‍යාපාර ඇතුළේ පුළුවන් තරම් සුද්දව අන්දලා ඒකගෙන් ගසාකාලා නොවටිනා මුදල්වලින් දේවල් කරගන්න හදනවා කියන එක. හැබැයි එකක්. ටුවරිසම්වලදී විදේශිකයන්ට භාණ්ඩ අලෙවි කරන්නේ ස්වදේශිකයන්ට අලෙවි කරන මිලටම නෙවෙයි. ඒක තමයි විදිය. ඒ වගේම විදේශිකයෙක්ට කෑම වේලක් දෙනකොට විදේශිකයෙක්ට පහසුකමක් සලසනකොට ඒක පොඩ්ඩක් වී.අයි.පී. විදියට සලසනවා. ඒ නිසා විදේශිකයාගෙන් අපි විශේෂ මුදලක් අයකරන එක සාමාන්‍ය දෙයක්. ඉතින් මේ තත්ත්වය යටතේ අපි ගානක් කියලා ඒ විදේශිකයට දෙයක් විකුණන්න හදනකොට ඒ මනුස්සයට අයිතියක් තියෙනවා ඒ ගැන ප්‍රශ්න කරන්න. හොයන්න බලන්න. මොකද තමන් මිලට ගන්න යන දේ ගැන අහන්න ඔහුට සිවිල් බලයක් තියෙනවා. ඒ විදේශිකයා මේ වීඩියෝව දැන් ලෝකෙටම යවලා ඉවරයි. මේක මුළු ලෝකෙම දැකලා ඉවරයි. මේ ගොං කබ්බා කතාකරන්නේ ඉංග්‍රීසියෙන් හින්දා ලෝකෙටම මේක තේරුම් ගන්නත් පුළුවන් වෙනවා. අපි රෙස්පට් වෙන්න ඕනේ. හැබැයි ඒ නියපොත්තෙන් මොකක්ද එක කහගන්න පුළුවන් ලෙවල් එකට ආවට පස්සේ. තමන්ගේ කඩේට ආපු සුද්දව එළවලා දාන්න ඔහුට අයිතිය තියෙනවා. ඒකේ කිසි ප්‍රශ්නයක් නෑ. අනිත් එක ඒ විදේශිකයා අහනවා මම මොකක්ද කළේ කියලා. ඔහු ඒ කෑම වර්ගයේ මිල අහනවා තව කෙනෙක්ගෙන්. ඒවා සාමාන්‍ය දෙයක්.
අපි මේ වීඩියෝව නොදැකපු කෙනකුට කියනවා නම් කියන්න තියෙන්නේ විදේශිකයෙක් එනවා එක්තරා කඩේකට. ඒ මනුස්සයා කඩේට ඇවිල්ලා කඩේ තියෙන කොත්තු රොටියක් මිලදී ගන්න උත්සාහ කරනවා. ඇත්තට ඒ කෑම වර්ග ඔහුට හඳුන්වා දෙන්නෙත් කඩේ හිමිකරුවා විසින්. ඒ මනුස්සයා කෑම වර්ග හඳුන්වා දීලා විදේශිකයාට ඉඳිආප්ප කොත්තුවක් ගන්න කියලා යෝජනා කරනවා. ඒ අනුව විදේශිකයා මාළු සහිත ඉඳිආප්ප කොත්තුවක් ඉල්ලනවා. ඊට පස්සේ විදේශිකයා ඒ කොත්තුවේ මිල අහනවා. එහි මිල විදියට ඔහු සඳහන් කරනවා රුපියල් 1,900ක්. මේ මිල ගැන විදේශිකයට සැකයක් ඇතිවෙනවා. මොකද ලංකාවට එන විදේශිකයන්ව පුළුවන් තරම් අන්දන බව ඔහුට දැනෙන්න ඇති. ඒ සැකය නිසා ඔහු කඩේ ඇතුළේ හිටපු කෙනකුගෙන් අහනවා ඇත්තටම කොත්තුවේ මිල කීයද කියලා. විදේශිකයා හිතනවා ඇත්තේ කඩේ හිමිකරු ලෙස පෙනීසිටි පුද්ගලයා තුන්වැනි පාර්ශ්වයක්, එහෙමත් නැත්නම් බ්‍රෝකර් කෙනෙක් කියලා. බ්‍රෝකර්ලගෙන් අපි පරිප්පු ඕනෙ තරම් කාලා තියෙනවනේ. එතකොට මේ මනුස්සයා ඒක ඇහුවා කියලා ඔහුව කඩෙන් එළවලා දානවා. එළවලා දාන එක මේ විදේශිකයා සිය ජංගම දුරකතනයෙන් පටිගත කරගෙන සමාජ මාධ්‍යවලට මුදාහැරලා ඉවරයි. දැන් මුළු ලංකාවම මේ වෙළෙන්දාට බණිනවා. මුළු ලෝකෙම ඔහුට අප්‍රසාදය පළකරනවා. ඒ නිසා මේ වෙළෙන්දට අපිට කියන්න තියෙන්නේ ලංකාවේ සංචාරක කර්මාන්තයට සම්බන්ධ මොනවා හරි මඟුලක් කරනවා නම් ඒකෙදී පොඩ්ඩක් අවංක වෙන්න. ඒ වගේම සුද්දෙක් ලංකාවට ආපුවාම ඒකා ඒකාගේ යාළුවාව ගෙන්නගන්න තැනට පත්කරන්න.
අපි දැක්කා පහුගිය දවසක පාරේ හිටපු සුද්දෙක්ව ගෙදර එක්කගෙන ගිහින් කැවුම් කිරිබත් කන්න දීපු පවුලක්. ඒ සුද්දා ඒක ෆේස්බුක් එකේ දාලා ඔහු කියනවා මේ රටට එන්න කියලා. ඔහුගේ යාළුවෝ සිය ගානක් යටින් කමෙන්ට් කරලා තිබුණා අපිත් ලංකාවට එනවා කියලා. ඉතින් ඒවා තමයි ටුවරිසම් කියලා කියන්නේ. මොකද අපිට සංචාරක කර්මාන්තය හැර වෙන මොන මඟුලක්වත් නෑ. හම්බකරගන්න තියෙන එකම දේ, විදේශ විනිමය ගෙන්නගන්න තියෙන එකම දේ තමයි මේක. මොන මොනවා හරි පෙන්නලා කීයක් හරි හොයාගන්න පුළුවන් රටක් මේක. එතකොට අපි පුළුවන් තරම් කරන්න ඕනේ සුද්දන්ට එන්න පුළුවන් පරිසරයක් නිර්මාණය කරන එක. ආපු සුද්දවත් බැණලා එළවලා ලොරි ටෝක් දෙන්න තරම් අපි දියුණු මිනිස්සු නෙවෙයි.
ඒ නිසා ඒ මහත්තයා ඇතුළු අනිත් මහත්තුරු හැමෝටම කියන්න තියෙන්නේ අපිට ජීවත් වෙන්න පුළුවන් පය ගහගෙන ඉන්න පුළුවන් පරිසරයක් 2048 වෙද්දී හදලා දෙන්න දේශපාලකයෝ පොරොන්දු වෙලා තියෙනවනේ. ඒ නිසා 2048 වෙනකන්වත් ඔය එන සුද්දන්ව රැකබලා ගන්න. මොකද ඔය සුද්දෝ ලංකාවට එන්නේ වෙන යන්න රටවල් නැතුව නෙවෙයි. ලෝකේ සංචාරක කර්මාන්තය දියුණු රටවල් ඕනේ තරම් තියෙනවා. බාලි දූපත්, මාලදිවයින, අප්‍රිකාව, ඉන්දියාව, ජපානය, චීනය වගේ සංචාරක පුරවර සහිත රටවල් ලෝකේ ඕනේ තරම් තියෙනවා. ඒ වගේම තායිලන්තය කියලා කියන්නේ සංචාරක කර්මාන්තයම දියුණු කරන රටක්. මැලේසියාවට වුණත් විදේශිකයෝ යනවා එනවා. බලන්න දේවල් තියෙනවා. ඒගොල්ලන්ගේ හැම දේම ඒ අය හදන්නේ ටුවරිසම් පැත්තෙන් දියුණු වෙන්න. යුරෝපයේ ඇවිදින්න තැන් නැතුව නෙවෙයි. යුරෝපයේ බලන්න දේවල් නැතුවත් නෙවෙයි. මේ එන්නේ මේක ඇතුළේ තියෙන විනෝදයක් ලබලා, පොඩි විශ්වාසයක් ගොඩනගාගෙන, ආගන්තුක සත්කාරය ගැන ගෞරවයක් එක්ක අපි ඒ මිනිස්සුන්ව රැකබලා ගනී කියලා හිතාගෙන. නැතුව ගොං පාට් වෙන්න ගියොත් එහෙම වෙන්නේ අපිට මොන මළ ඉලව්වක්වත් නැතුව යන එක. ඒ නිසා නිකං ලොරි ටෝක් දෙන්න කලින් නියපොත්තෙන් අහවල් එක කහගන්නවත් පුළුවන්ද කියන එක මතක් කරලා බලන්න.
ජීවන පහන් තිළිණ









