හෙට ජනාධිපතිවරයා සමග පැවැත්වීමට නියමිත සාකච්ජාවට නොයෑමට ජනතා විමුක්ති පෙරමුණ අද සවස තීන්දු කොට ඇත.
ඒ අනුව ඔවුන් සර්වපාක්ෂික වැඩපිළිවෙළක් සම්බන්ධයෙන් වූ යෝජනාවලියක් ජනාධිපතිවරයා වෙත බාරදීමට සැලසුම් කර ඇති බව වාර්තා වේ.
කලින් ජවිපෙ තීන්දු කොට තිබුණේ හෙට පැවැත්වෙන සාකච්ජාවට සහභාගි වීමටය.
අද පැවැති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදීද ජනාධිපතිවරයා සදහන් කොට ඇත්තේ හෙට පැවැත්වෙන ජවිපෙ සමග සාකච්ජාවෙන් පසු සර්ව පාක්ෂික ආණ්ඩුව සම්බන්ධයෙන් අවසන් තීන්දුවක් ගන්නා බවකි.










