• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Gurudawa

ජවිපෙ සහ රනිල්..! 2002 සටන් විරාමයයි 2022 IMF ගිවිසුමයි…! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! Sri Lanka Latest News

November 30, 2024
in Exclusive, Gurudawa
Reading Time: 3 mins read
A A
ජවිපෙ සහ රනිල්..! 2002 සටන් විරාමයයි 2022 IMF ගිවිසුමයි…! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ජවිපෙ පළමු වරට ලංකාවේ වැඩිම පාර්ලිමේන්තු මන්ත්‍රී සංඛ්‍යාවක් දිනාගත්තේ 2004 මහ මැතිවරණයෙනි. ඒ, මන්ත්‍රී ආසන 39ක් ලබාගනිමිනි. 2004 මහ මැතිවරණයට ජවිපෙ තරග කළේ ශ්‍රීලනිපය සමග එක්ව එක්සත් ජනතා නිදහස් සන්ධානය පිහිටුවාගෙනය. ජවිපෙ, ශ්‍රීලනිපය සමග එක්සත් ජනතා නිදහස් සන්ධානය පිහිටුවා ගත්තේ එවක අගමැති රනිල්ගේ සටන් විරාම ගිවිසුම සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇතිකරගත් ගිවිසුමට එරෙහිවය. ඒ ගිවිසුම මගින් විශාල වශයෙන් ජනතාව මත වැට් බදු පනවා තිබිණි. සටන් විරාම ගිවිසුමට එරෙහිව ජනතාව ඒකරාශී කරගන්න ජවිපෙ දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය නමින් ව්‍යාපාරයක් පිහිටුවා ගෙන තිබිණි. මේ දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ නායකයන් වූයේ ජවිපෙ නියෝජනය කරමින් විමල් වීරවංශ, ලෝක ක්‍රිකට් ශූර අර්ජුන රණතුංග, ඇල්ලේ ගුණවංශ හිමි සහ සාහිත්‍යධරයෙක් වූ ගුණදාස අමරසේකරය. මේ දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය අද ජවිපෙ පිහිටුවාගත් ජාතික ජන බලවේගයේ ආකෘතියකි. ජාතික ජන බලවේගයේ මෙන් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ හිටියේ කලාකරුවන් සහ බුද්ධිමතුන්ය. ජාතික ජන බලවේගයේ තරුව හරිනි අමරසූරියය. දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ තරුව අර්ජුන රණතුංග විය. එකම වෙනස ජවිපෙ 2004 මහ මැතිවරණයට දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයෙන් තරග නොකර ශ්‍රීලනිපය සමග එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරග කිරීමත්, 2024 මහ මැතිවරණයට ජාතික ජන බලවේගයෙන්ම තරග කිරීමත්ය. ජවිපෙ, දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ වීරයා කළේ විමල්වය. ජාතික ජන බලවේගයේ වීරයා කළේ ජවිපෙ නායක අනුරවය. ජවිපෙ, දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය හැදුවේත් රනිල්ගේ ආණ්ඩුවට එරෙහිවය. ජවිපෙ, ජාතික ජන බලවේගය පටන්ගත්තේ 2019 මෛත්‍රී-රනිල් ආණ්ඩුවට එරෙහිවය. ජාතික ජන බලවේගය ප්‍රධාන බලවේගයක් ලෙස ගොඩනැගුවේ 2024 රනිල්ගේ පාලනයට එරෙහිවය.Sri Lanka Latest News

ජවිපෙ 2002-2004 රනිල්ගේ ආණ්ඩුවට එරෙහිව රට පුරා පෙළපාළි, විරෝධතා, සත්‍යග්‍රහ පවත්වා රනිල්ගේ සටන් විරාම ගිවිසුමට සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇතිකරගත් ගිවිසුමට එරෙහිව රටම එකට එකතු කළේය. ජවිපෙ ශ්‍රීලනිපය සමග ගිවිසුම් අස්සන් කළේත් සටන් විරාම ගිවිසුමෙන් සහ මූල්‍ය අරමුදලේ ගිවිසුමෙන් ශ්‍රීලනිප-ජවිපෙ පිහිටුවන ආණ්ඩුවෙන් ඉවත් වෙන බවට වූ කොන්දේසියට එවක ජනාධිපති චන්ද්‍රිකා එකඟ කරගෙනය.

2004 ජවිපෙට තරග කරන්න ශ්‍රීලනිපය දුන්නේ අපේක්ෂකයන් සීමිත ප්‍රමාණයකි. ජවිපෙ එම අපේක්ෂකයන් හරහා ලංකාවේ මැතිවරණ ඉතිහාසයේ දැවැන්ත පෙරළියක් කළේය. ගම්පහ මනාප ඡන්ද ගණන් කරද්දී බණ්ඩාරනායකවරුන්ගේ බළකොටුව වූ ගම්පහින් බණ්ඩාරනායකවරුන්ගේ ඔටුන්න හිමි කුමාරයා වූ අනුර දෙවැනි තැනට වැටුණි. ගම්පහ එක වූයේ විජිත හේරත්ය. අනෙකුත් දිස්ත්‍රික්කවලත් ශ්‍රීලනිප පතාකයන් පරදා ජවිපෙ අපේක්ෂකයන් දිස්ත්‍රික්කවල නොම්මර එක විය. ඇත්තටම 2024 වගේම 2004දීත් ශ්‍රීලනිප පාක්ෂිකයන් ඡන්දය දුන්නේ ජවිපෙටය. ශ්‍රීලනිපය ජවිපෙ පිහිටෙන් බලයට ආවේය.

2004 චන්ද්‍රිකාගේ එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවේ ජවිපෙ ඇමැතිවරු හතරක් වූහ. අනුර කුමාර කෘෂිකර්මාන්ත ඇමැති විය. ලාල්කාන්ත ග්‍රාමීය ආර්ථික ඇමැති විය. චන්ද්‍රදාස විජේසිංහ ධීවර ඇමැති විය. විජිත හේරත් සංස්කෘතික ඇමැති විය. බිමල් රත්නායක, සුනිල් හඳුන්නෙත්ති, සමන්ත විද්‍යාරත්න, නිහාල් ගලප්පත්ති ඔවුන්ගේ නියෝජ්‍ය ඇමැතිවරු විය. ජවිපෙ සමග ගිවිසගත් පරිදි චන්ද්‍රිකා මූල්‍ය අරමුදල සමග රනිල් අස්සන් කළ ගිවිසුමෙන් ඉවත් වූවාය. ලෝක බැංකුව ලංකාවේ කාර්යාලයත් වසා දමා යන්නට ගියේය. චන්ද්‍රිකා සටන් විරාම ගිවිසුමෙන් ඉවත් වූයේ නැත. ඒත් සටන් විරාම ගිවිසුම යටතේ සාම සාකච්ඡා ආරම්භ කරන්න ඇය උනන්දුවක් දැක්වූයේ නැත. රනිල්ගේ ආණ්ඩු කාලයේම එල්.ටී.ටී.ඊ.ය සාම සාකච්ඡාවලින් ඉවත් වීම ඇය ප්‍රයෝජනයට ගත්තාය. ජවිපෙ මෙයින් සතුටට පත්විය. එහෙත් ඒ වනවිට ජවිපෙ ප්‍රධාන හතුරා වූ යූ.ඇන්.පී.ය සහ හෙළ උරුමය සටන් විරාම ගිවිසුමෙන් ඉවත් වන බවට වූ පොරොන්දුව ජවිපෙ කඩකිරීම ගැන ජවිපෙට චෝදනා කරන්නට විය.

2004 දෙසැම්බරයේ සුනාමියෙන් පසු චන්ද්‍රිකා නෝර්වේ සහ ජාත්‍යන්තර ප්‍රජාවේ මැදිහත් වීම මත විදේශ ආධාර ගන්න එල්.ටී.ටී.ඊ.ය සමග සුනාමි සහන මණ්ඩලයක් ඇතිකරන්න තීරණය කළාය. මේ වෙනකොටත් ජවිපෙ දේශපාලන මණ්ඩලය තුළ චන්ද්‍රිකා සටන් විරාම ගිවිසුමෙන් ඉවත් නොවීම සම්බන්ධයෙන් වාද විවාද හටගෙන තිබිණි. ඇය එල්.ටී.ටී.ඊ.ය සමග සුනාමි සහන මණ්ඩල ගිවිසුම අස්සන් කරන්න ගිය විට ජවිපෙ දේශපාලන මණ්ඩලය ගිනියම් විය. ඇය සුනාමි සහන මණ්ඩල ගිවිසුමට අස්සන් කළොත් තමන්ට ඒ ආණ්ඩුවේ සිටීම අමාරු බවට ජවිපෙ දේශපාලන මණ්ඩලය තීන්දු කළේය. ඔවුහු චන්ද්‍රිකාගේ ආණ්ඩුවෙන් ඉවත් වෙන්න තීරණය කළහ. රනිල් අටවපු සටන් විරාම ගිවිසුම් උගුලේ හිර නොවී ජවිපෙ සිය දේශපාලන කන්‍යාභාවය ආරක්ෂා කරගත්තේ එසේය. ජවිපෙ චන්ද්‍රිකාගේ ආණ්ඩුවෙන් ඉවත් වුණා පමණක් නොව, සුනාමි සහන මණ්ඩලයට එරෙහිව උසාවි ගියේය.

එදා රනිල් අටවපු සටන් විරාම ගිවිසුමට එරෙහිව රටම අවුස්සා ශ්‍රීලනිපය සමග එක්ව බලය ගත් ජවිපෙ මෙදා රනිල් අටවපු මූල්‍ය අරමුදල ගිවිසුම නොහොත් අයි.එම්.එෆ්. ගිවිසුමට එරෙහිව රටම අවුස්සා තනියම ජනාධිපතිකමත් ආණ්ඩු බලයත් ගෙන ඒ ගිවිසුම් උගුලෙන් ගැළවෙන්න බැරිව ඒ ගිවිසුම රනිල් අස්සන් කරපු කොන්දේසි යටතේම ක්‍රියාත්මක කරමින් සිටී.

අනුර සහ ජවිපෙ රනිල්ගේ අයි.එම්.එෆ්. ගිවිසුමෙන් ඉවත් වන බව කීවේ නැත. නමුත් ගිවිසුම වෙනස් කර ගිවිසුමෙන් ජනතාව මත පනවා ඇති අහිතකර බදු ඉවත් කරනවා කීහ. ජවිපෙ වගේම සජිත් සහ සමගි ජන බලවේගයත් මේ කතාවම කීහ. 2024 ජනාධිපතිවරණයේදී අනුරට ලක්ෂ 56ක් සහ සජිත්ට ලක්ෂ 43ක් ඡන්දය දුන්නේ අයි.එම්.එෆ්. ගිවිසුම ජනතාවට හිතකර ලෙස වෙනස් කරවා ගන්නටය. අයි.එම්.එෆ්. ගිවිසුම එලෙසම ක්‍රියාත්මක කරනවා කී රනිල්ට ලැබුණේ ලක්ෂ 22කි. ගිවිසුමට එරෙහිව ඡන්දය ඉල්ලා නාමල් රාපක්ෂත් ලක්ෂ 3ක් ගත්තේය. දිලිත් ජයවීරත් 1,22,396ක් ගත්තේ ගිවිසුමට එරෙහිව ජනතා මතයක් හදලාය. එතකොට කෝටියකට වැඩිය ලංකාවේ ජනතාව අයි.එම්.එෆ්. ගිවිසුම වෙනස් කරන්න ඡන්දය දී ඇත.
‘ඇයි ජාතික ජන බලවේග ආණ්ඩුව මේක අයි.එම්.එෆ්. එකට කියන්නේ නැත්තේ..?’

2005 මහින්ද ජනාධිපති වුණේ ජවිපෙ 2005 චන්ද්‍රිකා-එල්.ටී.ටී.ඊ. ගිවිසුමට එරෙහිව ආණ්ඩුවෙන් ඉවත් වී සිය දේශපාලන කන්‍යාභාවය ආරක්ෂා කරගෙන ගිවිසුම් විරෝධයට මහින්ද එකඟ කරවාගෙන මහින්දව කරේ තියාගෙන ඡන්ද සටන කළ නිසාය. ජවිපෙ ඔළුව නමාගෙන චන්ද්‍රිකාගේ ආණ්ඩුවේ හිටියා නම් 2005 ජනාධිපතිවරණයට ජවිපෙ යන්නේ සිංහයෝ මෙන් නොව හීලෑවුණු පූස් පැටියන් වගේය.

අද ජනාධිපති චන්ද්‍රිකා හෝ මහින්ද නොව ජවිපෙ නායකයාමය. ජවිපෙ ආණ්ඩුවෙන් ඉවත්ව යද්දී චන්ද්‍රිකා රනිල්ගේ ගිවිසුම ආරක්ෂා කළ ලෙස අද රනිල්ගේ අයි.එම්.එෆ්. ගිවිසුම ආරක්ෂා කරන්න ජවිපෙ නායකයාට සහ ජවිපෙට සිදුව තිබේ. ඒ, දේශපාලන කන්‍යාභාවය ගැන නොහිතාය.

උපුල් ජෝශප් ප්‍රනාන්දු

SendShareShare
Previous Post

වාහන පනහක්! නිලධාරීන් සිය ගානක්! පොලිසියෙන් පනහක්! සල්ලි ලක්ෂ ගානක්! කෝ ගත්තද ගත්තද නිධානේ? Sri Lanka Latest News

Next Post

අහනකොට ඇඟ හිරිවැටෙනවා..! මෙන්න මේ රටේ ජනාධිපතිලා වෙන්න හදපු සහ වුණු අය එදා මාධ්‍යවේදීන් මර්දනය කරපු හැටි! අනුර මේවා කරපු එවුන්ට දඬුවම් දෙයිද අපි බලන් ඉමු! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News
Exclusive

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

ඩොලර් රටින් පැන්නීමේ මහා ජාවාරමක තොරතුරු එළියට! පටන් අරන් තියෙන්නේ රනිල්ගේ කාලයේ! ඩොලර් බිලියනයක කළු සල්ලි හොරෙන්ම පිටකරලා! I Sri Lanka Latest News

කාන්තාවන්ට හොඳ කලදසාවක්! මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලොකුම පුටුවත් කාන්තාවකට! I Sri Lanka Latest News
Exclusive

කාන්තාවන්ට හොඳ කලදසාවක්! මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලොකුම පුටුවත් කාන්තාවකට! I Sri Lanka Latest News

බන්ධනාගාරයෙන් ඓතිහාසික වාර්තාවක්! කාන්තාවකට ඉහළම පුටුවක් දෙයි! I Sri Lanka Latest News
Exclusive

බන්ධනාගාරයෙන් ඓතිහාසික වාර්තාවක්! කාන්තාවකට ඉහළම පුටුවක් දෙයි! I Sri Lanka Latest News

මාලිමාවේ මන්ත්‍රීවරු තුන්වේලම පාර්ලිමේන්තුවෙන් කාලා ගෙදර ඔතාගෙනත් යනවා කියලා විපක්ෂය කරන චෝදනාවට බිමල් සැර උත්තරයක් දෙයි! පාර්ලිමේන්තුවේ කෑම වේලක් 3000ට වැඩි කරන්නත් ලෑස්ති වෙයි! දැන් ඉතින් ඔක්කොම සල්ලි ගෙවලා කාපල්ලකෝ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඉස්සර රට පාලනය කළේ සිරිකොතෙන්.. ඩාලි පාරෙන්..! එතකොට ප්‍රශ්නයක් නෑ! දැන් රට පාලනය කරන්නේ පැලවත්තෙන්! පැලවත්තට තමයි බලය හම්බවුණේ..! බිමල්ගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

Exclusive

මහාධිකරණයෙන් ඇප ඉල්ලුවත් දුන්නේ නෑ! ත්‍රස්ත පනත යටතේ අවුරුදු 15ක් රිමාන්ඩ් කර සිටි ධනූෂ්ට අභියාචනාධිකරණය ඇප නියම කරයි! I Sri Lanka Latest News

Load More
බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News
Exclusive

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නගරාන්තර හා දුරගමන් සේවා සඳහා වායුසමනය කළ Deluxe මාදිලියේ නව බස් රථ 600ක් මිලදී ගැනීමට අමාත්‍ය...

Read more
ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

ඩොලර් රටින් පැන්නීමේ මහා ජාවාරමක තොරතුරු එළියට! පටන් අරන් තියෙන්නේ රනිල්ගේ කාලයේ! ඩොලර් බිලියනයක කළු සල්ලි හොරෙන්ම පිටකරලා! I Sri Lanka Latest News

කාන්තාවන්ට හොඳ කලදසාවක්! මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලොකුම පුටුවත් කාන්තාවකට! I Sri Lanka Latest News

කාන්තාවන්ට හොඳ කලදසාවක්! මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලොකුම පුටුවත් කාන්තාවකට! I Sri Lanka Latest News

බන්ධනාගාරයෙන් ඓතිහාසික වාර්තාවක්! කාන්තාවකට ඉහළම පුටුවක් දෙයි! I Sri Lanka Latest News

බන්ධනාගාරයෙන් ඓතිහාසික වාර්තාවක්! කාන්තාවකට ඉහළම පුටුවක් දෙයි! I Sri Lanka Latest News

මාලිමාවේ මන්ත්‍රීවරු තුන්වේලම පාර්ලිමේන්තුවෙන් කාලා ගෙදර ඔතාගෙනත් යනවා කියලා විපක්ෂය කරන චෝදනාවට බිමල් සැර උත්තරයක් දෙයි! පාර්ලිමේන්තුවේ කෑම වේලක් 3000ට වැඩි කරන්නත් ලෑස්ති වෙයි! දැන් ඉතින් ඔක්කොම සල්ලි ගෙවලා කාපල්ලකෝ! VIDEO I Sri Lanka Latest News

ඉස්සර රට පාලනය කළේ සිරිකොතෙන්.. ඩාලි පාරෙන්..! එතකොට ප්‍රශ්නයක් නෑ! දැන් රට පාලනය කරන්නේ පැලවත්තෙන්! පැලවත්තට තමයි බලය හම්බවුණේ..! බිමල්ගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.