• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

වාහන පනහක්! නිලධාරීන් සිය ගානක්! පොලිසියෙන් පනහක්! සල්ලි ලක්ෂ ගානක්! කෝ ගත්තද ගත්තද නිධානේ? Sri Lanka Latest News

November 30, 2024
in Exclusive
Reading Time: 3 mins read
A A
වාහන පනහක්! නිලධාරීන් සිය ගානක්! පොලිසියෙන් පනහක්! සල්ලි ලක්ෂ ගානක්! කෝ ගත්තද ගත්තද නිධානේ? Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මතක හැටියට නිල වශයෙන් පත්තරකාරයෙක් වෙලා දැන් අවුරුදු 11ක් විතර වෙනවා. 2013 ජනවාරි මාසේ 29 වැනිදා ප්‍රධාන පුවත්පතක සම්පූර්ණ පිටුවක විශේෂාංගයක් පළවුණා. ඒක කළේ අනු එදිරිසිංහගේ මූලිකත්වයෙන්. පාර දිගේ – ‘තෙල් බැම්ම නොකියනා කතා ගොන්න රස ගෙනා’ කියන එක තමයි ඒකේ සිරස්තලය. ගෙදර ඇවිල්ලා පත්තරේ බලපු හැටි, අම්මට තාත්තට පෙන්නපු හැටි මට තාම මතකයි. පත්තරකාරයෙක් වෙලා අවුරුදු 11ක්. මාස ගානක් තිස්සේ තැන් තැන්වල ඇවිද්දා. රටේ තොටේ විවිධ දේවල් එකතු කළා. ඒවායින් හරිහම්බ කළා. මම තාමත් පත්තරකාරයෙක්. අවුරුදු 11ක් තිස්සේ පත්තරකාරයෙක් විදියට මේ රට පුරාම ඇවිදලා, රටෙන් එළියටත් ගිහිල්ලා, දූපතෙන් දූපතටත් ගිහිල්ලා එකතු කරගත්ත දේවලින් දැන් සෑහෙන කොටසක් ඔබට කියලා තියෙන්නේ. ඒත් ඔබ විශ්වාස කරනවද මම පළමු වතාවට තමයි නිධානයක් ගන්න ගියේ. නිධන් ගන්න අය, නිධන් ගන්න උදව් කරන අය, නිධන් සම්බන්ධව දන්න කියන අය ඕනේ තරම් මේ පත්තර ජීවිතය ඇතුළෙත් මට හම්බවෙලා තියෙනවා. ඒත් කවදාවත් මම නිධානයක් ගන්න හිතලා තිබුණේ නෑ. ඒත් මේ වතාවේ මටත් සිද්ධ වුණා නිධානයක් ගන්න යන්න. නිධානයක් ගන්න යනවා කියලා කියන්නේ සෙල්ලමක් නෙවෙයි. නිධානයක් ගන්න යනකොට කරන්න ඕනේ චාරිත්‍ර වාරිත්‍ර ගොඩක් තියෙනවා. හැබැයි ඒ කිසි දෙයක් නැතුව අපි වේයන්ගොඩ වඳුරවට ගියේ නිධානයක් ගන්න. (Sri Lanka Latest News)

මේ නිධානය ගන්න තීරණය කරලා තිබුණේ අධිකරණ තීන්දුවකින් කියලා තමයි මුලින් කියැවුණේ. වඳුරව හරහා යන අධිවේගී මාර්ගයේ එක පැත්තක නිධානයක් තියෙනවාය, ඒ නිධානය ගන්න හුඟක් අය යනවාය, ඒ නිධානය ගන්න යන නිසා මේ පාරට, මේ පරිසරයට හානි සිදුවෙනවාය කියලා දැනගත්තු පොලිසිය මේ ගැන අධිකරණයට කරුණු වාර්තා කරලා තිබුණා. නිධානය ගන්න තැනට අපි යනකොට එතැන විශාල පිරිසක් ඇවිල්ලා හිටියා. වාහන හිතාගන්න බැරි තරමක් තිබුණා. බයිසිකල්වලින් එතැන පිරිලා ඉතිරිලා ගිහින් තිබුණේ. මිනිස්සු වැල නොකැඩී එන්න පටන්අරගෙන තිබුණා. නිධානය ගන්න වැඩේට රජයේ නිලධාරීන් විශාල පිරිසක් සහභාගි වෙලා හිටියා. භූවිද්‍යා සමීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, පුරාවිද්‍යා නිලධාරීන්, මීරිගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන්, විශේෂ කාර්ය බළකායේ නිලධාරීන්, රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, පරිසර අධිකාරියේ නිලධාරීන්, මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන්, ඉංජිනේරුවන්, කම්කරුවන් වගේ විශාල පිරිසක් මේ ස්ථානයට ඒ වෙද්දී ඇවිල්ලා හිටියා. මේ නිලධාරීන්, යන්ත්‍ර සූත්‍ර වගේ දේවල් ප්‍රවාහනය කරන්න විතරක් වාහන 50කට වැඩි ප්‍රමාණයක් ගෙනල්ලා තිබුණා. මේ ගණන් හිලව් අනුව ගත්තම සාමාන්‍යයෙන් 1000කට වැඩි පිරිසක් මේ අවට එකතු වෙලා හිටියා.

නිධානය ගන්න පාවිච්චි කරලා තිබුණා විශාල එක්ස්කැවේටර් යන්ත්‍ර 3ක්, මොබයිල් ක්‍රේන් 1ක්, බ්‍රේකර් ගැසීමට භාවිත කරන යන්ත්‍ර, ජෙනරේටර්, ස්කෑන් යන්ත්‍ර. ඒවා ක්‍රියාත්මක කළේ පොලිස් නිලධාරීන්. 50කට වැඩි පොලිස් නිලධාරීනුත් එතැනට ඇවිල්ලා හිටියා කියලා අපට තේරුණා. විශේෂ කාර්ය බළකායේ නිලධාරීනුත් 40ක් විතර මෙතැන හිටියා. නිල ඇඳුමෙන් සැරසිලා හිටිය ඔවුන් මහපොළොව ස්කෑන් කරමින් මේ නිධානය හොයන්න පටන් අරගෙන හිටියා. ඉතින් අපිත් ඒ නිධානය හොයන්න ගියා. නිධානය ලැබේවි යැයි විශ්වාස කරමින් බොහෝ දෙනෙක් එතැන රැඳී සිටියා. රට පුරාම මේ නිධානය ගැන කතන්දර කිව්වා. ඊට නුදුරු දිනෙක ජනාධිපති අනුර කුමාර දිසානායක මහත්තයගේ උපන්දිනය යෙදෙන නිසා එතැන හිටපු සමහරු කිව්වා එතුමාගේ උපන්දිනයට මහපොළොවෙන් සම්පත් මතුවෙන්න පටන් අරගෙන කියලා. රටේ පාලකයා හොඳ වෙනකොට එහෙම දේවල් වෙනවා කියලා. අපිත් අනේ වාසනාවන් කියලා හිතාගෙන නිධානය ගන්න බලාගෙන හිටියා. එහෙන් මෙහෙන් වතුර බෝතලයක් හොයාගෙන බීලා, කවුරු හරි දෙන මොනවා හරි දෙයක් කාලා, ඔහේ පැත්තකට වෙලා බලාගෙන ඉන්නකොට කාලය ගතවෙලා ගියා.
නිධානය වෙනුවෙන් මහන්සි වුණු නිලධාරීන් විශාල පිරිසක් තැන් තැන්වල ගොනුවෙලා හිටියා. ඒක දැක්කම අපිට හිතුණා රටේ සල්ලි කොච්චර නාස්ති වෙනවද, මේ රාජ්‍ය සේවකයෝ, මේ නිලධාරීන් මොන මොන වැඩවලට යොදවපු අය වෙන්න ඇතිද? ඒගොල්ලෝ දැන් මේ නිධානයක් වටේ එකතු වෙලා මේ ගතකරන කාලය කොච්චර අපරාධයක්ද කියලා. ඒ වගේම මේ විදියට මහපොළොව හාරනකොට අධිවේගී මාර්ගයට ඒකෙන් හානියක් වෙන්නේ නෑ කියලා කියන්න පුළුවන් ජගතෙක් ඉන්නවද කියලා අපිට තේරෙන්නේ නෑ. මොකද පස් දාලා තළලා ඒ මත අධිවේගී මාර්ගය හදන්න තමයි සැලසුම් කරලා තිබුණේ. දැන් මේ පස් දාලා තළපු තැන යටින් විශාල වළක් හාරනකොට ඒ වළ නිසා අධිවේගී මාර්ගයට හානියක් වෙන්නේ නෑ කියලා අපිට නම් හිතෙන්නේ නෑ. ඒ වගේම රජගොල්ලෝ මේ වගේ ලොකු වළවල් හාරලා නිධන් තැන්පත් කළා කියලා අපි අහලත් නෑ. කොහොම හරි ඉතින් අපි දන්න දේට වඩා නොදන්න දේ වැඩි නිසා අපි ඕවා ගැන කයි කතන්දර කියන්න ගියේ නෑ. අපි ඉතින් පැත්තකට වෙලා බලාගෙන හිටියා. බලාගෙන ඉන්නකොට නිලධාරීන් කඩියෝ වගේ වැඩ කරන්න ගත්තා. එහෙට යනවා, මෙහෙට යනවා, වැඩකරනවා, එහෙන් හාරනවා, මෙහෙන් හාරනවා.
ඔන්න එකමත් එක දවසක හදිසියේම නිධානය ලැබුණා. මිනිස්සු සද්ද බද්ද නැතුව බලාගෙන හිටියා. වටේ පිටේ තැන් තැන්වල වෙන වෙන වැඩ කර කර හිටපු මිනිස්සු දුවගෙන ඇවිල්ලා වළ වටේට පිරුණා නිධානය බලන්න. ඒක තඩි කළු ගලක්. මේ ගලේ මොනවද තියෙන්නේ කියලා හොයන්න. දැන් කතන්දරේ යනවා ලොකුවටම. කට්ටිය එතැනට දුවගෙන ගියා. මොකද ඒ වෙනකොටත් පොළොව ස්කෑන් කරන යන්ත්‍රවලින් හොයාගෙන තිබුණා දැන් ළඟ ළඟම යම් යම් ලෝහ කොටස් ලැබෙන්න පටන් අරගෙන කියලා. කළුගලක් ලැබුණාම හැමෝම හිතුවේ ඒ කළුගල ඇතුළේ නිධානය ඇති කියලා. ඒක වරාගන්ද, රත්තරන්ද, මුතු මැණික්ද කියලා හිතාගන්න බෑ.

කෝටි ගානක දේපළ මේක අස්සෙන් මතුවුණාම ඒවා පිටරටට විකුණලා අපේ රටේ ණය ගෙවන හැටි ගැන සමහරු කතා කළා. හුඟක් දෙනෙක් කිව්වේ මේක මේ රට තොට යහපත් වෙනකොට, දේශපාලකයා යහපත් වෙනකොට, පාලකයා යහපත් වෙනකොට අපිට ලැබෙන වරප්‍රසාදයක් කියලා. අපිත් ඉතින් දෙයියෝ බුදුන් සිහිකරගෙන ‘අනේ සාදු’ කියලා බලාගෙන හිටියා. අපිට ඉතින් ඕකෙන් පොඩි කෑල්ලක්වත් නොහම්බවුණාට එක පාර ගොඩ යන්නේ රට නම්, එහෙම රට ගොඩ ගියාම මොන තරම් සතුටුයිද? සිරියමේ සාරා කියලා හිතාගෙන හිටිය අපිට අන්තිමට වුණේ යන්ත්‍ර සූත්‍ර ආධාරයෙන් රටේ ඉන්න ඉහළම නිලධාරීන් ටික ඇවිල්ලා මහ තඩි කළු ගලක් කඩන දිහා බලාගෙන ඉන්න. කළු ගල පොඩි පොඩි කෑලිවලට කැඩුවට පස්සේ ඔන්න නිධානය මතුවෙයි කියලා හැමෝම බලාගෙනයි හිටියේ.

දැන් මේ කතාව ඇත්තටම බයිලාවක්ද? පරීක්ෂණ කරමින්, නිලධාරීන් ඇවිල්ලා, තමන් ළඟ තිබෙන සමහර උපකරණ පාවිච්චි කරමින් මේ හොයන්නේ ලෝහමය කොටසක්. එතකොට අපි දැක්කා අධිකරණය පහුගිය දවසක කියලා තිබුණා අපි කිව්වේ නිධන් හාරන්න නෙවෙයි, අපි කිව්වේ ඛනිජ ද්‍රව්‍ය මොනවද කියලා මේ පොළොව යට තියෙන ලෝහමය දේවල් මොනවද කියලා හොයන්න කියලා. පොළොව යට හෙමටයිස්, ලිමනයිස් වගේ දේවල් මේ ආශ්‍රිතව තියෙන්න පුළුවන් බව ඛනිජ ද්‍රව්‍ය ගැන දන්නා අය ප්‍රකාශ කරලා තිබුණා. ඒ වගේම පොළොව යට තඹ නිධි, මිනිරන් නිධි මේ වගේ ස්ථානවලින් ලැබෙන අවස්ථාත් තියෙනවා. ඒවා කෑලි කඩලා, කොටස් කරලා ඒවාට එකතු කළ අගයන් සහිතව අලෙවි කිරීමේ හැකියාව අපට තියෙනවා. එතකොට මේ වගේ නිධියක් මේ වගේ ස්ථානයක තියෙනවා නම් එය මතුකර ගැනීම සඳහා පරීක්ෂණ කරන්න ඕනේ, කැණීම් කරන්න ඕනේ. ඒවා ලෝකයේ ඉතාම ඉහළ මිලක් සහිතව අලෙවි වෙන ඛනිජ ද්‍රව්‍ය නිසා. නමුත් අපි තාම නිසි වැඩපිළිවෙළක් ඇතිව මේ වගේ ඛනිජ ද්‍රව්‍ය නිසි ආකාරයට හොයලා නිසි ආකාරව ඒවායෙන් ප්‍රයෝජන ගන්නා බවක් දකින්න නැහැ. ලංකාවේ චන්ද්‍රකාන්ති පාෂාණ ඇතුළු වෙනත් විවිධාකාර පාෂාණ වර්ග අපි සතුව තිබෙනවා. අපි තාමත් ප්‍රාථමිකව නිධන් හෑරීම කියන එක ඇතුළේ තමයි වැඩ කරන්නේ.

මේ ස්ථානයට ගිය අපිට දකින්න ලැබුණු ප්‍රධානම කාරණය තමයි එතැන හිටපු බොහෝ දෙනකුගේ ඔළුවේ තිබුණු නිධානයක් හාරනවා කියන එක විතරයි. ඉතින් ඒ සඳහා විශාල පිරිවැයක් දරන්න සිද්ධ වුණා රජයට. ඒ සියලු පිරිවැය, වැයක් මිස සත පහක අයක් නොවන තැනට වැය කරන්න සිද්ධ වීමයි කනගාටුව. මෙවැනි තත්ත්වයන් යටතේදී අපි මීට වඩා කල්පනාකාරී විය යුතුයි. මොකද රජයක්, රටක් මේ විදියට මිල මුදල් නාස්ති කරන්න බැහැ. තවත් තැනක තවත් වතාවක මේ වගේ සිද්ධියක් වුණොත් එතැනත් මේ වගේ පුහු දේකට හාරන්න වියදම් කරන මුදල, ඒ වගේම මෙතැනදී අපි දැක්කා රාජ්‍ය නිලධාරීන් විශාල ප්‍රමාණයක් මේ වෙනුවෙන් කාලය වෙන්කරලා තිබුණු ආකාරය. ඔවුන්ට අවශ්‍ය පහසුකම් සැපයීම සඳහා විශාල පිරිවැයක් රජයට දරන්න සිදුවුණා. ඒ අයව ප්‍රවාහනය කරන්න යන්ත්‍ර සූත්‍ර ප්‍රවාහනය කරන්න විශාල වාහන ප්‍රමාණයක් එහෙටයි මෙහෙටයි ධාවනය වුණා. ඒ වගේම මේක නරඹන්න ආපු පුද්ගලයන් නිසා ඒ අය විසින් වැයකරපු ඛනිජ තෙල් ප්‍රමාණය ගත්තත් අතිවිශාලයි. ඈත දුර ඉඳලා මේ ස්ථානය නරඹන්න, මේ ස්ථානය පිළිබඳ පරීක්ෂණ කරන්න, මේ ස්ථානයේ මොනවද වෙන්නේ කියලා බලන්න මිනිස්සු ආවා. ඒ තත්ත්වය හරිම නරකයි සහ හරිම භයානකයි. මෙය පූර්ව නිගමනයක සිට කරනවා නම් ඊටත් වඩා වැරැදියි. නමුත් රජයක් විදියට අපි කරන්න ඕනේ නිධන් හාරන එකට වඩා, මේ විදියට වළවල් හදිසියේ හාරලා හදිසියේ නිලධාරීන් දාලා පරීක්ෂණ කරනවාට වඩා දැන් අපිට පුළුවන් අපි සතුව තියෙන ඛනිජ ද්‍රව්‍ය මොනවද කියලා හොයාගන්න.

පොළොව යට තියෙන වටිනා වස්තුව කිසි දෙයක් නෙවෙයි වතුර. අපි අපේ වතුර ටිකවත් හරියට ලෝකෙට අලෙවි කරගන්නේ නැහැ. අපි සතුව තියෙනවා පිරිසිදු පානීය ජලය. වතුර මහපොළොවෙන් ගත්ත ගමන් බොන්න පුළුවන් වතුර අපි සතුව තියෙනවා. ලෝකයේ හුඟක් රටවලට එහෙම නෑ. අපි ගාව තියෙනවා මැණික්. පැහැදිලිවම අපි දන්නවා මැණික් තියෙන බව. අපි මැණික් නිවැරැදිව ගොඩට ගන්නේ නෑ. පතල්වලට නිසි ආකාරව අවසර ගන්නේ නෑ. පතල් නිසි ආකාරව ලියාපදිංචි වෙන්නේ නෑ. මැණිකට අවශ්‍ය කරන බදු මුදල අපිට ලැබෙන්නේ නෑ. මැණිකක් ගත්තට පස්සේ ඒකෙන් කොටසක් රජයට ගෙවෙන්නේ නෑ. මැණික් හොරෙන් පන්නන්න පිටරට අරගෙන යන්න ව්‍යාපෘති තියෙනවා මිසක අපිට නිසි ආකාරව මැණික් ටික පාවිච්චි කරන් අවස්ථාව ලැබිලා නෑ. චන්ද්‍රකාන්ති පාෂාණත් එහෙම තමයි. චන්ද්‍රකාන්ති පාෂාණ කියලා කියන්නේ ලෝකයේ කොහෙවත් නැති තරම් වටිනා වස්තුවක්. ඒක පාවිච්චි කරන්න, ඒවා ටුවරිසම්වලට යොදාගන්න අපි තාම දක්ෂ නෑ. එතැනින් එහාට ගත්තට පස්සේ නම් ගම් කිවයුතු නැහැ. ඕනෙ තරම් මේ විදියේ ගල්, වැලි, පස් මැද තියෙනවා. අපි කළේ ඒවා මේ රට ඇතුළේ එහෙට මෙහෙට අනවසරයෙන් අලෙවි කිරීම මිසක නිසි ක්‍රමවේදයක් පාවිච්චි නොකිරීම.
ඊළඟට නිධියක් පිටින්ම පිටරටකට විකුණලා දාලා ඒකෙන් කීයක් හරි අරගෙන නිලධාරීනුත් කීයක් හරි සාක්කුවේ දාගෙන, ඇමැතිත් කීයක් හරි සාක්කුවේ දාගෙන ඒකෙන් නිදහස් වුණා මිසක අපි වැඩපිළිවෙළක් හැදුවේ නෑ. ඒ නිසා නිධන් හාරනවා නෙවෙයි අපි කළ යුත්තේ, ඛනිජ ද්‍රව්‍ය හොයන්න නිසි වැඩපිළිවෙළක් දියත් කිරීමයි. හැබැයි ඒ තැන කොතැනද, එතැන වෙන්නේ මොනවද, ඒ තැනේ කැණීම් කළොත් පසුකාලීනව ඒකෙන් ලැබෙන බලපෑම මොකක්ද වගේ දේවල් ගැනත් මීට වඩා කල්පනාකාරී වුණා නම් හොඳයි. අධිවේගී මාර්ගය සඳහා ඉන් එල්ලවන බලපෑම ගැන අපි දන්නේ නෑ. නමුත් සාමාන්‍ය මිනිස්සු විදියට අපිට හිතෙනවා අධිවේගී මාර්ගයට යම් බලපෑමක් ඒ හරහා සිදුවෙයි කියලා.

Sri Lanka Latest News

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

ෆෙන්ගල් සුළි කුණාටුවෙන් පස්සේ ලංකාවේ ප්‍රධාන නගර රැසක් නවදිල්ලිය වගේ වෙලා!  Sri Lanka Latest News

Next Post

ජවිපෙ සහ රනිල්..! 2002 සටන් විරාමයයි 2022 IMF ගිවිසුමයි…! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! Sri Lanka Latest News

MORE NEWS

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

Load More
කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

ඇහැලියගොඩ ‍පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා රත්නපුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් ඊයේ (3)  අත්අඩංගුවට ගෙන තිබේ.Sri Lanka Latest News මැණික් ගලක්...

Read more
වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.