පසුගිය 16 වැනිදා තලෙයිමන්නාරම, ඌර්මානෙයි ප්‍රදේශයේදී දූෂණය කර ඝාතනය කළ දැරියගේ මරණය සම්බන්ධයෙන් සාධාරණයක් ඉටු කරන ලෙස ඉල්ලා මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිට අද (19) පෙරවරුවේ සාමකාමී විරෝධතාවක් පැවැත්වුණා.Sri Lanka Latest News
තලෙයිමන්නාරමේ ජනතාව මෙම විරෝධතාවයේ නිරත වූයේ දැරියගේ මරණය සම්බන්ධයෙන් නොපමාව සාධාරණය ඉටු කරන ලෙසත්, නඩුව විභාග කිරීමට විශේෂ කමිටුවක් පත් කරන ලෙසත් බල කරමින්.
අද පෙරවරු 8.30 සිට 9.30 දක්වා මෙම සාමකාමී විරෝධතාව පැවැත්වුණා. විරෝධතාකරුවන් විවිධ සටන් පාඨ ඇතුළත් පුවරු රැගෙන මෙම විරෝධතාවේ නිරත වුණා.
තලෙයිමන්නාරම, ඌර්මානෙයි ගම්මානයේ 10 හැවිරිදි දැරියක් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයා ඉදිරි පැය 48ක කාලයක් පොලිස් අත්අඩංගුවේ රඳවාගෙන පරීක්ෂණ පැවැත්වීමට මන්නාරම අධිකරණය අවසර ලබාදුන්නා.










