මෙරට ඇමරිකා එක්සත් ජනපද තානාපතිනී ජූලි චන්ග් මහත්මිය සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර සුහද හමුවක්, අද (13) දින පෙරවරුවේ කොළඹ පිහිටි හිටපු ජනාධිපතිවරයාගේ නිවසේ දී පැවැත්විණි.Sri Lanka Latest News
එහි දී, මෙරට ඇමරිකා එක්සත් ජනපද තානාපතිනී ලෙස සිය රාජ්‍යතාන්ත්‍රික සේවය අවසන් කරමින්, ජනවාරි 16 වන දින දිවයිනෙන් පිටත්ව යාමට නියමිත ජූලි චන්ග් මහත්මිය සිය ධුර කාලය තුළ ඇමරිකා එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ගොඩනගමින් සහ ශක්තිමත් කරමින් සිදු කළ සේවය අගයමින් සිය ස්තුතිය පිරිනැමීමට හිටපු ජනාධිපතිවරයා පියවර ගෙන තිබිණ.




















