මධ්‍යම අධිවේගී මාර්ගය ආසන්න වේයන්ගොඩ වදුරඹ ප්‍රදේශයේ නිදන් හෑරීමට කිසිදු නියෝගයක් නිකුත් කර නොමැති බව අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණය අද පැවසුවේය.Sri Lanka Latest News
විනිසුරු මංජුල කරුණාරත්න මහතා විවෘත අධිකරණය හමුවේ පැවසුවේ එම ස්ථානයේ කැනීමට අදාළව පොලිස් විශේෂ කාර්ය බලකාය දුන් වාර්තාව අනුව පොළොව අභ්‍යන්තරයේ ඇති ලෝහමය ද්‍රව්‍ය ගැන විමර්ශනයක් කරන ලෙස පමණක් නියෝග දුන් බවයි.
අදාල කැණීම සම්බන්ධයෙන් අද අධිකරණයට කරුණු වාර්තා කල අවස්ථාවේ විනිසුරුවරයා මේ බව කියා සිටියේය.
මේ අතර අද පැවති කැබිනට් මාධ්‍ය හමුවේදී කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ඇමති නලින්ද ජයතිස්ස මහතා පැවසුවේ එම කැණීම සිදු කරන ලද්දේ අධිකරණ නියෝගයක් මත මිස රජයේ තීන්දුවක් මත නොවන බවය.










