දිවයිනට පැමිණි ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා අද (04) ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවී සාකච්ඡා පවත්වා තිබේ.Sri Lanka Latest News
සිය X ගිණුමේ සටහනක් තබමින් ජයශංකර් මහතා පවසන්නේ, ඉන්දීය ජනාධිපතිනි ද්‍රව්පදි මුර්මු ගේ සුභාශිංසන ද ශ්‍රී ලංකා ජනපතිවරයාට යොමුකළ බවයි.
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින සහයෝගීතාවය තවත් වර්ධනය කරගන්නා අයුරු සහ ඉන්දීය ශ්‍රී ලංකා බැඳීම දෙරටෙහි ජනතාවගේ සහ කලාපයේ උන්නතිය වෙනුවෙන් යොදාගත හැකි අයුරු එහිදී සාකච්ඡා කළ බව සඳහන් ය.
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා නිල සංචාරයක් සඳහා අද (04) උදෑසන දිවයිනට පැමිණියේය.
ඒ අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් අනතුරුව මෙරට නිල සංචාරයක නිරත වන පළමු ඉහළ පෙළේ රාජ්‍ය තාන්ත්‍රික නියෝජිතයා වන්නේ ද අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතාය.
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා සමග එරට විදේශ කටයුතු අමාත්‍යංශයේ ඉහළ පෙළේ නිලධාරීන් 8 දෙනෙකු ද මෙම සංචාරය සඳහා එක්ව සිටින බව සඳහන්ය.
Honored to call on President @anuradisanayake today in Colombo. Conveyed warm greetings of President Droupadi Murmu and PM @narendramodi.
— Dr. S. Jaishankar (@DrSJaishankar) October 4, 2024
Appreciate his warm sentiments and guidance for the 🇮🇳 🇱🇰 relations. Discussed ways to deepen ongoing cooperation and strengthen India-Sri… pic.twitter.com/bDIpaiT4te










