ඉන්දීය විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර සුවිශේෂී හමුවක් අද කොළඹ පිහිටි ඉන්දිය මහකොමසාරිස්වරයාගේ නිල නිවසේ දී සිදුවිය.Sri Lanka Latest News
එහි දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් වර්තමානයේ රට මුහුණ දෙන ගැටලු රැසක් සම්බන්ධයෙන් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයාව දැනුවත් කරන ලදී. රටක් ලෙස පවතින බංකොලොත්භාවයෙන් නැවත ගොඩ ඒමට ඉන්දියාව මෙතෙක් ලබා දුන් සුවිශාල සහයෝගය සම්බන්ධයෙන් සිය ස්තූතිය සහ ගෞරවය ඉන්දීය රජය වෙත පුදකරන බවත් ඉදිරියටත් අප රට වෙනුවෙන් තවතවත් සහයෝගය සහ ආධාර, උපකාර ලබා දෙන ලෙස ගෞරවයෙන් ඉල්ලා සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහි දී ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා හමුවේ පැවසීය.
එසේම ළඟම අසල්වැසියා සහ දිගුකාලීන මිත්‍රයා ලෙසින් ඉන්දියාවත් ශ්‍රී ලංකාවත් අතර ඇති ශක්තිමත් සම්බන්ධතාව ඉදිරියටත් අපේක්ෂා කරන බවත් ඒ සඳහා තමාට ද ලබා දිය හැකි උපරිම දායකත්වය ලබා දෙන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහි දී වැඩිදුරටත් පැවසීය.
Good to see SJB leader @sajithpremadasa in Colombo today.
— Dr. S. Jaishankar (@DrSJaishankar) October 4, 2024
Appreciate his continued support for the India-Sri Lanka relationship.
🇮🇳 🇱🇰 pic.twitter.com/nVieusdvaQ










