• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

යාපනේ විද්‍යා-කොටදෙණියාවේ සේයා-අටලුගම ෆාතිමා-දඹුල්ලේ බුද්ධිමා දරුවනි අපට සමාවෙන්න…

June 5, 2022
in Exclusive
Reading Time: 5 mins read
A A
යාපනේ විද්‍යා-කොටදෙණියාවේ සේයා-අටලුගම ෆාතිමා-දඹුල්ලේ බුද්ධිමා දරුවනි අපට සමාවෙන්න…
Share on WhatsAppShare on Facebook

ගතිගුණ අතින් අපි තවමත් වනන්තරේ…

අපට දින කිහිපයකට පෙර අසන්නට ලැබුණු ඛේදනීය සිදුවීමක් වුණේ අටලුගම ෆාතිමා අයිෂා අක්රම්ගේ ඝාතන සිදුවීමය. මෙවැනිම ඛේදවාචකයකින් එදා කොටදෙණියාවේ සේයා, යාපනයේ විද්‍යා, දඹුල්ලේ බුද්ධිමා යන දියණියන් ජීවිතයෙන් සමුගත්තේ කුරිරු සාහසිකයන්ගේ ගොදුරු බවට පත්වෙමින්ය. හෙට මෙවන් ඛේදවාචකයකට මුහුණ පාන්නේ ඔබේ ආදරණීය දියණිය වන්නට හැකිය. එදා අතීතයේ රටේ එහා කෙළවරේ සිට මෙහා කෙළවරට ආරක්ෂිතව ගෑනු දරුවකුට ගමන් කිරීමේ හැකියාවක් තිබුණු බව අප අසා තිබෙනවා. නමුත් වර්තමානය වනවිට කිසිසේත්ම එවැනි තත්ත්වයක් රටේ නොමැති බව හැඟී යන්නේය.

ෆාතිමා අයීෂා දැරියගේ කනගාටුදායක සිදුවීම අපට අසන්න ලැබෙන්නේ බණ්ඩාරගම අටලුගමින් වන අතර, අවුරුදු නවයක් වයසැති, අයියලා දෙදෙනකු සහ නැගණියක සිටින ඇය අධ්‍යාපනය ලැබුවේ අටලුගම අල් ගස්සාලි විiාලයේ හතර වැනි ශ්‍රේණියේය.

පසුගිය 27 වැනිදා උදේ 10ට පමණ ෆාතිමා අම්මාගෙන් රුපියල් 250ක් ඉල්ලාගෙන ගෙදරින් පිටත්ව ගොස් තිබුණේ නිවෙස අසල තිබුණු කුකුළු මස් අලෙවි සැලටය. නමුත් ඇය පැමිණීමට ප්‍රමාද වීම නිසා ඇගේ මව ඒ පිළිබඳ විපරම් කරද්දී වෙළෙඳසල් හිමියා පවසා තිබුණේ ෆාතිමා කුකුළු මස් මිලදී ගෙන නැවත නිවෙස දෙසට ගමන් කරනු ඔහු දුටු බවය.

ෆාතිමාගේ නිවෙසේ සිට මිටර් 500ක් දුරින් වෙළෙඳ සල පිහිටා තිබුණු අතර සී.සී.ටී.වී. දර්ශන පරීක්ෂා කිරීමේදී හෙළිව තිබුණේ ඇය වෙළෙඳ සලෙන් පිටව ගොස් ඇති බවය. නමුත් ඉන් අනතුරුව සිදුවූ දේ පිළිබඳ මතුවුණේ ප්‍රශ්නාර්ථයකි. විවිධ අංශයන් ඔස්සේ පොලිසියේ උකුසු ඇස යොමුවුණත් අවසානයේ නිවෙස ආසන්නයේ තිබුණු වගුරු බිම වෙත ඔවුන් සිය අවධානය යොමු කළේය. පොලිස් සුනඛයකුද එම සැකය තහවුරු කරමින් වගුරු බිම අසලට පැමිණ නතර විය.
අටලුගම ජනතාව මුළු ගම්මානයම පීරමින් දැරිය පිළිබඳ හෝඩුවාවක් සොයාගන්නට ඒ වන විටත් කටයුතු කරමින් සිටියමුත්, ඒ වන විටත් සිද්ධිය සම්බන්ධයෙන් 30 දෙනකුට වැඩි පිරිසකගෙන් පොලිසිය ප්‍රකාශ සටහන් කරගෙන තිබුණේය. කෙසේ නමුත් අවසානයේ දැරියගේ මළ සිරුර හමුවුණේ ඇය අතුරුදන් වූ තැන සිට මිටර් 300ක් දුරින් පිහිටි වගුරු බිමකින්ය.

මෙම කුරිරු ඝාතනය ගැන ෆාතිමාගේ මව කදුළු සලමින් පවසා සිටියේ මෙවැන්නකි.

‘දුව ගියා රුපියල් 250කුත් අරගෙන කුකුල් මස් ගේන්න කියලා. කුකුල් මස් අරගෙන ආපහු ආවේ නැහැ. එයා ආසයි සිකුරාදාට කුකුල් මස් කන්න. මගේ නංගි මල්ලි ඇවිත් හොයලා ගියා. ළමයව පාරට යැව්වා කියලා මට බැන්නා. පැයක් විතර ගියාට පස්සේ අපි හොයන්න ගත්තේ. ලොකු දරුවා සාමාන්‍ය පෙළ කරනවා. දෙවැනියාට අවුරුදු 14යි. තුන්වැනියා තමයි නැතිවුණේ. පොලිසියෙන් තමයි කිව්වේ දුව මැරිලා කියලා…’

සිකුරාදා උදෑසන අතුරුදන් වූ දැරිය හමුවන්නේ සෙනසුරාදා පස්වරුවේය. වගුරුබිමකින් ඒ සිඟිත දැරිය වෙනුවට හමුවුණේ ප්‍රාණය නිරුද්ධ වූ සිරුරක්ය. ගම්මුන් සහ පොලිසිය වගුරු බිමේ දැරියව සොයන මෙහෙයුමට දැරිය ඝාතනය කළ පුද්ගලයාද පැමිණ සිටි අයුරු අදාළ වීඩියෝ දර්ශනවල සටහන්ව ඇති අතර, ඝාතකයා ෆාතිමා දැරියගේ නිවෙස ආසන්නයේම ජීවත් වූ අයෙක් බවත්, ඔහු අටලුගම මුස්ලිම් කොලනියේ පදිංචි මොහොමඩ් ෆාරුක් මොහොමඩ් නොහොත් ‘කොත්තු බාස්’ නමැති 29 හැවිරිදි අයෙක්ය. දියණියන් තිදෙනකුගේ පියෙක් වූ ඔහුගේ බිරිය ගැබිනියකි. පොලිසිය සිදුකළ ප්‍රශ්න කිරීම් හමුවේ ඝාතකයා මෙලෙස පාපොච්චාරණය කළේය.

‘පසුගිය 27 වැනිදා දැරිය කුකුල් මස් මිලදී ගන්න ගිහින් සිටියදී මමත් එතැනට ආවා. මම ඒ වෙලාවේ අයිස් මත්ද්‍රව්‍ය පාවිච්චි කරලයි හිටියේ. මම දැරිය මස් අරගෙන එනකන් කැලෑව ළඟ රැකගෙන හිටියා. මම ඇයව ඇදගෙන කිරල ගස් අතරින් කැලෑවට ගෙන ගියා. ඇගේ ශරීරය මම ස්පර්ශ කළා. දැරිය මගෙන් බේරීමට අනේ මාමේ අතඅරින්න කියලා විලාප දෙමින් උත්සාහ දැරුවා. මම රෙදි කැබැල්ලක් ඇගේ කටට ඔබලා තවත් මීටර් කිහිපයක් නැවත ඇදගෙන ගියා. මගේ සරම ඉරලා අතයි කකුලයි ගැට ගැසුවා. එතකොට ඇයට සිහිය නැතිවුණා. ඒ ළඟ තිබෙන මඩ වගුරකට දැරියව තල්ලු කළේ ඊට පස්සෙයි. ඊට පස්සෙ මඩේ ගිල්ලලා පණ යනකල් මගේ කකුලේ දණහිස ඇගේ පිටට තියලා ඔබාගෙන සිටියා.’

මේ පුද්ගලයා වැඩිදුරටත් පවසා තිබුණේ ඇතැම් දිනවලදි ෆාතිමා දැරිය තම දරුවන් සමග සෙල්ලම් කිරීමට පැමිණෙන බවත්, ඒ අවස්ථාවේ ෆාතිමා දැරිය කෙරෙහි තමන්ට ආශාවක් ඇති වී තිබූ බවත්ය. ෆාතිමා දැරිය ස්පර්ශ කිරීම ගැන ඇය තම නිවෙසට පැමිණි විට හෙළිකරාවි යන බියෙන් ඇයව ඝාතනය කළ බවත් ඝාතකයා පවසා තිබුණේය.

පොලිස් විමර්ශනවලදී අනාවරණ වී තිබුණේ මෙම ඝාතනයට පෙර දිනයේ ඝාතකයා රුපියල් 5000ක පමණ අයිස් මත්ද්‍රව්‍ය පානය කර ඇති බවය. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව මහතා සඳහන් කළේ දැරියගේ නහයට සහ මුඛයට මඩ සහ ජලය ඇතුළු වීමෙන් පෙණහළුවලට සිදුවූ හානිය නිසා ඇගේ මරණය සිදුව ඇති බවත්ය.

ස්ථානීය පරීක්ෂණය පානදුර වැඩබලන මහේස්ත්‍රාත් ඉන්ද්‍රානි උඩවත්ත මහත්මිය විසින් පැවැත්වූ අතර, පශ්චාත් මරණ පරික්ෂණය කරනු ලැබුවේ පානදුර අධිකරණ වෛද්‍ය නිලධාරි එච්.කේ.ජී. විජේවීර, උත්පලා ආටිගල ඇතුළු ත්‍රිපුද්ගල අධිකරණ නිලධාරී කමිටුවක් මගිනි.

දැරියගේ පශ්චාත් මරණ පරීක්ෂණය 30 වැනිදා පානදුර රෝහලේදී සිදුකළ අතර එහිදී අනාවරණ වුණේ දැරිය ලිංගික අපයෝජනයකට ලක්ව නොමැති බවය. දැරියගේ අවසන් කටයුතු පසුගිය 30 වැනිදා අටලුගම මහ පල්ලියට අයත් සුසාන භූමියේදී සිදුකළ අතර, ඇයට අවසන් ගෞරව දැක්වීමට විශාල පිරිසක් පැමිණ සිටිනු දැකගත හැකි විය.

ෆාතිමා දැරියට ඇයි මෙහෙම වුණේ?

හයක් හතරක් නොදන්න දරුවෙක් වුණු ෆාතිමාව මඩ වගුරක ඔබලා නහයෙන් කටින් මඩ හිරවෙනකල් හිංසා කරලා මරන්න මනුෂ්‍යයෙකුට පුළුවන්ද? මත්ද්‍රව්‍ය පාවිච්චි කළ නිසා මෙවැනි දෙයක් සිදුවූවා යැයි සාධාරණීකරණය නොකළ යුතුය. මන්ද ඔහුට නිසි දඬුවම් නොකළහොත් ඉදිරියේදීත් තවත් මෙවැනි අපරාධ සිදුවීමේ ඉඩකඩ ඉතාම වැඩිය.

දරුවන් කියන්නේ අම්මා කෙනෙක්ට තාත්තා කෙනෙකුට පණ වගේය. ෆාතිමා දැරිය අම්මේ අම්මේ කියලා කී වරක් නම් කෑගසන්නට ඇත්ද? අද කී දෙනෙක් නම් තමන්ගෙ දරුවන් හදාගන්න වත්කමක් නැතිව දහ දුක් විඳිනවද? තාත්තා කෙනෙක් දියණියකට කොයිතරම් ආරක්ෂාවක් දිය යුතුද? දියණියක් සිටින තාත්තා කෙනෙක් වෙච්ච මේ ඝාතකයාට ඇයි හිතන්න බැරි වුණේ ෆාතිමා කියන්නේ තමන්ගේ දුවෙක් වගේ කියලා? මේ තාත්තාට එහෙම සිතුණා නම් අද මෙැවැනි ඛේදවාචකයක් අසන්නට ලැබෙන්නේ නැත.

කෙසේ වෙතත් තමන්ගෙ දියණිය නිවෙසට එන්න ප්‍රමාද වෙද්දි ඇගේ මවුපියන් මීට වඩා උනන්දුවෙන් ඇය ගැන සොයා බලන්නට තිබුණු නමුත් පැයක් ගතවූවාට පසුවයි මේ ගෑනු දරුවාව සොයන්නට ඔවුන් කටයුතු කර තිබෙන්නේ මේ අම්මා දරුවාව කුකුල් මස් ගේන්න කඩේට යැවීමෙන් අවසානයේ ඔවුන්ට උරුම වුණේ දරුවාගේ මළ සිරුර පමණය. මවුපියන්ට සිටින වටිනාම වස්තුව තමන්ගෙ දරුවන් බැවින් ඒ වටිනා දේ ආරක්ෂා කරගන්න මවුපියන් දැනගත යුතුය.
ළමයි මල් වගේය. තේරුම් ගන්න පුළුවන් වයස වෙනකල් ඔවුන්ව ආරක්ෂා කිරීම අම්මාගේ තාත්තාගෙ වගකීමය.

වර්තමානය වන විට මත්ද්‍රව්‍ය භාවිත කරන විවිධ පුද්ගලයන් නිසා දරුවන් නොයෙක් අවස්ථාවලදී කායික වගේම මානසිකව දූෂණයට ලක්වන්නේය. එවැනි පුද්ගලයන් තම නිවෙසට නිතර යන එනවා නම් ඒ ගැන සැලකිලිමත් වීම මවුපියන්ගේ වගකීමක්ය. ඒ වගේම කිසියම් පුද්ගලයෙක් තම දරුවන්ට අසාමාන්‍ය ලෙස ආදරය දක්වනවා නම්, දරුවන්ව ස්පර්ශ කරනවා නම් එවැනි පුද්ගලයන් දෙස වැඩි අවධානයක් යොමු කළ යුතුය. එය දරුවන් ආරක්ෂා කරගැනීමට බොහෝ ඉවහල් වන්නේය.

බුදු දහම තුළ ඉගැන්වෙන්නේ කාන්තාවක් දුටු විට, තරුණියක් නම්, තම නැගණිය ලෙස සිතන ලෙසය. නැත්නම් අක්කා ලෙස සිතන ලෙසය. එවිට රාග සිතුවිලි ඇති නොවන්නේය. ඇය වැඩිමහල් නම් තම මව ලෙස සිතන්න, කුඩා දරුවෙක් නම් තම දියණියක් ලෙස සිතන ලෙසය. එලෛස හිතන්නට තරම් හැකියාවක් තිබුණා නම් වර්තමානයේ සිදුවන ස්ත්‍රී දුෂණ අපචාර බොහොමයක් අඩු කරගන්නට හැකියාව ලැබෙනු ඇත.

කොටදෙණියාවේ සේයා, යාපනයේ විද්‍යා, දඹුල්ල කණ්ඩලම පාරේ බුද්ධිමා අද අටලුගම ෆාතිමා දැරිය යන මේ නිමාවක් නැති ම්ලේච්ඡත්වයට තිත තියන්නේ කවදාද? මේ මිලේච්ඡත්වයට කුල මල ජාති ආගම් භේදයක් බලපාන්නේ නැත. මේ අවාසනාවන්ත සිදුවීම හෙට ඔබගේ ආදරණීය දියණියට සිදුවන්නට පුළුවන. ඒ නිසා අපි සියලු දෙනාම අපේ දරුවන් ගැන අවධානයෙන් සිටිය යුතු මුත්, පොලිසියට පමණක් වගකීම පවරා බලා සිටිනවා වෙනුවට මෙවැනි අපරාධ සිදුවන්නට අවශ්‍ය පරිසරය නිර්මාණය නොවීමට අවශ්‍ය පියවර ගැනීම ඔබේත් මගේ යුතුකමක් සහ වගකීමක් බව තරයේ සිහි තබාගත යුතුය.

බුදු බණ කිව්වා නිරන්තරේ… බුදු බණ ඇසුවා නිරන්තරේ… ගතිගුණ අතින් අපි තවමත්… වනන්තරේ… වනන්තරේ… පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමියන් රචනා කළ මේ ගීය කොයි තරම් නම් අදට ගැළපෙනවාද යන්න සිතා බැලිය යුත්තකි.

නිලන්ති රේණුකා

SendShareShare
Previous Post

ජනපතිත් එක්ක දීර්ඝ සාකච්ජාවක් කරයි! 21න් ජනපති බලතල අඩු කරන්න එකඟතාවක් නෑ! ද්විත්ව පුරවැසිභාවයටත් වෙන යෝජනාවක් ගේන්න අදහසක් ඇවිත්! රනිල්-නිමල්-විජේදාස හිස් අතින් ගෙදර ගිහින්! EXCLUSIVE

Next Post

රනිල් මුදල් අමාත්‍යංශයට උපදෙස් ගන්න ලන්ඩනයෙන් අරලිය ගහ මන්දිරයට ගෙනාපු පාස්කරලිංගම්ගේ නමත් පැන්ඩෝරා පේපර්ස්වල තියෙනවා! EXCLUSIVE

MORE NEWS

මීවද කඩන්න ගිහින් වලහෙක් ගහලා ! තිදෙනෙක් රෝහලට ! Sri Lanka Latest News
Exclusive

වලස්සුන්ගෙන් ළමයි බේරගන්න ඉස්කෝල 94ක් වසා දමයි! I Sri Lanka Latest News

අනුරටත් නොතීසි යවන්න ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News
Exclusive

අගවිනිසුරු ඇතුළු උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එරෙහිව කරුණු පැහැදිලි කරමින් කොළඹ මහාධිකරණ නීතිඥ සංගමය ජනාධිපතිට යවපු දීර්ඝ ලිපිය මෙන්න! I Sri Lanka Latest News

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

Load More
මීවද කඩන්න ගිහින් වලහෙක් ගහලා ! තිදෙනෙක් රෝහලට ! Sri Lanka Latest News
Exclusive

වලස්සුන්ගෙන් ළමයි බේරගන්න ඉස්කෝල 94ක් වසා දමයි! I Sri Lanka Latest News

ඉතිහාසයේ පළමු වතාවට ජපානයේ උත්සුනොමියා (Utsunomiya) නගරයේ වලසෙකු සැරිසරනු දැකීම හේතුවෙන්, නගර සභාව මඟින් පාලනය වන සියලුම ප්‍රාථමික සහ කනිෂ්ඨ...

Read more
අනුරටත් නොතීසි යවන්න ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News

අගවිනිසුරු ඇතුළු උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එරෙහිව කරුණු පැහැදිලි කරමින් කොළඹ මහාධිකරණ නීතිඥ සංගමය ජනාධිපතිට යවපු දීර්ඝ ලිපිය මෙන්න! I Sri Lanka Latest News

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.