ශ්‍රී ලාංකික රංගන ශිල්පිනයක් වන ජැකලින් ෆර්නැන්ඩස් හට ඉන්දියාවෙන් පිටව යෑම වැළැක්වීමට එරට ආගමන විගමන නිලධාරීන් පියවර ගනු ලැබීය.
ජැකලින් ෆර්නැන්ඩස් බොලිවුඩයේ රංගන ශිල්පිනයක් ලෙස කටයුතු කරනු ලබන අතර ඇය ඩුබායි හි පැවැත්වෙන ප්‍රසංගයක් සඳහා සහභාගී වීමට යෑම සඳහා මුම්බායි ගුවන් තොටුපළට පැමිණි නමුත් ආගමන විගමන නිලධාරීන් විසින් ඇයට රටින් පිටව යෑම තහනම් කරමින් පනවා ඇති නියෝග මත ඇයට රටින් පිටව යෑමට ඉඩ ලබාදී නොමැති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත.
ඉන්දියානු රුපියල් කෝටි 200ක මුදල් විශුද්ධිකරණ සිද්ධියක් සම්බන්ධයෙන් සිදුකරනු ලබන පොලිස් විමර්ෂණයකට අදාළව ජැකලින් ෆර්නැන්ඩස් ගේ ද නම ඈදී තිබීම මිට හේතුව වී ඇත.