2025 වසරේ මුල් මාස අට තුළ, ශ්‍රී ලංකාව, එක්සත් ජනපද ඩොලර් මිලියන 11,554.32 ක අපනයන ආදායම් උපයා ඇති බව අපනයන සංවර්ධන මණ්ඩලය පවසයි.Sri Lanka Latest News
එය, පසුගිය වසරේ අදාල කාල පරිච්ඡේදය හා සසදා බැලීමේ දී 6.61% ක වර්ධනයකි.
2025 අගෝස්තු මාසය තුළ පමණක් භාණ්ඩ හා සේවා යන දෙඅංශයෙන්ම ඩොලර් මිලියන 1,607.58 ක අපනයන ආදායම් උපයා තිබේ.
දිරිගන්වනසුළු මෙම වර්ධනය, ශ්‍රී ලංකාව ගෝලීය වෙළදාම හා ඒකාබද්ධ වීමත්, වෙළද පොල අවස්ථා විවිධාංගීකරණය කර ගනිමින් අපනයන තරඟකාරීත්වය ශක්තිමත් කිරීමට දරන ලද උත්සාහයේ ප්‍රතිඵලයක් බව, අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති සහ එහි ප්‍රධාන විධායක නිළධාරී මංගල විජේසිංහ මහතා පවසයි.










