රජය විදුලි සේවකයන්ගේ අයිතිවාසිකම් පිළිගත්තත් අසාධාරණ ඉල්ලීම් පිළිගැනීමට සූදානම් නැතැයි නාගරික සංවර්ධන ඉදිකිරීම් හා නිවාස අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. Sri Lanka Latest News
“මේ දින වල විදුලි බල මණ්ඩලයේ සේවකයන් අතර යම් නොසන්සුන්තාවයක් තියෙනවා.පසුගිය කාලයේ විදුලි බල මණ්ඩලය 12කට කඩන වැඩ කටයුත්තක් අරඹා තිබුණා.අප එය නතර කොට සම්පූර්ණ රාජ්‍ය අයිතිය සහිත සමාගම් පහක් සහිත පනතක් ඉදිරිපත් කළා.විදුලි බල සේවකයන්ගේ ඉල්ලීම් 21න් බහුතරයක් අපේ පනත තුළින්ම සම්මත වී තිබෙනවා. නමුත් කිසිදාක ඉටු කළ නොහැකි ඉල්ලීම් ද තිබෙනවා.”
”විදුලි සේවකයන්ගේ අයිතිවාසිකම් රජය පිළිගත්තත් අසාධාරණ ඉල්ලීම් පිළිගැනීමට සූදානම් නැහැ” යනුවෙන්ද අමාත්‍යවරයා කීය.









