• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Gallary

බෞද්ධයන්ගේ මුදුන් මල්කඩ වූ ශ්‍රී දළදා මාළිගාවට බෝම්බ ගසා 26 වැනිදාට අවුරුදු 27යි! Sri Lanka Latest News

January 23, 2025
in Exclusive
Reading Time: 10 mins read
A A
බෞද්ධයන්ගේ මුදුන් මල්කඩ වූ ශ්‍රී දළදා මාළිගාවට බෝම්බ ගසා 26 වැනිදාට අවුරුදු 27යි! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

බෞද්ධයන්ගේ මුදුන් මල්කඩ ලෙස සැලකෙන ශ්‍රී දළදා මාළිගාවට එල්.ටී.ටී.ඊ.ත්‍රස්තවාදීන් බෝම්බ ප්‍රහාරය එල්ල කර ජනවාරි 26 වැනිදාට වසර 27 කි.Sri Lanka Latest News

එම වේදනාත්මක සිදු වීම වන අවස්ථාවේ දියවඩන නිළමේ වරයා ලෙස කටයුතු කරනු ලැබුවේ නෙරංජන් විජේරත්න මහතාය.එතුමා එම අමානුෂික සිදු වීම පිළිබඳව මහත් කණස්සල්ලෙන් හඬ නැගූ අතර දෙස් විදෙස් සියලු රාජ්‍ය තාන්ත්‍රිකයින්ට  ත්‍රස්තවාදීන් පරාජය කළ යුතුයි යන මතය ඉදිරිපත් කිරීමට පියවර ගත්තේය .

ම්ලේච්ඡ ත්‍රස්තවාදීන්ගේ බෝම්බ ප්‍රහාරයට ලක්ව එදින අළුත් සහල් මංගල්‍යය වෙනුවෙන් දානය රැගෙන දළදා වහන්සේට පූජා කිරීමට පැමිණි බැතිමතුන් 16 දෙනකු මියගියහ. තවත් විසිපස්දෙනකු තුවාල ලැබූහ. තුවාල ලැබූ අය අතර කාන්තාවන් සිව්දෙනෙක් භික්ෂූන් වහන්සේ නමක් සහ පොලිස් නිලධාරිනියක් ද විය. ඒ අතර භූ විද්‍යා මහාචාර්යවරයකු වූ පී. ඩබ්ලිව්. විතානගේ මහතා මෙම සිදුවීම ඇසීමෙන් කම්පනයට ලක්ව මියගිය බවද පසුව දැනගන්නට ලැබිණි. දැවැන්ත ප්‍රහාරයේ බලපෑම මත ඒ අවට කිලෝමීටර් පහක් පමණ දුරින් වූ ඇතැම් ගොඩනැඟිලිවලටද හානි සිදුව තිබිණි.බෝම්බ ලොරියේ සුක්කානම මහනුවර වැවට ඉහළින් විසිවීගොස් මල්වතු මහා විහාරස්ථාන භූමියේ වැටී තිබුණ අතර .සුක්කානම් ලීවරය උල්පැන් ගේ අසල මාර ගස පසාරු කරගෙන ගොස් තිබුණි.

දළදා මාළිගා පරිශ්‍රය තුළ සිදුවූ මෙම සිදුවීමේ දී අවට මං බාධකවල සිටි හමුදා භටයන්ටද වෙඩි තබා පුපුරන ද්‍රව්‍ය තොගය රැගත් ට්‍රක් රථය මාළිගාවේ පිවිසුම් අංගනය වෙත කඩාවැදී තිබිණි. අධි බලැති පුපුරන ද්‍රව්‍ය කිලෝග්‍රෑම් තුන්සීයක් හාරසීයක් පමණ අන්තර්ගත වූ ට්‍රක් රථය ප්‍රධාන පිපිරීම් දෙකකින් විනාශ වී තිබූ බවට පසුව කළ පරීක්ෂණ වලදී තහවුරු විණි.

පුදබිමට ඇතුල් වන ස්ථානයේ වූ ප්‍රතිසංස්කරණය කළ ගල් කැටයම්, ඇත් කැටයම්, සඳකඩපහණ ප්‍රහාරය නිසා මුල් සඳකඩ පහණද කොටස් හතළිස් තුනකට බිඳී ගොස් තිබුණි. මේ වනවිට ඒවා යළි ප්‍රතිසංස්කරණය කොට මාළිගාව තුළ වූ කෞතුකාගාරයේ තැන්පත් කර තිබේ.

ප්‍රහාරයෙන් පසු දිනයේම ශ්‍රී ලංකා රජය එල්.ටී.ටී.ඊ. සංවිධානය තහනම් සංවිධානයක් ලෙස නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමට පියවර ගත්තේය.

රට තුළ මහත් ආන්දෝලනයක් ඇති කළ මෙම බෝම්බ ප්‍රහාරයෙන් අනතුරුව ජනයා කුපිතයට පත්ව සිටියහ. පිරිසක් එම අවස්ථාවේ වාහන තුනකට සහ මහනුවර හින්දු සංස්කෘතික මධ්‍යස්ථානයට ගිනි තබන ලදී. එම පිරිස විසුරුවා හැරීමට පොලිසිය විසින් කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළද කිසිවෙකුටත් හානි සිදුවූයේ නැත. දරුණු ප්‍රචණ්ඩ ක්‍රියාවක් පැතිර ගොස් දෙමළ ජනයාගෙන් පළිගැනීමට මිනිසුන් පෙළඹීම වැළැක්වීම සඳහා එවකට ජනාධිපතිනිය වූ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය වහාම ජනතාව අමතා ඉල්ලා සිටියේ ඉවසීමෙන් කටයුතු කරන ලෙසය. එල්ටීටීඊ ත්‍රස්තවාදය පිළිබඳව ලෝකය පුරා ජනතාව තුළ අපුලක් ඇති කළ මෙම සිද්ධිය ආරක්ෂක දුර්වලතාව මත සිදුවූවක් බවට වගකීම භාර ගනිමින් එවකට ශ්‍රී ලංකාවේ ආරක්ෂක අමාත්‍යවරයාව සිටි අනුරුද්ධ රත්වත්තේ මහතා තමන් සිය ධූරයෙන් ඉල්ලා අස්විය යුතු බවද දන්වා සිටියේය.

නමුත් එවකට ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ඉල්ලා අස්වීම ප්‍රතික්ෂේප කළාය. 1998 නිදහස් සැමරුම එංගලන්තයේ චාල්ස් කුමරු සහ විදෙස් සම්භාවනීය අමුත්තන්ගෙන් සමන්විතව මහනුවර දී පැවැත්වීමට සැලසුම් කර තිබිණ. මහා බ්‍රිතාන්‍යයෙන් ශ්‍රී ලංකාව නිදහස් වී ඒ වනවිට පනස් වසරක් ගෙවී තිබූ නිසා මහනුවරදී නිදහස් උළෙල සැමරීමට සංවිධානය කර තිබිණ.මුළු මහනුවර නගරයම නිදහස් උළෙලට සූදානම් කර තිබුණි.බෝම්බ ප්‍රහාර එල්ල වීමත් සමඟ නිදහස් උළෙල අගනුවර පැවැත්වීමට සැලසුම් කළහ. මෙම ප්‍රහාරයට සම්බන්ධ බවට තහවුරු වූ එල්.ටී.ටී.ඊ. සාමාජිකයෝ තිදෙනෙකුට 2003 ඔක්තෝබරයේදී මහනුවර මහාධිකරණය විසින් මරණ දණ්ඩනය නියම කරන ලදී.ඒ දැනට ශ්‍රී දළදා මාළිගාවේ කෞතුකාගාරය ලෙස පවත්වා ගෙන යන එවකට මහනුවර අධිකරණ සංකීර්ණ ගොඩනැගිල්ලේ දීය. එදා මෙරට ප්‍රධාන පුවත්පත් නියෝජනය කළ මහනුවර ජනමාධ්‍යවේදීන් කිහිප දෙනෙකු එම අවස්ථාව ආවරණය කිරීමට එක් වූ අතර මෙම ලියුම්කරුද දිනමිණ පුවත් පත නියෝජනය කරමින් එම වාර්තාකරණයට එක් විය.

කැන්ඩි ප්‍රයිම් නිව්ස්!

SendShareShare
Previous Post

හොරට වාහන රෙජිස්ටර් කරලා ආණ්ඩුවට මිලියන 50ක අලාභයක් කළ බව කියන RMV එකේ හිටපු ලොක්කෙක් අපේක්ෂිත ඇප ඉල්ලා කල්තියාම උසාවි යයි! උසාවිය ඇප ඉල්ලීම විසිකරයි! Sri Lanka Latest News

Next Post

ආවේ මහබැංකු හොරු අල්ලනවා කියලා! e-පාස්පෝට් හොරු අල්ලනවා කියලා! දැන් මේ කරන්නේ දේශපාලන පළිගැනීමක්ද? චම්පිකගෙන් උදේ පාන්දරම විශේෂ ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

කැරපොත්තෝ ඉන්දියාව ආක්‍රමණය කරයි! ගෝඨාට වෙච්ච දේ මෝදිටත් වෙයිද? Sri Lanka Latest News
Exclusive

කැරපොත්තෝ ඉන්දියාව ආක්‍රමණය කරයි! ගෝඨාට වෙච්ච දේ මෝදිටත් වෙයිද? Sri Lanka Latest News

තෙල් අඩු කළා!
Exclusive

හැමෝම පුදුම කරවන්නයි හිටියේ! පෙට්‍රල් මිල රුපියල් 100කින් අඩු කරන්න ආණ්ඩුව තීන්දු කරලා? I Sri Lanka Latest News

මේ ඔක්කොගෙන්ම බේරිලා දුවපන් යුපුන් පුළුවන් හයියෙන්! Sri Lanka Latest News
Exclusive

මේ ඔක්කොගෙන්ම බේරිලා දුවපන් යුපුන් පුළුවන් හයියෙන්! Sri Lanka Latest News

ලංකාවේ ඉංග්‍රීසි ටීචර් සහ Fake News! Sri Lanka Latest News
Exclusive

ලංකාවේ ඉංග්‍රීසි ටීචර් සහ Fake News! Sri Lanka Latest News

ලංකාවයි ඉන්දියාවයි යා කරන තෙල් බටේ වැඩ ආපහු පටන් ගන්න ආණ්ඩුව තීන්දු කරලා! වැඩ නැවතිලා තිබ්බේ බටේ සයිස් එකේ ප්‍රශ්නයක් උඩ! I Sri Lanka Latest News
Exclusive

ලංකාවයි ඉන්දියාවයි යා කරන තෙල් බටේ වැඩ ආපහු පටන් ගන්න ආණ්ඩුව තීන්දු කරලා! වැඩ නැවතිලා තිබ්බේ බටේ සයිස් එකේ ප්‍රශ්නයක් උඩ! I Sri Lanka Latest News

ගිය පාර සුනාමිය ආවේ මුහුදෙන් – මේ පාර සුනාමිය එන්නේ අහසෙන්! ලෝකෙට මහා විනාශයක් වෙන්නයි යන්නේ! Sri Lanka Latest News
Exclusive

ගිය පාර සුනාමිය ආවේ මුහුදෙන් – මේ පාර සුනාමිය එන්නේ අහසෙන්! ලෝකෙට මහා විනාශයක් වෙන්නයි යන්නේ! Sri Lanka Latest News

Load More
කැරපොත්තෝ ඉන්දියාව ආක්‍රමණය කරයි! ගෝඨාට වෙච්ච දේ මෝදිටත් වෙයිද? Sri Lanka Latest News
Exclusive

කැරපොත්තෝ ඉන්දියාව ආක්‍රමණය කරයි! ගෝඨාට වෙච්ච දේ මෝදිටත් වෙයිද? Sri Lanka Latest News

මේ දිනවල ඉන්දියාවේ පටන් අරගෙන තියෙන ‘අරගලය’ ලංකාවෙ අරගලයට සමානයි වගේම සමහර අතින් අසමානයි. ලංකාවේ අරගලය ගැන අත්දැකීම නිසා ගොඩක්...

Read more
තෙල් අඩු කළා!

හැමෝම පුදුම කරවන්නයි හිටියේ! පෙට්‍රල් මිල රුපියල් 100කින් අඩු කරන්න ආණ්ඩුව තීන්දු කරලා? I Sri Lanka Latest News

මේ ඔක්කොගෙන්ම බේරිලා දුවපන් යුපුන් පුළුවන් හයියෙන්! Sri Lanka Latest News

මේ ඔක්කොගෙන්ම බේරිලා දුවපන් යුපුන් පුළුවන් හයියෙන්! Sri Lanka Latest News

ලංකාවේ ඉංග්‍රීසි ටීචර් සහ Fake News! Sri Lanka Latest News

ලංකාවේ ඉංග්‍රීසි ටීචර් සහ Fake News! Sri Lanka Latest News

ලංකාවයි ඉන්දියාවයි යා කරන තෙල් බටේ වැඩ ආපහු පටන් ගන්න ආණ්ඩුව තීන්දු කරලා! වැඩ නැවතිලා තිබ්බේ බටේ සයිස් එකේ ප්‍රශ්නයක් උඩ! I Sri Lanka Latest News

ලංකාවයි ඉන්දියාවයි යා කරන තෙල් බටේ වැඩ ආපහු පටන් ගන්න ආණ්ඩුව තීන්දු කරලා! වැඩ නැවතිලා තිබ්බේ බටේ සයිස් එකේ ප්‍රශ්නයක් උඩ! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.