උතුරු, උතුරු මැද, නැගෙනහිර, ඌව, මධ්‍යම ආදී පළාත්වල වැසි තත්ත්වය හෙට (18 වැනිදා) සිට යළි වැඩිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ මෙරිල් මෙන්ඩිස් පැවැසීය.Sri Lanka Latest News
වැසි තත්ත්වය ඊයේ (16 වැනිදා) සහ අද (17 වැනිදා) යම් අඩුවීමක් පැවැතියද හෙට සිට 20 වැනිදා පමණ තෙක් වැසි තත්ත්වයේ වැඩිවීමක් සිදුවනු ඇතැයි ද ඔහු කීවේය.
20 වැනිදායින් පසුව වැසි තත්ත්වයේ අඩුවීමක් සිදුවන බව ද නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා සඳහන් කළේය.
ඊසාන දිග මෝසම සක්‍රීය තත්ත්වයේ පවතින බැවින් ඉහත පළාත්වලට වැසි තත්ත්වයේ වැඩිවීමක් සිදුවන බවද ඔහු පැවැසීය.
වැසි තත්ත්වයත් සමග දිවයිනේ ප්‍රධාන ජලාශ 73 න් 45 ක් වාන් දමමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මධ්‍යම පරිමාණ ජලාශ 23 ක්ද වාන් දමන අතර, දිවයිනේ සමස්ථ ජලාශවල ජල ධාරිතාවය ප්‍රතිශතයක් ලෙස සියයට 91 ක් දක්වා ඉහළ ගොස් තිබේ.










