නව වසර (2025) ආරම්භ වී ගෙවුණු දින 16 තුළ පමණක් වෙඩි තැබීමේ සිදුවීම් 05 ක් වාර්තාවීම බරපතල තත්ත්වයක් බව අවධාරණය කරමින්, පුද්ගල ජීවිත ආරක්ෂා කිරීමට වහාම පියවර ගන්නා ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජය වෙත දන්වා තිබෙනවා. Sri Lanka Latest News
මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් විපක්ෂ නායකවරයා පෙන්වා දී තිබුණේ, මෙම වෙඩි තැබීම්වලින් පුද්ගලයින් 05 දෙනෙකු මියගොස්, තවත් පුද්ගලයින් 04 දෙනෙකු තුවාල ලබා ඇති බවත් මෙවැනි වාතාවරණයක් හමුවේ රටේ සිවිල් පුරවැසියන්ට නිදහසේ තම දෛනික කටයුතු කරගෙන යාම ද අවිනිශ්චිත තත්ත්වයකට පත්ව ඇති බවයි.
එමෙන්ම පොලිස් දෙපාර්තමේන්තු සංඛ්‍යා ලේඛණවලට අනුව විදෙස්ගතව සිටින 188 දෙනෙකුට අන්තර් ජාතික රතු නිවේදන නිකුත් කර ඇති බවත්, ඉන් 63 දෙනෙකු විදෙස්ගතව සිටිමින් පාතාල කටයුතු මෙහෙයවමින්, ඝාතන, කප්පම් ගැනීම්, බියවැද්දවීම් වැනි සමාජ විරෝධී කටයුතු මෙහෙයවමින් සිටින බව හඳුනාගෙන ඇති බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.
අදාළ නිවේදනයෙන් අද (16) මන්නාරම උසාවි සංකීර්ණය ඉදිරිපිට වූ සිදුවීම සම්බන්ධයෙන් ද විපක්ෂ නායකවරයා සිය අවදානය යොමුකර තිබුණා.
එම සම්පූර්ණ නිවේදනය පහතින්,










