දිවයිනේ බොහෝ පළාත්වලට අද (06) පස්වරු 02න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි වර්ධනය විමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. (Sri Lanka Latest News)
බස්නාහිර, මධ්‍යම, සබරගමුව, වයඹ, උතුරුමැද සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට මිලි මිටර 75ට වැඩි තරමක තද වැසිද ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ.
ගිගුරුම් සහිත වැසි සමඟ ඇති විය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනිමට පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙනවා.










