වත්කම් පෙන්විය යුතු නිලධාරීන් වත්කම් බැරකම් ප්‍රකාශ වලට ඇතුළත් නොකරන දේපළ රාජසන්තක කරන බව අල්ලස් හෝ දූෂණ වංචා චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් මහාධිකරණ විනිසුරු රංග දිසානායක මහතා පැවසීය. Sri Lanka Latest News
දූෂණ විරෝධී පනතෙන් ඒ සඳහා කොමිසමට බලතල ලැබී තිබෙන බවද ඔහු සඳහන් කළේය.
වත්කම් බැරකම් ප්‍රකාශ බාර දීමෙන් පසුව අලුතින් යම් දේපළක් ඇතුළු වුවහොත් හෝ යම් දේපළක් තමා සන්තකයෙන් තිබී ඉවත් වුවහොත් ඒ සම්බන්ධයෙන්ද දැනුම් දියයුතු බව අධ්‍යක්ෂ ජනරාල්වරයා කීවේය.










