මේ වනවිට රටේ තැන් තැන්වල ජනතාව උද්ඝෝෂණ කිරීමට පටන් ගෙන ඇති බවත්, මේ අයුරින් උද්ඝෝෂණ සිදුකරද්දී රටක් ගෙන යා නොහැකි බවත්, ජනාධිපතිවරයාගෙන් මෙවැනි දියාරු පාලනයක් බලාපොරොත්තු නොවුණු බවත් ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ පැවසූහ.
මාධ්‍ය හමුවක් කැඳවමින් උන්වහන්සේ කියා සිටියේ දුම්රිය, රෝහල් වර්ජනය කිරීමට ඉඩ දිය නොහැකි බවත්, ඒ සදහා දැඩි ක්‍රියාමාර්ග ගත යුතු බවත්ය.
ජනතාව විධායක බලතල සහ තුනෙන් දෙකක පාර්ලිමේන්තු බලයක් දුන්නේ ඒ සදහා බවත් උන්වහන්සේ කීහ.