ඉදිරියේදී ලුණු හිඟයක් ඇතිවීම වැළැක්වීමට ලුණු මෙට්‍රික් ටොන් 20,000ක් පමණ ආනයනය කිරීමට ලුණු සමාගම් රජයෙන් අනුමැතිය ඉල්ලා ඇති බවට පුවතක් වාර්තා වෙනවා.Sri Lanka Latest News
ලුණු හිඟවීමේ අවදානමක් පවතින බැවින් මෙම ඉල්ලීම කර ඇති බවයි වාර්තා වෙන්නේ.
ලුණු සමාගම් සඳහන් කර ඇත්තේ මෙලෙස ලුණු හිඟයක් ඇතිවීමට හේතු වී ඇත්තේ, පසුගිය දිනවල පැවති අයහපත් කාලගුණ තත්ත්වය බවයි.
වැස්සෙන් හා ජල ගැල්මෙන් දේශීය ලුණු නිෂ්පාදනය හරි අඩකින් පමණ අඩු වූ බව එම සමාගම්වලින් කළ විමසුමකදී අනාවරණය වී තිබෙනවා.
මව්බිම










