නැවත වතාවක් රටේ තැන්තැන්වල ආයුධ, බෝම්බ සහ එල්.ටී.ටී.ඊ ජාලයන් මතුවන බවත්, මෙම සිදුවීම් හරහා පළාත් සභා මැතිවරණය පැවැත්වීමේ ලකුණු පහළවෙමින් ඇති බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර මහතා සදහන් කර සිටියේය.
ඒ මහතා පෙන්වා දුන්නේ ජනතාව ආණ්ඩුවේ මේ විහිළුවලට මේ දිනවල සමාජ මාධ්‍යවල හොද පිළිතුරු සපයමින් සිටින බවය.
එමෙන්ම ආණ්ඩුව ප්‍රාදේශීය දේශපාලඥයන්ට මිලියන ගණනින් මුදල් ලබා දීමටත්, ජනතාවට විවිධ ආධාර දීමට පටන් ගෙන ඇති බවත් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.