• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඉන්දීය බිත්තර ගැන ජවිපෙ නලින්ද ජයතිස්ස කියපු කතාව ඇත්තද? සමාජ මාධ්‍ය නලින්දට වට කරගෙන ගහයි! I Sri Lanka Latest News

August 27, 2023
in Exclusive
Reading Time: 9 mins read
A A
ඉන්දීය බිත්තර ගැන ජවිපෙ නලින්ද ජයතිස්ස කියපු කතාව ඇත්තද? සමාජ මාධ්‍ය නලින්දට වට කරගෙන ගහයි! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

පසුගිය වකවාණුවේදී, මෙරට බිත්තර හිඟයක් ඇති වීම හේතුවෙන් බිත්තර මිල සැලකිය යුතු ලෙස ඉහළ යාමක් පෙන්නුම් කළා. මීට පිළියමක් ලෙස ඉන්දියාවෙන් බිත්තර ආනයනය කිරීමට ද රජය පියවර ගනු ලැබුවා. මෙම ඉන්දියාවෙන් ආනයනය කරන ලද බිත්තර පිළිබඳ සමාජයේ ද කතිකාවතක් නිර්මාණය වී තිබු පසුබිමක, එම බිත්තර පරිභෝජනය කිරීම නිසා හෘද රෝග ගැටලු මතුවන බවට ජාතික ජන බලවේගයේ  නලින්ද ජයතිස්ස විසින් ප්‍රකාශයක් කළ බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ සටහනක නිරවද්‍යතාව සොයා අප සිදු කළ විමර්ශනය පහතින්.Sri Lanka Latest News

සමාජ මාධ්‍ය සටහන් :

“ඉන්දීය බිත්තර පරිභෝජනය නිසා හෘද රෝග ඉහළයාමේ ප්‍රවණතාවයක් තිබෙනවා” යනුවෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස පැවසූ බවට සටහනක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී තිබුණා.

එමෙන්ම අදාළ Newsfirst නිල ෆේස්බුක් පිටුවේ පළ වූ පුවතක් ලෙස දක්වා තිබුණේ මෙලෙසින්.

Facebook | Archived Link

එම සටහන් සමාජ මාධ්‍ය ඔස්සේ බහුලව සංසරණය වී තිබුණේ මෙලෙසින්.

මෙහි නිරවද්‍යතාව විමසමින් අප වෙත ලැබුණු ඉල්ලීම් කිහිපයක් ද, මුල් කරගනිමින් මේ පිළිබඳ විමසා බැලීමට අප පියවර ගත්තේ මෙලෙසින්.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම):

ඉන්දීය බිත්තර පරිභෝජනය සම්බන්ධයෙන් ජාතික ජන බලවේගයේ නලින්ද ජයතිස්ස මහතා විසින් මෙවන් ප්‍රකාශයක් කිරීමක් පිළිබඳව ප්‍රධාන මාධ්‍ය ධාරා වාර්තා කර තිබේද යන්න අප ප්‍රථමයෙන් පරීක්ෂාවක් සිදු කළා. නමුත් එලෙසින් පුවතක් වාර්තා වී තිබුනේ නැහැ.

එමෙන් ම, ඉහත සමාජ මාධ්‍ය සටහන් වල පෙන්වා තිබූ පරිදි ‘සිරස නිව්ස්ෆස්ට්’ ෆේස්බුක් පිටුවේ ද, එවැනි පුවතක් වාර්තා නොවී තිබුණු බව ට අපට විමර්ශනය විය. එමෙන් ම අප ඒ පිළිබඳව නිව්ස්ෆස්ට් ඩිජිටල් අංශය හරහා ද, තහුවරු කර ගන්නා ලදී.

වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ නිල ෆේස්බුක් පිටුව හරහාද , අප මෙම සටහන් සම්බන්ධයෙන් පරීක්ෂාවක් කළ අතර ඉහත සමාජ මාධ්‍ය සටහන් සඳහා යොදා ගෙන තිබූ ඡායාරූපය පසුගිය අගොස්තු 21 වන දා එම පිටුවේ පළ වී තිබූ ‘අදිටන’ විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමූහිකයේ කළුතර ආසන හමුවේ ඡායාරූපයක් බව දැක ගන්නට ලැබුණා.

Facebook | Archived Link

එසේම අගෝස්තු 21 දින කළුතර ආසන හමුවේ දී නලින්ද ජයතිස්ස මහතා සිදුකළ කතාව පිළිබඳ මාධ්‍ය වාර්තා කර තිබු වීඩියෝ පරික්ෂා කිරීමට ද අප උත්සුක වුණා. එහිදී ඉන්දීය බුද්ධි අංශ කළ අනාවරණයක් සම්බන්ධයෙන් නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රකාශයක් ඉස්මතු කර තිබුණ ද ඉන්දියානු බිත්තර සම්බන්ධයෙන් කිසිදු සඳහනක් කරන බවක් අපට දැක ගන්නට ලැබුණේ නැහැ.

මෙම අවස්ථාවේ සම්පුර්ණ වීඩියෝව පරික්ෂා කිරීමට සහ වැඩිදුර විස්තර විමසීමට අප වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා දුරකතන මාර්ගයෙන් සම්බන්ධ කර ගත්තා. ඔහු සඳහන් කළේ, තමන් ඉන්දියානු බිත්තර සම්බන්ධයෙන් කිසිදු ප්‍රකාශයක් සිදු නොකළ බවයි.

එමෙන් ම අපෙගේ ඉල්ලීම පරිදි එම හමුවේ සම්පූර්ණ කතාව අප වෙත යොමු කරනු ලැබුවා. විනාඩි 20ක පමණ කාලයක් දිවෙන, අගෝස්තු 21 දින කළුතර ආසන හමුවේ දී නලින්ද ජයතිස්ස මහතාගේ කතාව සම්පුර්ණයෙන්ම පරික්ෂා කළ අතර එහිදී ද ඉන්දියානු බිත්තර සම්බන්ධයෙන් කිසිදු ප්‍රකාශයක් සඳහන් කර නොතිබූ බව දැක ගන්නට ලැබුණා.

ඉන්දියාවෙන් ආනයන කළ බිත්තර සම්බන්ධයෙන් පුවත් වාර්තා

ඉන්දියාවෙන් ආනයනය කර තිබෙන බිත්තර පරිභෝජනය සඳහා සුදුසු බව සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලැබී ඇති බැවින් ඒවා පරිභෝජනය කිරීමට බිය නොවන ලෙස තමා මෙරට ජනතාවගෙන් ඉල්ලා සිටින බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති ආසිරි වලිසුන්දර සඳහන් කර තිබුණා.

එසේම මෙසේ ඉන්දියාවෙන් ආනයන කරන බිත්තර ලංකාව තුළ බෙදාහරින්න ලෙස රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථාව කටයුතු කරන බැවින් ඔවුන්ගේ උපදෙස් පත්‍රිකාවේ සඳහන් වන පරිදි යම් පුද්ගලයෙකු ශීතකරණයක ගබඩා නොකොට දින 4 කට වැඩි කාල සීමාවක් තබන්නේ නම් එය නීතිමය වශයනේ වරදක් බවත් එසේම කල් ඉකුත්වීමේ දිනය මකා වැනි මිනිස් පරිභෝජනයට නුසුදුසු බිත්තර අලෙවි කිරීමට කටයුතු කරන පිරිස් සම්බන්ධයෙන් නීතිමය පියවර දැනටමත් ගෙන ඇති බවත් ඇතුළුව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති දැක්වූ අදහස් මෙතනින්

Conclusion (අවසාන නිගමනය) :

අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, “ඉන්දීය බිත්තර පරිභෝජනය නිසා හෘද රෝග ඉහළයාමේ ප්‍රවණතාවයක් තිබෙනවා” යනුවෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස පැවසූ බවට සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ සටහන් අසත්‍ය බවයි. ඔහු විසින් එවැනි ප්‍රකාශයක් සිදු කර නොමැති බව ට අප කළ විමර්ශනයේදී තහවුරු වුණා.

SendShareShare
Previous Post

EPF-ETF කොල්ලයට එරෙහිව 28දා කොටුවේදී තියන දැවැන්ත වෘත්තීය සමිති අරගලයට නීතීඥ ප්‍රජාවත් එක්වෙන්න තීන්දු කරයි! VIDEO I Sri Lanka Latest News

Next Post

‘ෂී යැන් 6’ ලංකාවට ආවට පස්සේ දෙසැම්බර්-ජනවාරි තවත් චීන නැවක් ලංකාවට එන්න ලෑස්තියි! I Sri Lanka Latest News

MORE NEWS

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

මහනුවරට ආවාම අස්ගිරි-මල්වතු මහනාහිමිවරුන් සජිත්ට මොනවද කිව්වේ? මල්වතු මහානාහිමියන් සජිත්ට බුද්ධ ප්‍රතිමාවක් තෑගි දුන්නේ ඇයි? PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

ශාසන පරිහානිය ගැන මහා සංඝරත්නයෙන් ඉදිරිපත් වූ ඉල්ලීම් මත මහා සඟ සමුළුවක් පැවැත්වීමට විපක්ෂනායක සජිත් මූලිකත්වය ගනී! ත්‍රෛනිකායික මහනාහිමිවරුන් හමුවීමටත් නියමිතයි! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

මුහුදු තීරයේ ජාවාරම්වලට හවුල් වෙලා? කල්පිටිය OIC විතරක් ඉතුරු කරලා මුලු පොලිසියම මාරු කරයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුව ඇතුළේ මුළු විපක්ෂයම එකතු කරන් සටනක් දෙන විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවෙන් එළියේ සටනටත් ලෑස්ති වෙයි! ආණ්ඩුවේ ඒකාධිපති පාලනයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය-මිනිස් අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට නව සිවිල් සමාජ ව්‍යාපාරයක් ආරම්භ කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

සරණගේ නඩු 4ක් අද කැඳවයි! වැරැද්ද පිළිගෙන නඩුව කෙටියෙන් අවසන් කරගන්න කලින් කරපු දැනුම් දීම අයින් කරගන්නා බව උසාවියට කියයි! Sri Lanka Latest News
Exclusive

සරණට කිසිම පිළිසරණක් නෑ! නඩු 4ට බරපතළ වැඩ සහිතව අවුරුදු 16ක් හිරේ..! දඩය ලක්ෂ 18යි! I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

මෙන්න අලුත්ම වාර්තාව එළියට ආවා..! මාලිමා ආණ්ඩුව සාමාන්‍ය මිනිස්සුන්ට අවශ්‍ය කෑම-බෙහෙත්-අධ්‍යාපන උපකරණ-වාහනවලට කෝටි ගණන් බදු ගහනවා! හැබැයි සිගරට් සමාගම්වලට බිලියන 17.3ක බදු සහනයක් දීලා! I Sri Lanka Latest News

Load More
සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

හිටපු බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පිටකොටුවේ පැවැත්වෙන සාමකාමී සත්‍යග්‍රහය අසලට අද පැමිණි එක්තරා පුද්ගලයකු ආවේගශීලීව හැසිරුණේ මෙසේය.Sri Lanka...

Read more
මහනුවරට ආවාම අස්ගිරි-මල්වතු මහනාහිමිවරුන් සජිත්ට මොනවද කිව්වේ? මල්වතු මහානාහිමියන් සජිත්ට බුද්ධ ප්‍රතිමාවක් තෑගි දුන්නේ ඇයි? PHOTOS & VIDEO I Sri Lanka Latest News

ශාසන පරිහානිය ගැන මහා සංඝරත්නයෙන් ඉදිරිපත් වූ ඉල්ලීම් මත මහා සඟ සමුළුවක් පැවැත්වීමට විපක්ෂනායක සජිත් මූලිකත්වය ගනී! ත්‍රෛනිකායික මහනාහිමිවරුන් හමුවීමටත් නියමිතයි! I Sri Lanka Latest News

පීටර්සන් සොලියුෂන්ස් ශ්‍රී ලංකා සමාගම සිය නව ප්‍රධාන කාර්යාලය කොළඹ ඔරියන් සිටි හිදී විවෘත කරමින් වර්ධනයේ සහ නව්‍යකරණයේ නව පරිච්ඡේදයක් ආරම්භ කරයි! Sri Lanka Latest News

පීටර්සන් සොලියුෂන්ස් ශ්‍රී ලංකා සමාගම සිය නව ප්‍රධාන කාර්යාලය කොළඹ ඔරියන් සිටි හිදී විවෘත කරමින් වර්ධනයේ සහ නව්‍යකරණයේ නව පරිච්ඡේදයක් ආරම්භ කරයි! Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News

මුහුදු තීරයේ ජාවාරම්වලට හවුල් වෙලා? කල්පිටිය OIC විතරක් ඉතුරු කරලා මුලු පොලිසියම මාරු කරයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුව ඇතුළේ මුළු විපක්ෂයම එකතු කරන් සටනක් දෙන විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවෙන් එළියේ සටනටත් ලෑස්ති වෙයි! ආණ්ඩුවේ ඒකාධිපති පාලනයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය-මිනිස් අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට නව සිවිල් සමාජ ව්‍යාපාරයක් ආරම්භ කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

පාර්ලිමේන්තුව ඇතුළේ මුළු විපක්ෂයම එකතු කරන් සටනක් දෙන විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවෙන් එළියේ සටනටත් ලෑස්ති වෙයි! ආණ්ඩුවේ ඒකාධිපති පාලනයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය-මිනිස් අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට නව සිවිල් සමාජ ව්‍යාපාරයක් ආරම්භ කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.